හෙට දිනයේ කුලගෙයට පිවිසෙන්න වරම් ලබන දෝණිට

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ , සුවාසූ දහසක් ධර්මස්කන්ධය අපගේ එදිනෙදා ජිවිතයට බොහෝ දුරට ගලපා ගත හැකි බව මනවින් පසක් කරන සුත්‍ර ධර්මයක් ආශ්‍රයෙන් කරුණු ඉදිරිර්පත් කිරිම මෙම ලිපියේ අරමුණයි . අද ලිපියට පාදක වන්නේ අංගුත්තර නිකායට අදාල වන “උග්ගහ” සුත්‍රයයි. මෙයට අවුරුදු 2600කට ප්‍රතන දේශනා කරන ලද්දක් උවද , ඇති නවීන තාක්ෂණයෙන් දැනුම ලබා ගන්නා වර්තමානයේ ජිවත්වන අපටද එහි ඇති කරුණු එක සේ වැදගත් වේ. අද සමාජයේ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අඹු – සැමි සබඳතා ලිහිල් වීමට මග අහුරගන්නා ආකාරය මෙම සුත්‍රය මැදින් පැහැදිලි කර ඇත. විශාශයෙන් නුදුරු දිනයකදී පති කුලයට පිවිසීමට සුදානම් වන අපගේ තරුණ දියණියන්ට මෙම කරුණු සුවිශේෂී වැදගත්කමක් දරනු ඇත.

සැමට පෙර අවදි වන්න
මෙය  බෙහෙවින් අගය කල යුතු මෙන්ම නිතිපතා පිළිපැදිය යුතු කරුණකි. යම් හෙයකින් නිවසේ ස්වාමි දියණිය නින්දට ඇලුම් කරමින් අවදි වීමට ප්‍රමාද වන්නේ නම් , දවස උදා වන්නේ ප්‍රසන්න ලෙස නොවේ. උදාසනක නිවසේ ඇති කුදූ මහත් කටයුතු සියන්න කණපිට පෙරලේ.සැමියාට කාර්යාලයට යාමට ප්‍රමාද වේ. දරුවන්ට පාසැලට යාමට ප්‍රමාද වේ. ස්වාමි දියණියද රැකියාවකට යන්නේ නම් තත්වය තවත් බරපතල වේ. නිවසේ මෙහෙකාරියක් සිටියත් නිසි සොයා බැලීමක් නොමැති කමින් එම කටයුතුද නිසි පරිදි ඉටු නොවේ. පෙර කල සිටම අපේ බොදු මෑණි වරු මෙම පිළිවෙත සපිරූ බැවින් නිවෙස් තුල “උදෑසන ගාලගෝට්ටි” ඇති නොවිය.

ඔහුට පසුව නින්දට යන්න
උපන්දා සිට ජිවත් වූ නිවාස අත හැර දිවිය ගත කිරීම සඳහා ඔබ පිවිසෙන්නේ වෙනත් නිවසනකටයි. එහි ඔබේ දෙමපියන් නොමැත . සොයුරු සොයුරියන් නොමැත.එහෙත් ඔබ වෙත පැවරෙන කාර්ය භාරයේ අඩුවක්ද නොමැත. එම නිසා ඔබ දෙමාපියන් ඇසුරේදී මෙන් වේලාසනින් නින්දට යාමට ඔබ උත්සහ නොකළ යුතුය. දවසේ කටයුතු නිමවන තෙක් අවදිව සිටින්න. දොර ජනෙල් වසා ඇත්ද? මුළුතැන්ගෙයි කටයුතු අවසාන වී ඇත්ද?යන දේවල් පිළිබද සොයා බලන්න.මෙවැනි දේ කිරීමට සිදුවීම පිළිබද කිසිවිටකත් සැමියා හෝ දරුවන් සමග කෝප නොවන්න. මන්ද? දැන් මෙය ඔබේ නිවහන බැවිනි.

අසා විමසා කටයුතු කරන්න.
නිවසේ සියලු කටයුතු වලදී සැමියා සමග සාකච්චා කරන්න. කාරණය කෙතරම් සුළු දෙයක් උවත් ඒ පිලිබදව ඔහු දැනුවත් කරන්න. බරපතල කරුණක් යෙදුන විට සුහදව කතා කොට එකගතාවයකට පැමිණෙන්න. ගැටළු සහගත තත්වයලදී වැඩිහිටියන් සමඟ කතා කරන්න .

මන වඩන ලෙස හැසිරෙන්න
ඔබේ හැසිරීම සැමියා ඔබ වෙත ලං වීමට හෝ දිනෙන් දින ඈත් වීමට හේතු වන බව වටහා ගන්න. සැමියා ප්‍රිය කරන ආකාරයේ ඇදුම් හුරුවන්න. අවස්ථාවට උචිත අන්දමින් සැරසෙන්න. වෙහෙස වී පැමිණෙන සැමියා ප්‍රියමනාපව පිළිගන්න. රසවත් අහාර ඔබේ පවුල වෙනුවෙන් පිළියෙළ කරන්න.

මුදු මොලොක් වචනම භාවිත කරන්න.
කිසි විටකත් රළු පරළු වචන භාවිත නොකරන්න. සැමියාටත් අන් අයටත් මුදු මොලොක් වචන වලින් කතා කරන්න. ලෙන්ගතුකම වැඩි වෙන අන්දමින් වචන හසුරුවන්න.

මෙසේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ “උග්ගහ සුත්‍රය” විවාහ අපේක්ෂිත තරුණියන්ට පමණක් නොව විවාහක කාන්තාවන්ටද තම ජීවිතය හැඩ ගස්වා ගන්නට මහඟු අත්වැලක් සපයයි.

අදහස
ස්වර්ණා කාන්ති දිසානායක
(ශාස්ත්‍රවේදී ගෞරව – පේරාදෙණිය)

නිවස ජයගන්න දෝණි 1

දරුවාගේ යෞවනය සකස් කිරීමේ වගකීම ඔබටයි

මේ කථාව එක් අතකින් සමාජ ව්‍යසනයක්. තවත් පැත්තකින් පවුලේ ඛේදවාචකයක්. අපේ රටේ සිදුවන්නේ සමාජ විපර්යාසයක් කියලා ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ප්‍රශ්ණය මුලින්ම...

විශාදය වැඩිපුර හැදෙන්නේ කාටද

පුද්ගලයෙකුගේ යහ පැවැත්මට ඒ පුද්ගලයාගේ මානසික සෞඛය ගොඩාක් වැදගත් වෙනවා. විශාදය කියන්නේ අද සුලබව දකින තියන මානසික තත්වයක්. එය පුද්ගලයකුගේ යහපත් මානසික සෞඛ්‍යයට බාධාවක්....

තමාගේ අඩු පාඩු නැත්නම් හිනාවෙන්න

මේ වචන තුන කාසියක දෙපැත්ත සහ කාසියේ දාරය වගේ. ඇත්තටම මොකක්ද මේ වචන තුනේ සැබෑම අර්ථය. ඔය වචන ඇහෙනකොට අපේ ඔළුවට එන රූප කීයපයක්...

සුරත් සුවය

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා...

අසල් වැසියන් එක්ක මිත්‍රකම් බලාගෙනයි

අපි පවුලක් විදිහට සමාජයට මුහුණ දෙනකොට විවිධ සම්බන්ධතා ගොඩ නගා ගන්න වෙනවා. අපිට මුහුණ දෙන්න වෙන අභියෝග ජය ගත හැකිවන්නේ හැක්කේ ඒ වගේ සමාජ...

ජීවිතේ තිත්ත වෙලා තියන ඔයාටයි මේ

ප්‍රශ්න කරදර වැඩි වෙනකොට, දරාගැනීමේ සියලු සීමාවන් ඉක්මවා යනකොට, ආත්ම ශක්තිය බිංදුවට ම වැටෙනකොට මට වගේ ම ඔයාටත් එක ම එක වතාවක් හරි හිතිලා...

රෙක්සාගෙන් අලුත් වැඩක්

දැනට ලොව සිටින හොඳම ගායන තරු අතර බේබි රෙක්සා ඉදිරියෙන්ම සිටිනවා. ඇයගේ ඩාන්ස් ගීතයෙන් පසුව මෙන්ට් ටු බි ගීතය නැවතත් දර්ශක අතර හිනිපෙත්තට ඇය...

චාරිකා – 10 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය කාන්තාව

ශ්‍රී ලංකාවේ (sri lanka) ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය ව්‍යාපාරික (business) කාන්තාවක් (woman) ගැනයි අද මේ ලිපිය වෙන් වන්නේ. ඇය නමින් අයෝමා...