මේෂ
ව්‍යාපාර වලින් ලාභ
බුධ දහවැන්නේ ගමන් කිරීම ඉතා යහපත්ය. ව්‍යාපාර කටයුතුවලින් වැඩි ලාභ ප්‍රමාණයක් බලාපොරොත්තු වීමට පුළුවන. බලවත් පුද්ගලයින්ගේ උදවු උපකාර ලැබිය හැක.ජනප්‍රියතාවය වැඩිවෙයි. ප්‍රේම සම්බන්දතා වැඩි දියුණු වෙයි. ශරීර සෞඛය යහපත් වෙයි.

වෘෂභ
තරඟ විභාගවලින් ජය
බුධ නව වැන්නේ ගමන් කරයි. පුණ්‍ය කටයුතු වලට සහභාගී වීමට සිදුවිය හැක. තරඟ විභාගවලින් ජයග්‍රහණය කිරීමට පුළුවන.වටිනා පොත් පත් මිලදී ගැනීමට පුළුවන. විවාහයක් බලාපොරොත්තුවෙන් සිටින අයට විවාහ මංගල යෝජනා කිහිපයක් ඉදිරිපත් විය හැක.

මිථූන
ගෞරවයට හානි
බුධ අට වැන්නේ ගමන් කරයි. රථ වාහන වලින් තුවාල සිදු විය හැක. විවාහ මංගල කටයුතු වලට බලවත් බාධා ඇතිවිය හැක.ගෞරවයට බාධා මතුවෙයි. සතුරු කරදරයකට මුහුණ දීමට සිදුවෙයි. නඩුහබවලට මුහුණ දීමට සිදුවිය හැක.

කටක
ප්‍රසිද්ධිය හා කීර්තිය
බුධ හත් වැන්නේ ගමන් කරයි. ව්වාහ මංගල කටයුතු වලට පදනම වැටෙයි. ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩි වෙයි. ව්‍යාපාර කටයුතු වලින් වැඩි ලාභ ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැක. බොහෝ දෙනෙකුගෙන් උදවු උපකාර ලැබිය හැකිය. ශරීර සෞඛය යහපත් වෙයි. කෙටි ගමන් බිමන් වැඩි වෙයි.

සිංහ
හිතවතුන් සමඟ මත ගැටුම්
බුධ හය වැන්නේ ගමන් කරයි. දැඩි වෙහෙස ගෙන දෙන ගමන් බිමන් වල යෙදීමට සිදු විය හැක. වියදම් වැඩිවෙයි. රෝගියෙකු වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවිය හැකිය. හිතවතුන් සමග මත ගැටුම් නිර්මාණය වීමට පුළුවන. විවාහ මංගල කටයුතු වලට බලවත් බාධා මතුවෙයි.

කන්‍යා
හිතවතුන්ගෙන් උදවු
බුධ පස් වැන්නේ ගමන් කරයි.ප්‍රේම සම්බන්දයකට මුල පිරිය හැකිය. මුදල් ලාභයක් බලාපොරොත්තු වීමට පුළුවන. හිතවතුන්ගෙන් උදවු උපකාර ලැබිය හැකිය. වැඩිදුර ඉගෙනීමකට පදනම වැටෙයි. ප්‍රීති උත්සව සහභාගී සැලසේ. වටිනා පොත්පත් මිල දේ ගැනීමට පුළුවන.

තුලා
විනෝදකාමී සතියක්
බුධ හතර වැන්නේ ගමන් කරයි. ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීමේ කටයුත්තකට මුල පිරිය හැක. ව්‍යාපාර කටයුතු වැඩි දියුණු වෙයි.විනෝද ගමනකටද සහභාගී වීමට පුළුවන. ගෘහ ජීවිතය සතුටින් හා විනෝදයෙන් ගත කිරීමට පුළුවන.

වෘශ්චික
රැකියා බලාපොරොත්තු ඉටුවේ.
බුධ තුන් වැන්නේ ගමන් කරයි. රැකියාවක් බලාපොරොත්තු වූ අයට ඒ සඳහා කැඳවීම ලිපි ලැබීමට පුළුවන. ප්‍රේම සම්බන්දතා වැඩි දියුණු වෙයි. කෙටි ගමන් බිමන් වැඩි විය හැක. හිතවතුන්ගෙන් උදවු උපකාර ලැබිය හැකිය. සතුරන් මන්දනය වීමට පුළුවන.

ධනු
මුදල් ලාභ
බුධ දෙවැන්නේ ගමන් කරයි. මුදල් ලාභයක් බලාපොරොත්තු වීමට පුළුවන. විවාහ මංගල කටයුතු වලට පදනම වැටෙයි. කෙටි ගමන් බිමන් වැඩිවෙයි. ප්‍රීති උත්සවයකට ආරාධනාවක් ලැබිය හැකිය. ගෘහ ජීවිතය ඉතා යහපත් වෙයි. සෙම් රෝග හටගත හැකිය.

මකර
කාර්ය බහුල සතියක්
බුධ ලග්න භාවයේ ගමන් කරයි.හිතේ දැඩි උනන්දුවක් ඇතිවිය හැකිය. සමාජයෙන් ගෞරව සම්මාන ලැබිය හැකිය. අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයගේ පැතුම් ඉටු වේ.වැඩ කටයුතු වැඩි විය හැකිය. නෑදෑයින්ගෙන් උදවු උපකාර ලැබිය හැකිය.

කුම්භ
හදිසි සැත්කමක්
බුධ දොළොස් වැන්නේ ගමන් කරයි. වියදම් වැඩිවෙයි. රථ වාහන වලින් ප්‍රවේශම් වීමට සිදුවෙයි. හදිසි සැත්කම් වලට මුහුණ දීමට සිදුවෙයි. හිත වතුන්ගේ දෝෂ දර්ශන වලට ලක් විය හැකිය. ණය මුදලක් ලබාගැනීමට සිදුවීය හැකිය. උණ රෝග හට ගත හැකිය.

මීන
ලොතරැයි ජය
බුද්ධ එකොලොස් වන්නේ ගමන් කරයි. ලොතරැයි ජයග්‍රහණයක් හිමිවිය හැකිය. දරු සම්පත් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු විය හැකිය. ගෘහ ජීවිතය සතුටින් හා විනෝදයෙන් ගත කිරීමට පුළුවන. ඉඩකඩම් ආදිය ගැනීමට බලාපොරොත්තුවන අයගේ බලාපොරොත්තු සඵල වේ.

 

මේ සතිය ඔබට

නැවුම් පළතුරු යුෂ පානය කිරීමෙන් දැනෙන ප්‍රමෝදජනක හැඟීම විඳගන්න

ඔබ ගන්නා අහාරය ඔබ ගන්නා පානය ඔබේ මනෝභාවයට පමණක් නොව, ඔබේ සිතිවිලි වල පැහැදිලිකමටද බලපාන බව ඔබ දන්නවා ද? ඈත අතීතයේ සිට ප්‍රඥාවන්තයින් සැහැල්ලු...

චාරිකා – 01

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ Mobile Phone, WhatsApp, Facebook ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ...

පරිඝනක අපරාධ පනත ගැන ඔබ දැනුවත් ද

" නීතිය " මෙය ප්‍රවේශමෙන් විග්‍රහ කර ගත යුතු වචනයක්. එසේම ලෝකයේ සෑම තැනකම ජිවත්වන අප සියලු දෙනාටම එක ලෙසින් වැදගත් වන මාතෘකාවක්. නිවසේ...

හරිම විදිහට bio data එක හදන විදිහ

හොඳම රැකියාවක් ජීවිතයේ ඇති තවත් එක් සිහිනයකි. බොහෝ දෙනෙකුට රැකියා සිහිනය යථාර්තයක් කර ගන්නට උත්සහ කරන්නේ අධ්‍යාපනය නිමකිරීමෙන් පසුවයි. අධ්‍යාපනය අවසන් කරන ඔවුන් ජිවදත්ත පත්‍රිකා...

උත්සව අවස්ථාවකට දැල්ලන් කරියක්

දැල්ලන් කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒවගේම තමයි තරමක් උෂ්ණාධික කෑමක් විදිහටත් දැල්ලන් හදුන්වන්න පුළුවන්. බොහෝ වෙලාවට උත්සව අවස්ථාවන්වලදී කුකුළු මස් කාරී එහෙමත් නැත්නම් මලු...

ලේසියෙන් පහසුවෙන් ස්ට්‍රෝබෙරි වලින් රසවත් කෑම බීම හදමු

ස්ට්‍රෝබෙරි කියන්නේ මිලෙන් තරමක් වැඩි උනත් අපි කව්රුත් කෑමට ප්‍රිය කරන පළතුරක්. ඉතින් අද අපි ඔයාලට කියල දෙන්නේ ස්ට්‍රෝබෙරි වලින් පහසුවෙන් හදන්න පුළුවන් රසවත්...

තම දරුවන් ඉදිරියේ දෙමවුපියන් තම බලය පෙන්වන්නේ බලාගෙනයි

පුංචි දරුවන් කියන්නේ හැමවෙලේම වැඩිහිටියන් අනුකරණය කරන කොටසක්.හොද හෝ වැරදි වේවා තමන් සමඟ නිතර ගැවසෙන වැඩිහිටියන්, දෙමවුපියන් කරන කියන දේවල් අනුකරණය කරන්න දරුවන් පෙළඹෙනවා. නිවස...

සයිබර් අවකාශීය ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා

මොකක්ද මේ සයිබර් ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ? මින් අදහස් වන්නේ කාමුක දර්ශන ළමයි ඇතුලත් අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම දීර්ඝ කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය හරහා කරන...

හිස් බඩ නොකළ යුතු දේවල් 6ක්

ඔබ උදෑසන අවදි වූ විගස අනුගමනය කරන සමහර ක්‍රියා ඔබගේ සෞඛ්‍යට දීර්ඝ කාලින බලපෑම් ඇති කරන බව විද්වත්හු පවසති. ඒ අනුව උදෑසන අවදි වූ...