Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

හරිම විදිහට bio data එක හදන විදිහ

හොඳම රැකියාවක් ජීවිතයේ ඇති තවත් එක් සිහිනයකි. බොහෝ දෙනෙකුට රැකියා සිහිනය යථාර්තයක් කර ගන්නට උත්සහ කරන්නේ අධ්‍යාපනය නිමකිරීමෙන් පසුවයි. අධ්‍යාපනය අවසන් කරන ඔවුන් ජිවදත්ත පත්‍රිකා සදා ගැනීමට යුහුසුළු වේ.ඉක්මනිම ජීවදත්ත පත්‍රිකාවක් සදා ගැනීමට ගන්න උත්සාහය නිසා ඔබ සාදන ජාව දත්ත පත්‍රිකාව සාර්ථක එකක් විය නොහැකියි.
“cv සීයක් විතර දැම්මා.එත් එකකින් වත් කතා කරේ නැ ” “මට එක එපා වෙලා”

මෙසේ කලකිරීමෙන් කතා කරන්නේ ඔබේ ජීවදත්ත පත්‍රිකාවේ තියන අඩුපාඩු නිසයි.

නිවැරදිව ජීවදත්ත පත්‍රිකාවක් හදන්නේ කොහොමද?
ජීවදත්ත පත්‍රිකාව සැකසීමට හෝ අවධානයට ඔබ අධ්‍යාපනය හදාරා නිමකළ ආධුනිකයෙකු නම් ජීවදත්ත පත්‍රිකාව පිළියෙළ කිරීමට පෙර මේ ගැන සිතන්න .

01 ජීව දත්ත පත්‍රිකාව සැදීමට අරමුණ
02 අධ්‍යාපන සුදුසුකම්
03 රැකියා පිලිබඳ පළපුරුද්ද
04 කුසලතා පිලිබඳ සංෂිප්තය
05 තම ජයග්‍රහණය පිලිබඳ සංෂිප්තය
06 තම විනෝදාංශ
07 නෑදෑයින් නොවන දෙදෙනෙක්

ඔබ කළ ගවේෂණයේ ප්‍රථිපල සටහන් කරගෙන එය ජීව දත්ත පත්‍රිකාවට එකතු කල යුතු වඩාත් යෝග්‍ය උදාහරණ පමණක් එක් කරන්න.

පුරප්පාඩු ඇති රැකියාව පිලිබඳ සටහන් කර ඇති දැන්වීම ඉතා හොඳින් කියවන්න.

ඔබ අයදුම් කිරීමට යන රැකියාව පිලිබඳ දැන්වීම හොඳින් කියවා තේරුම් ගත යුතුයි. එහිදී,
*අදාළ රැකියාවේ වගකීම් පිලිබඳ අවදානය යොමු කරන්න.
*ඉල්ලුම් කරන අධ්‍යාපන සුදුසුකම්
*ඉල්ලුම් කරන කුසලතා සංෂිප්තය

රැකියා යෝජකයා විසින් බලාපොරොත්තු වන ඉහත ගුණාංග ඔබ සොයාගත් ඔබේ දක්ෂතා සමඟ ගලපන්න ඒ අනුව ජීව දත්ත පත්‍රිකාව සකස් කිරීමේදී ඔබ කැමැත්තක් දක්වන හා ඔබට සුදුසුකම් ඇති රැකියාව මුල්කරගෙන එයට අදාළ පරිදි සකස් කරන්න. ඔබ සාදන එකම ජීව දත්ත පත්‍රිකාව විවිද රැකියාවන් සඳහා ඉල්ලුම් කිරීමට සුදුසු නොවේ. ඒ ඒ රැකියාවට ගැලපෙන පරිදි ඔබේ ජීව දත්ත පත්‍රිකාව වෙනස්විය යුතුයි.

Popular Articles