කියවීමෙන් මිනිසා සම්පුර්ණ වන්නේ යම් සේද එලෙසම ව්‍යවසායකයින් සඳහා ද එම සංකල්පය ගැලපේ.
එය ඔවුන්ගේ වටිනාකම ඉහල නැංවීමට හේතු වනු ඇත. ඉතාම කාර්ය බහුල ජිවිත ගත කරන ව්‍යවසායකයින් අතරින් කියවීම පුරුද්දක් කරගත් කිහිප දෙනෙක් ගැන බලමු.

මාර්ක් සකර්බර්ග්

Face book නිර්මාණය කිරීමෙන් ලොව සුපතල බිලියනපතියෙකු වූ මාර්ක් සකර්බර්ග් ගැන අප නම් හිතන්නේ ඔහුට facebook වලින් තොර ලොවක් නැති බවයි. නමුත් ඔහු ප්‍රකාශ කර සිටින්නේ යම් කාරණාවක් ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකිවන්නේ පොත් පත් කියවීමෙන් බවයි.

ෆිල් නයිට්

නයිකි ව්‍යාපාරයේ නිර්මාතෘ වන මොහු පොත් කියවීමට ඇබ්බැහි වූවෙකි. එමෙන්ම ඔහු තම සේවකයින්ටද පොත් කියවීම උනන්දු කරනු පිණිස තම ආයතනයේ පුස්තකලයක්ද ආරම්භ කරන ලදී.

රිචර්ඩ් බ්‍රැඩ්සන්

උසස් අධ්‍යාපනයකින් තොරව ව්‍යාපාර ලොව ජයගත් රිචර්ඩ් බ්‍රැඩ්සන් ඔහුගේ දැනුම වැඩි දියුණු කරගෙන ඇත්තේ පොත් පත් කියවීම තුලිනි. ඔහු වරක් ප්‍රකාශ කර සිටියේ පොත් පත් කියවීම තුලින් දැනුම පමණක් නොව නායකත්ව ගති ලක්ෂණද වර්ධනය වන බවයි.

ඕප්‍රා වින්ප්‍රේ

ඩොලර් මිලියන 2.9 වාර්ෂික අදායමක් ලබන මාධ්‍ය ආයතනයක හිමිකාරිනියක් වන ඕප්‍රා වින්ප්‍රේ ව්‍යාපරික ලොව කිරිතිමත් කාන්තාවකි. ඉතා දුෂ්කර ළමා කාලයක් ගත කල ඇය කුසගින්න, ශාරීරික හිංසනය අතර වූවත් අත් නොහල දෙයක් වන්නේ කියවීමයි. ඇය කියවීම අරඹා ඇත්තේ වයස අවුරුදු 3 දීය

එලන් මස්ක්

ඉංජිනේරු ලොව දැවැන්තයෙකු වන එලන් මස්ක් වයස අවුරුදු 9 වන විට බ්‍රිතාන්‍ය විශ්ව කෝෂය පවා කියව අවසන් කර ඇත. ඔහු පොත් පත් කියවීමෙන් ලබා ගත නව සංකල්ප ආදේශ කරගෙන නිර්මාණශීලි අදහස් වලට නැබුරු වූ බව ඔහු සඳහන් කරයි.

බිල් ගේට්ස්

මයික්‍රොසොෆ්ට් ආයතයයේ හිමිකරු වන බිල් ගේට්ස් තමාගේ කියවීමේ පුරුද්ද අත්හැරියේ නැත. තමාගේ හිතට කාවදින පොතක් අහුවුවොත් රාත්‍රී එලිය වැටෙන තුරු හෝ කියවන පුරුද්ද ඔහු සතුය.

වොරන් බෆෙට්

වොරන් බෆෙට් දවසෙන් 80% වැය කරන්නේ පොත් කියවීමටය . වරක් ඔහු ප්‍රකාශ කර සිටියේ “ඔබ අතට හසු වන දේ කියවන්න. එය පොතක් , සඟරාවක්, හෝ පුවත්පතක් විය හැකියි.” කියවන දෙයින් ලබා ගන්නා දැනුම ව්‍යාපාරයට ඉතා හොදින් ඔබටත් නොදැනීම සම්බන්ධ වනු ඇති බවයි.

– උපුටා ගැනීමකි

කියවීම පුරුද්දක් කරගත් ව්‍යවසායකයෝ

Youth එකට කරාබු

කරාබු ගැහැණු ළමයින්ට නැතිවම බැරි දෙයක් වෙලා ඒ නිසා සිරිතක් විදිහට අලුත ඉපැදුණු දුවකුට කන විදලා කරාබු දාන එක පුරුද්දක්. නමුත් මේ කරාබු වල...

වයිෆ් දැන් කැමති නෑ, මොකක්ද විසඳුම

විවාහය (marraige) කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි ඒ ගැන කථා කරමු මම පුංචි කතාවක් කියන්නද...? මේක මගේ යාළුවෙකුට වුණ සිදුවීමක්. මගේ යෙහෙළිය විවාහක (marriage) කෙනෙක් නෙමෙයි.  ඉතින් ඒ...

කහ සිවුරට පණ පෙවූ අමාවකය

සත්‍ය කාතාවක් පදනම් කරගෙන ගොතන ලද්දකි.... මාතෘත්වය වනාහි ජීවයාගේ ජීවන කතා මන්සලේ ලෙන්ගතුම නවාතැන වුවද.., සමහරෙකුට ඒ ආත්මීය බැදීම පාපී හමුවීමකි.., එවන් අකල් ජීවන රගමඩලයන්ගේ මා සමාව...

දන්නා ආහාරවල නොදන්නා ගුණ

ලප සහිත කෙසෙල් කෙසෙල් ගෙඩි තරමක් ඉදුණු විට , කෙසෙල් ගෙඩි මත ලප තිබෙනවා ඔබ දැක තිබෙනවා නේද? මෙම ලප වල ඇති TNF නමැති පිළිකා...

මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 - 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි...

විලාසිතා කරන්න කැමති යුවතියන්ට වැදගත් කරුණු 6 ක්

කාන්තාවන් ගොඩාක් කැමතියි විවිධ වර්ගයේ විලාසිතා කරන්න. හැබැයි කොතරම් මිල ගණන් දීලා ඇඳුමක් ගෙනාවත් සමහර වෙලාවට පිරිමි පාර්ශවය නම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින්...

හැකියාවන් ඉදිරියේ සීමාවන් නොතකන ඇය සෙව්වන්දි

ඇය උපන්නේ අම්බලන්තොට ප්‍රදේශයේ මාමඩල නම් සොඳුරු ගම්පියසේයි. නිස්කලංක පරිසරයක ජීවිතේ ගෙවන සෙව්වන්දි දලදාවත්ත නම් ඇය, ව්‍යාපාරික කතක්, චිත්‍ර ශිල්පිනියක්, ලේඛිකාවක්, රංගන ශිල්පිනියක්, කඳු...

සමාජ ජාලා තහනම් කරයි

ලංකා විදුලිබල සංදේශන නියාමක කොමිෂන් සභාව (TRCL) විසින් ජාතික ආරක්ෂාව සඳහා Facebook, Viber, WhatsApp, සහ අනිත් සමාජ ජාලා Apps වලට ඇතුල් වීම නැවත දැනුම්...