Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

තරුණ දිනය දා බයිසිකල් පදින්නයි ඇවිදින්නයි කොළඹට මහ සෙනඟක්

ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් SDG Youth Network of Sri Lanka (SDGYNSL) මඟින් සංවිධානය කළ පාපැදි සවාරිය සහ පා ගමන පසුගිය 14 වැනි දින (2019 අගෝස්තු 14 දින) විහාර මහා දේවී උද්‍යානය අභියසින් ආරම්භ විය.

වාහන භාවිතය හේතුවෙන් දිනෙන් දිනම සිදුවන දැඩි වායුගෝලීය දූෂණය පිළිබඳව තරුණ ප්‍රජාවගේ අවදානය යොමු කිරීමත් තිරසර සංවර්ධනයක් කරා යන ගමනේ දී පාරිසරික වටිනාකම් රැකගෙන ඉදිරියට යෑමේ අත්‍යවශ්‍යතාව තරුණ ප්‍රජාවට දැනුවත් කිරීමත් අරමුණු කරගනිමින් පැවති මෙම පාපැදි සවාරිය විශේෂයෙන් නීරෝගී තරුණ ප්‍රජාවක් යහපත් හෙට දවසක් යන්න තේමාව විය. ඒ් සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.

දෙස් විදෙස් තරුණ තරුණියන්,වැඩිහිටියන් සේම ළමයින්ගේ සහභාගීත්වයෙන් පැවති මේ සුවිශේෂී වැඩසටහනේ මාධ්‍ය අනුග්‍රාහක දායකත්වය https://thewoman.lk වෙබ් අඩවිය විසින් දරන ලදි.

එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථාවන් කිහිපයකි මේ…

Popular Articles