9.1 C
New York
Monday, March 4, 2024

Buy now

spot_img

දූෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවරදිකරුවන් කරන මිත්‍යයා මත

විවිධ අපයෝජන, දුෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපයෝජනයක් වීමට හේතු හා බැදුනු විවිධ මිතය්‍යා මත සමාජය තුළ බහුලව පවතී. කැමැත්ත (consent), දුෂණයට ලක්වන පුද්ගලයා පිළිබදව හා දුෂණය කළ පුද්ගලයා පිළිබද විවිධ මත ඒ ඔස්සේ සමාජය තුළ ගොඩනැගී ඇත. සමාජය දරන මෙම මතවලට ඉමක් කොනක් නොමැත. මෙම මතවාද හා බොහෝ දුරට වෛරය මිශ්‍ර මිත්‍යා මත ගැබ්ව ඇත. එය බොහෝවිට එල්ල්වන්නේ කාන්තාව දෙස හා එය ඇයගේ වැරැද්දක් ලෙසයී.

මෙම මත පිළිබිඹු නොවන තැනක් නැති තරම්. පාසල් ක්‍රීඩා පිට්ටනීයේ සිට සේවාස්ථානවල, මාධ්‍යවල, දේශපාලනයතුල, නීති පද්ධතිවල හා තම නිවෙස්වල මෙම මත සුලභයී. එදිනෙදා හමුවන බොහෝ අය මෙම මත දරන අතර ඒවා සමාජය තුල තවත් ස්ථාපිත කිරීමට අනුබල දෙයී. මෙමගින් බොහෝ විට අවාසියක් සිදුවන්නේ හා මානසික මට්ටම පහළ හෙලන්නේ දුෂණයට ලක් වූ පුද්ගලයගේමයී. එමගින් ඔහු හෝ ඇය ඒ පිළිබද කාට හෝ දැන්වීම හෝ නිතීයේ පිලිසරණ පැතීම අවහිර කරයී.

අපි එවැනි සමාජය තුල ඇති මත කිහිපයක් දෙස බලමු. ඒවායේ නිවැරදිතාවය පිළිබදව ප්‍රශ්න කරමු.

අප සමාජය තුල ඇති කල යුත්තේ සෑම දෙනාටම සාධාරණ හා නිදහස් පරිසරයකී. කිසියම් පුද්ගලයෙක් අඳින , සමාජයේ හැසිරෙන ආකාරයෙන් කෙනෙකු මැනීම හෝ ඔහුන් විනිශ්යට ලක් කිරීම නොකල යුතුය. අප දුෂණයට ලක්වන්නන්ට ඒ පිළිබදව නිතීයේ උපකාරය ලබා ගැනීමට හැකි ඔහුන් තවත් සමාජයේ කොන් නොවන වටපිටවක් සකස් කරමු.

අදහස
ලක්මිණි පෙරේරා

Related Articles

Stay Connected

0FansLike
3,589FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles