සතුටු පවුල සංවර්ධනය සඳහා දුවරු ඇති දෙමව්පියන්ට,

ඔබ තම දියණියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

  • තීරණ ගැනීමට එඩිතර නැති පෞර්ෂයෙන් අඩු කෙනෙකු වීමද?

එහෙම උනොත්, සමාජයේ නායකත්වයට පත් වෙන්න බැරි වෙයි. උසස් රැකියාවකට ගියත් අවස්තනුකුලව තීරණ ගන්න, පිරිස් පාලනය කරන්න බැරිව අන් අයගේ  වෙයි. පිරිමි  නිලධාරීන්ගේ  බලපෑමට ලක් වෙන්න වෙයි.

සමාජයේ තනිවම කිසි දෙයක් ගන්න බැරි තමන්ගේ ජීවිතය සම්බන්ධ කරණා වලදී අන් අයෙක් මත  යැපෙන කෙනෙක් වීමද?

එහෙම උනොත් නම්, ගෙදර විදුලි බල්බය මාරු කරගන්න බයිසිකලයට හුලං  ටිකක් ගහන්න, ගෙට සර්පයෙක් අපු වෙලාවට ඌව  පන්න දමන්න, බිත්තියට ඇණයක්  ගහන්න, ඔබ එනකම්ම බලාගෙන ඉන්න වෙනවා.

  • දුර්වල, ලැජ්ජාශීලි , බියගුළු කෙනෙක් වීමද?

තමන් අකමැති උනත් බයටම පිරිමි ළමයෙක්ට කැමැත්ත ප්‍රකාශ කරනවා. අසාධාරණයක් උනොත් බයටම කරබාගෙන ඉන්න වෙනවා.

  • සමාජයේ වෙනත් පිරිමින්ගේ හිංසනයට, අපහාසයට, අතවරයට ලක්වෙන, නිරන්තරයෙන් කගේ හරි ආරක්ෂාවක් අවශ්‍කරන කෙනෙක් වීමද?
    • දුවට “බඩුව” කියල කතා කරයි.                                                                               
    • තනිව ගමනක් බිමනක් යන්න බැරි වෙයි
    • බස් එකේදී ඇගට හේත්තු වෙන්න එයි.
    • අකමැති ලිංගික සම්බන්ධතාවලට පොළබවා ගනියි.
    • රවට්ටලා දරුවෙකුත් දීල පැනල යයි.
    • ආපසු සටන් කිරීමේ නොහැකියාව නිසාම බලහත්කාරයට, දුෂණයට ලක් වෙයි.
    • තමාගේ දුව දුර්වල කෙනෙක් වෙන්න හැදුවේ ඇයි කියල ඔබ ඔබගෙන්ම ප්‍රශ්න කරයි.

එහෙමත් නැත්නම්,

දුවරුන්ටද එක ලෙස ආදරය දක්වන, ඔවුන්ගේ යහපත ප්‍රර්ථනා කරන ඔබ වඩාත් අගය කරන්නේ තම දියණිය,

– සමාජ අධ්‍යාපනය තුලින් එඩිතරව තර්කානුකුල සමාජයට මුහුණ දෙන

– මන පෞර්ෂයකින් හෙබි සමාජශීලි බැවින් නොබියව ගැටළු වලට මුහුණ දෙන

– අනවශ්‍ය ලෙස සංවේදීව දුර්වලයෙක් බවට පත් නොවන

එය නියම ගැහැණුකමේ  ලක්ෂණයක් ලෙසත් “ගැහැණු උනාම එහෙම තමය ඉන්න ඕනි” කියලත් ඔබ මෙතෙක් කල් සිතන්න ඇති.

–  තම ජීවිතය පිළිබද ස්වාධීන  හා නිවැරදි තීරණ ගත හැකි, තමාට එරෙහි හිංසනයන් එල්ල වන විට ඒවාට නොබියව මුහුණ දෙන, කෙනෙක් බවට පත්වීම නොවේද?

ඔබ දැක ඇති නැතහොත් ඔබත් දායක වී ඇති අනවශ්‍ය ලෙස දුර්වල, බියගුළු ගැහැණියක්  ලෙස දියණියන් ගොඩනගන්න ගන්න උත්සාහයන්

නමුත් ඔබ සිතුවද? එලෙස අපට නිතර අසන්නට දකින්නට ලැබෙන ගැහැණු කමේ ලක්ෂණ බොරුවට ඉස්මතු කිරීමෙන් ඔබේ දියණියට අහිමිවන දේ මොනාද කියල…

සතුටු පවුල සංවර්ධනය සදහා කැපවෙන අපි ඒ ගැනත් සිතන්න ඕනේ. නැත්නම් මෙම ගැහැණු දරුවන්ට ආරෝපණය කරන ලද පුහු ගුණාංග නිසා,

ඒ කියන්නේ

-තීරණ ගැනීමට අවශ්‍ය නැති

-මනා පෞර්ෂයක් අවශ්‍ය නැති

– ළද  බොළද  ,

–  බියගුළු

–  ගෙදර වැඩ පමණක් දන ගත්තම ඇති

–   බලාගන්න කවුරුහරි ඕන වෙන

  • ඔබේ දියණියට සමාජ දැනුම ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා
  • දියණියට තම උපරිම දක්ෂතා මතුකර ගැනීමට ඇති අවස්ථා අහිමි වෙනවා
  • ඔබ ලග නැති සෑම විටම සමාජයේ තාඩන පීඩන වලට ලක්වෙන්න සිදුවෙනවා
  • රැකියාව කරන විට වුවත් විවාහ වී ගිය පසු පවුල තුල වුනත්, ඔබගේ දියණියට හිංසනයට ලක් වීමට සිදුවෙනවා

එම නිසා,

ඇගේ  යහපැවැත්ම සදහා ඇති අවස්ථා අහිමි නොකරන්න

තම දියණියගේ සතුට, නිදහස, ආරක්ෂාව මෙන්ම දක්ෂතා මතු කරගැනීමටත් දිය හැකි උපරිම අවස්ථාව හිමිකර දෙන්න ඔබට පුළුවන්……

 

ආදරණිය තාත්තා වැඩසටහන

 

 

දුවරු ගැන වෙනස් විදිහකට හිතමුද?

මේ සතිය ඔබට

මේෂ ව්‍යාපාර වලින් ලාභ බුධ දහවැන්නේ ගමන් කිරීම ඉතා යහපත්ය. ව්‍යාපාර කටයුතුවලින් වැඩි ලාභ ප්‍රමාණයක් බලාපොරොත්තු වීමට පුළුවන. බලවත් පුද්ගලයින්ගේ උදවු උපකාර ලැබිය හැක.ජනප්‍රියතාවය වැඩිවෙයි....

ලිංගිකව එක්වීමට ඇති අකමැත්ත සැකයට මුලික හේතුවේද ?

දෙන්නෙක් අතර විවාහ සම්බන්ධතාවක් ඇති වන්නේ දෙදෙනා අතර ජිවිත කාලය තුල දැඩි බැඳීමක්, විශ්වාසයක් සහ එකඟතාවයක් ඇතිව ජිවත් වීමේ අරමුණින්. නමුත් දැන් සමාජයේ බොහෝ...

චාරිකා – 05 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ආසියාවේ හොඳම සූපවේදිනිය “මැයි චව්”

ජාත්‍යන්තරයේදී සුවිශේ්ෂීත්වයට පත් චරිත මුල් කර ගෙන ඔවුන්ගේ අතීතාවර්ජනය පිලිබඳව අපි කථා බහ කලොත් එයින් බොහෝ දේ ඉගෙන ගැනීමට පුළුවන්. ඒ වගේම ඔවුන් තුළ...

එඩ්නා සුගතපාල අප අතරින් සමුගනියි

1946 ජනවාරි 03 වන දින පානදුරයේදී උපත ලද ඇය කුඩාකල සිටම කලා අභාෂය ලබා සිටියාය. පියානෝ වාදනයට ඈ සමත්කම්පෑවේ පැසැල් වියේදීමය. 1966 වසරේ ගැහැණු...

ඔබ මෙහෙමද?  එහෙනම් ඔබ තවමත් කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය ඉවසන කෙනෙකි

හිංසනයක් සිදු වූ විට අඑත් බිය නිසා නිහඬව දරාගෙන සගවා සිටිනවා, කිසිවෙකු සමග බෙදා ගන්නේ නැහැ., හුදකලාව විද  දරාගත යුතු යයි සිතනවා. හිංසනයක් සිදුවීම  තමන්ගේ...

සිත් වසඟයට ගත් වගීෂා

Actress - Wageesha Ishanthi Costume design by - Priyan Bridal House Hair & Makeup - Priyan Bridal House Photography - Dilip Tharanga Retouched - Lasitha Nalisha Editing, reproducing...

මේ මගේ කතාවයි – 02 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

සතියේ ඉරණම

මේෂ ලාභ ප්‍රයෝජන අඩුයි. තමන් කරන කියන යම් යම් කටයුතු නිසා සිත් තැවුල් කණගාටු පාඩු සිදුවිය හැකියි. සති අග කතාව වැඩි වේ. හිතවතුන් ලං වේ.විනෝදයෙන්...