Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

අපේ සතුටු පවුල

මේ ලිපිය පවුලේ සතුට වෙනුවෙන් යමක් කරන්න සිතන තාත්තා , අම්මා, දුව, පුතා ඇතුළු ඔබේ පවුලේ සැවොම වෙනුවෙන්….

අපේ පවුල තුල සතුටින් ගත කරන අවස්ථා තවත් වැඩි කරගන්න පුලුවන් නම් පවුලේ සංවර්ධනයට එය ඉතාම වැදගත් .

පවුලේ තුල ගැහැණු පිරිමි කියල වැඩ බෙදාගෙන ඉන්නේ නැතුව පුළුවන් හැම වෙලේම එකිනෙකට , විශේෂෙන්ම ගෙදර වැඩ ගොඩක් කරන අම්මට උදවු කරනවා නම් ඒක අම්මගේ සතුට වගේම අපේ සතුටත් වැඩි කරනවා.

ඒ වගේම තමයි එම උදවු අගය කිරීමත් වටිනවා.

  • ඔබ කොපමණ අවස්ථාවන් පවුල තුල විහිළුවෙන් ගත කරනවද? අත්දැකීම් බෙදා ගන්නවද? පවුලේ ඔක්කොම එකතු වෙලා සිනහ විය හැකියි.

නිවසින් පිටතදී ඉතාම විනෝදකාමී පුද්ගලයෙක් ලෙස හැසිරෙන ඔබ සමහර වෙලාවට ගෙදරදී එලෙස විනෝදයෙන් සිටීමට උනන්දු නොවනවානම් එය පවුලේ සතුටට ඇති උනන්දුව අඩු බවක් වෙනවා නේද?

  • පවුල තුල පවුලේ අයගේ සතුටට යහපත වෙනුවෙන් අවශ්‍ය තීරණ අවශ්‍ය වෙලාවට ගැනීමටත් ඒ තීරණ ගන්නා අවස්ථාවේදී ඒ අයගේ අදහස් විමසා එය ගන්න තීරණයට අදාල කරගැනීමත් පවුලේ සතුටට අදාලයි

ඒ වගේම තමයි නොයෙකුත් අවසරයන් පෙන්නවා දෙමින් ගෙදර බිරිද ඇතුළු අනෙකුත් අයට හිරිහැර, තාඩන පීඩන කරනවානම් . ඒවා ගෙදර ය බය ලැජ්ජාව නිසා රහසේම ඉවසා සිටිනවා නම් එතන පවුලේ සතුටට පොඩි  ඉඩක්වත් නැහැ නේද?

  • “බොන නිසා තමයි ගහන්නේ” ‘ ” බීපු වෙලාවට තමයි තරහින් හැසිරෙන්නේ ” වැනි කියුම් වලින් අනවශ්‍ය අවසරයන් ලබා දීමෙන් තත්වය තවත් බරපතල වීමක් තමයි සිදුවෙන්නේ

 

 

 

 

 

 

 

 

 

 

 

 

අදහස –

 

Popular Articles