මට මගේ අම්මා ගැන මතකයක් නෑ. තාත්තගෙන් ඇහුවට කවදාවත් මට උත්තරයක් දුන්නෙත් නෑ. මට අම්මාව දකින්න තිබුණ එකම විදිය තාත්තා ළඟ තිබුණ පුංචිම පුංචි photo එක විතරයි.තවත් දෙයක් තිබුණා. ඒ මගේ කරට දාලා තිබුණ මාලේ.

මට ලස්සනට නටන්නයි සිංදු කියන්නයි පුළුවන්. තාත්තා නම් කිව්වේ ඒ අම්මා නිසා කියලා. අම්මට වගේ ලස්සන ඇස් දෙකක් නම් මට නෑ. ඒත් තාත්තා නම් කියන්නේ මම අම්මා වගේමයි කියලා.

මම ඒක විශ්වාස කරන්න කැමති නෑ. මට අම්මා වගේ නම් ලස්සන වෙන්න බෑ. මට තියෙන්නේ තාත්තට වගේ කැරළි ගැහුණු කොණ්ඩයක්. ඒත් මට ඕනේ අම්මගේ වගේ සිනිඳු කඩා හැලෙන කොණ්ඩයක්. මට හොඳටම විශ්වාසයි තාත්තා අම්මට හුඟක් ආදරේ වෙන්න ඇති ඉස්සරෝම දැකපු දවසේ. මොකද අම්මා හිනවෙනකොට එයාගේ dimples එනවා. ඒක හරි ලස්සන හිනාවක්. අම්මගේ photo එක මුළු දවස තිස්සෙම බලලා මට ඒ photo එකේ හැම දශමයක්ම කට පාඩම්.

අනේ… මට අමතක වුණානේ මගේ නම කියන්න. ඕක ඉතින් මට හැමදාම වෙන දේ. අම්මා ගැන කියන්න ගියාම අනික් හැමදේම මට අමතක වෙනවනේ. මම මේනු.

මගේ තාත්තා ටිකක් විතර පෝසත්. ඒ තාත්තගේ අම්මා එහෙමත් නැත්තන් මගේ ලොකු ආච්චි නිසා. එයාලට පරම්පරාගත ඉඩම් තියෙනවලු. මම නම් දැකලා තියෙන්නේ ගේ පිටිපස්සේ තියෙන පොල් වත්ත විතරයි. මගේ තාත්තා මිනින්දෝරුවෙක්. එයාලට කියන නමක් තමයි “කූඩැල්ලා”. මැන මැන යන එකනේ කරන්නේ.

කොහේ හරි කැළෑවක් හොයාගෙන මදුරුවෝ තල තල මනින රස්සාව නම් මට පේන්න බෑ. ඒත් තාත්තා නම් බැහැලා වැඩ කරන්නේ. කොච්චර වැඩද කිව්වොත් සමහර දවස් වලට එයා ගෙදර එන්නේ ගාසා තීරේ යුද්ධෙට ගිහින් එනවා වගේ. මූණ අත පය හූරගෙන ඇඳුම් ඉරාගෙන. අපේ තාත්තා මනිනවා කියලා හැමදාම කටු පඳුරු අස්සේ රිංගගෙන මොනවා කරනවද මංදා.

“මහත්තයා හැමදාම කටු පඳුරු අස්සේ රිංගලා ඇඳුම් ඉරාගන්නවා. කොච්චර මැහුවත් වැඩක් නෑ නෝනා…” යසෝමා හැමදාම එයාගේ සුපුරුදු CD එක play කරනවා.

“එයා ඉතින් ඒ කාලේ ඉඳන්ම පඹගාල් වල පැටලෙන්න දක්ෂයිනේ…” ලොකු ආච්චි තාත්තට චරිත සහතික දෙනකොට තාත්තා කාමරේට යන්නේ ඉබ්බා කටුව අස්සට රිංගනවා වගේ. ආයේ ඉතින් එළියට එන්නේ හීන හතක් දැකලා.

“මේනු…අන්න ඔයාගේ English sir ඇවිල්ලා. යන්න class එකට…” ලොකු ආච්චි කෑගහන විදියට වහලෙත් ගැලවෙනවා.

හොඳ වෙලාවට සීයා දුර දිග හිතලා වහලෙට තහඩු… ආ….නෑ… නෑ.. ෂීට් දැම්මේ. බැරිවෙලාවත් උළු එහෙම දාලා තිබුණානම් වෙන විනාසේ මට හිතාගන්න බෑ.

English sir…. එයා ගැන නම් මොන කතාද? එයත් නිකන් English Literature පොතක් වගේ. දැක්කම බඩ රිදෙනවා. එයාගේ වයස නම් හැටත් පැනලා. හැබැයි එයා හිතන් ඉන්නේ තාම විස්සක්වත් නෑ කියලා. බඩ මැද්දට් කලිසම ඇඳලා, මල් මල් ෂර්ට් එකක් ඇඳලා සුවඳ ගහන්න හඳුන්කූරු ගහගෙන එනකොට මට හිතෙන්නෙම වළක් හාරගෙන පැනලා මැරෙන්න.

“Hai darling…sit baby. How are you doing today?…”

“වෙනදා වගේම තමා කරන්නේ. වෙනසක් නෑ ” කියන්න කටත් හදලා මම කට වහගත්තා.

එයා පුරුදු විදියට Literature පොත දිග ඇරගත්තා. මට හිතාගන්න බැරි ඇයි මම මේ කෙහෙල්මල ඉගෙන ගන්නේ කියලා. එක Literature පොතක් මම කියවලා නෑ. සර් කියවනවා. මම එයාගේ මූණ දිහා බලන් හිටියා.

එහෙන් මෙහෙන් ඉදුණු කෙස් ගස් පේනවා. මේ සැරේ ඩයි එක හරියට වැදිලා නෑ. ඒත් බුරුසු රැවුල නම් ගාණට ඩයි කරලා. නහය උඩ තියෙන කණ්නාඩිය වැටෙන්නයි යන්නේ තව ටිකකින්. සර් නිදිනේ. කණ්නාඩිය වැටෙද්දිම එයා නැඟිටිනවා. ඔළුව දෙපැත්තට හොලවලා දිරලා ගියපු දත පෙන්නලා හිනාවෙනකොට මගේ ඔළුව පිපිරෙන්න වගේ. ඇයි ඉතිං හිතේ හැටියට හිනාවෙන්න කියලයැ.

“Yes, darling what is the last point..?” එයා last point එකක් ගැන අහනවා. මම එයාගේ දිරපු දත් ගණන් කළා මිසක් එයා කිව්ව ඒවා අහන් හිටියේ නෑනේ.

මරු ගුරයි ගෝලයයි.

“You told about Charles Dickens..” මම දන්න එකම මනුස්සයා ඒ. මම චාර්ල්ස් ඩිකන්ස් ගැන කිව්වේ කීවෙනි සැරේටද කියලවත් මට මතක නෑ.

“Yes..Yes.. he was a great writer. Try to write something…you can be like him…” සර් මඟුලක් කතා කරනවා. චාර්ල්ස් ඩිකන්ස් තියා එයාගේ ළඟකින්වත් මම ලියන ඒවා තියන්න බෑ. ඒ තරම් සුපිරි ගණයේ රචනාවන් මගේ තියෙන්නේ.

ටිකක් වෙලා යද්දි එයා ආයෙත් නිදි. කණ්නාඩිය වැටෙනකොට එයා නැඟිටිනවා. නැඟිටලා ආයෙත් last point එක ගැන අහනවා. මම ආයෙත් බොරුවක් කියනවා. එයා ඒක ගැන කිය කිය නිදාගන්නවා. පැයක් තිස්සේම ඕක ඔහොම තමයි. කිසිම වෙනසක් නෑ.

“OK, darling. See you next week. Study well…” එයා අවුරුද්දක් තිස්සේ ඔය දේශනාව දුන්නත් තාම එකම කවියක් තියා පද පේලියක්වත් මම ලියලත් නෑ. ලියන්න තුන් හිතකවත් නෑ.

පැය ඉවරවෙලා රුපියල් දාහක් අතට දෙනකොට නම් එයාගේ කටේ දරපු දත් ඔක්කොම මම ගණන් කරනවා. එයා ගියාම දැනෙන නිදහස ගැන නම් කවි ලියන්න පුළුවන් ටොන් ගාණක්.
මේක නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ තාත්තට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැනේ.

“හරි මට කියන්න ඇයි ඔයාට literature ඉගෙන ගන්න බැරි..?” තාත්තා අහනවා.

“මම සර්ට කැමති නෑ. එයාගේ වයස වැඩියි.අනික එයාගේ ඉස්සරහ දත දිරලා. කොයි වෙලාවක හරි බොන තේ කෝප්පෙක තියෙයි දත..” මම කියද්දි තාත්තා හිනාවෙනවා.

“ඔයා මොනවටද කැමති..??” තාත්තා ඇහුවා.

“ම්… ඒක නම් මම තාම දන්නේ නෑ තාත්තේ…”

“හරි එහෙනම් ඔයා කැමති දෙයක් බලලා මට කියන්නකෝ” තාත්තා මගේ ඔළුව ඉඹින ගමන් කිව්වා.

හරි ලේසියෙන් ගොඩයන්න පුළුවන් දෙයක් හොයාගන්න ඕනේ.

– නදිශානි බණ්ඩාර

අත්වැල ගිලිහී – 01 කොටස

කුට්ටනය ( Trafficking ) – දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය

මුදල් හෝ වෙනත් දෙයක් සඳහා පහත සඳහන් ඕනෑම ක්‍රියාවක් හෝ ක්‍රියා සිදු කරන අයෙක් කුට්ටනය කිරීමේ වරදට වරදකරු වන අතර අවුරුදු 10 දක්වා...

කාය වර්ධන ශූරිය නැවතත් කරලියට

රුසියානු ජාතික 26 හැවිරිදි නතාලියා කස්නේට්යෝවා මාස 18ක නිහැඬියාවකින් පසුව නැවත ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙනවා. මීට මාස 18කට ප්‍රථම ක්‍රීඩාවෙන් සමුගන්න බව කියා සිටියත්...

Google Pixel 2XL

ජංගම දුරකථන ලොවට හඳුන්වාදුන් හොඳම android ජංගම දුරකතනයක් තමයි මේ. මෙහි ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8ක්. අඟල් 6ක ඩිස්ප්ලේ එකක් සහ ග්‍රෑම් 175ක් බර...

හිස කෙස් රැකගන්න මේ විදිහට කරලා බලන්න

අද බොහෝ යුවතියන් අතර තියෙන ගැටළුවක් තමයි වියලි හිසකෙස් එහෙමත් නැත්නම් ඉක්මනින් කැඩී යන හිස කෙස්. ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ අපි කරන සමහර...

සුළං කපොල්ලෙන් පුංචි ලෝකාන්තයට 

ශ්‍රී ලංකාව ලොව ප්‍රකට සොඳුරු රටවල් අතර පෙරමුණේ තිබෙන රටකි. දේශගුණික, කාලගුණික, වෙනස්කම් වලින් සමන්විත සොබාදහමේ අපුරු දසුන් ඇති සොඳුරු පාරාදීසයකි. ලොව වටා සංචාරකයන්...

කෙස්කළඹ සමග අත්හදා බැලීම් කිරීමට දිරිගන්වන Sunsilk Hairstory 2018

වර්තමාන ලෝකය තුළ ගැහැණු ළමයින්ගේ භූමිකාව සාම්ප්‍රදායික සිමා මායිම් වලින් ඔබ්බට විහිදී පවතින බව රහසක් නොවේ. එමෙන්ම ඔවුන්ගේ භූමිකාව එකම චරිතයකට සිමා වන්නේ නැත....

මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 - 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි...

Facebook , WhatsApp, Viber තහනම තවදුරටත්

පසුගියදා මහනුවර දිස්ත්‍රිකයේ ඇති වූ කලහකාරී තත්වය නිසා facebook, WhatsApp, Viber මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම් කරන ලදී. මෙම සමාජ ජාලා මාධ්‍යන් හා මෘදුකාංග තහනම...