Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

සෙල්ෆි කලාවේ නවතම පෙරලිය VIVO V7

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් වන VIVO සිය V series දුරකතන පෙළට එක්වුණු නවතම දුරකතනය වන VIVO V7දුරකතනය දෙසැම්බර් 24 දින කොළඹදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකාවට හඳූන්වා දුන්නේය. ස්මාර්ට් ජංගම දුරකතන ලෝකයට එක් වූ විප්ලවීය තාක්ෂණයන් වන 24MP (Front camera)  ඉදිරිපස කැමරාව සහ සුවිශේෂී Full View (Display) තිරය සමඟින් එන VIVO V7 දුරකතනය සෙල්ෆී ඡායාරූප කලාවේ විප්ලවයක් කළ VIVO V series දුරකතන පෙළට එක් වූ නවතම සාමාජිකයා වෙයි.V series දුරකතන පෙළ එහි අද්වීතීය ඡායාරූපමය අංගයන්, පැහැදිලි තිරය හා සමස්තයක් වශයෙන් ගත්කළ නිෂ්පාදනයේ අගනා නිමාව පිළිබඳව කීර්තියක් උසුලන නිෂ්පාදන පෙළකි.

අති නවීන තාක්ෂණයෙන් යුත් VIVO ස්මාර්ට් ජංගම දුරකතන ලොව පුරා පාරිභෝගිකයින්ට ඉහළම ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමක් ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතවලට පහසුව, සැහැල්ලූව, විනෝදය හා කාර්යක්ෂමබව එක් කර ඇත. මේ නිසා ලොව ජනප්‍රියතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් බවට පත්ව ඇති VIVO, ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිසීම ගුණාත්මකබව පිළිබඳව විශේෂ සැළකිල්ලක් දක්වන ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ඉතා වැදගත් වනු ඇත.

සෙල්ෆී ඡායාරූප කලාවේ පෙරළිය
VIVO V7 ජංගම දුරකතනයේ එන විශේෂිතම අංගය වන 24MP ඉදිරිපස කැමරාව නිසා සෙල්ෆී ජංගම දුරකතන අතර සුවිශේෂී තැනක් එයට හිමි වේ. සැබෑ ජීවිතයේ ඔබ දකින වර්ණවත්බව ඒ අයුරින්ම ඕනෑම තැනක ඕනෑම වේලාවක ඡායාරූපයට නඟන්නට VIVO V7 දුරකතනයට ඇති හැකියාව විශ්මයජනකය.
මද ආලෝකය ඇති පරිසරයන්හිදී පවා ස්වාභාවික දීප්තිමත් බවින් යුත් ඉතා ඉහළ තත්ත්වයේ ඡායාරූප ලබාගැනීම වෙනුවෙන් Smart Photography Algorithms සහ face beauty 7.0 වැනි විශේෂාංගයන්ගෙන් සමන්විතව VIVO V7 දුරකතනය නිර්මාණය කර ඇත. VIVO V7 දුරකතනයේ එන Portrait Mode පහසුකම හරහා පසුබිම බොඳ කර ඡායාරූපයේ නාභිගත කොටස පමණක් හුවා දැක්වීමට හැකිවීම විශේෂත්වයකි. මේ නිසා වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙක්ගේ දක්ෂතාවය හා තරඟ කළ හැකි මටිටමේ ගුණාත්මක බවින් යුත් සෙල්ෆී ඡායාරූප ලබාගැනීමේ හැකියාව VIVO V7හට ඇත. VIVO V7 දුරකතනයේ 16MP(Rear Camera) පසුපස කැමරාවද මේ හා සමාන ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුතුය.
හොඳම දෘෂ්‍යමය අත්දැකීමක් ලබා දෙන 18.9 aspect ratio FullViewTM තිරය
VIVO V7 දුරකතනය 18.9aspect ratio ඇති අඟල් 5.7 ක FullViewTM (Display) තිරයක් සමඟින් එන අතර එය සාම්ප්‍රදායික 16.9 තිරයට සාපේක්ෂව 12.5 % කින් වඩා පු`ඵල් තිරයකි. එම නිසා කියවීම, අන්තර්ජාලයේ සැරිසැරීම සහ දුරකතනය ක්‍රියාකරවීම ඉතා පහසු හා කාර්යක්ෂම වේ. VIVO V7 දුරකතනයේScreen to boady අනුපාතය 83.6% වන නිසා එය විද්‍යුත් ක්‍රීඩා සඳහා ඉතා හොඳින්ම ගැලපෙන ජංගම දුරකතනයකි. එහි එන Gaming Mode පහසුකම යටතේ ක්‍රීඩා කරන අතරතුර එයට බාධාවක් නොවීම සඳහා No Notifications සහ Floating Call Alerts වැනි විශේෂාංගද දුරකතනයට එක් කර ඇත.

විශේෂාංගයන්ගෙන් සමන්විත OS මෙහෙයුම් පද්ධතිය සහ ඉහළම තත්ත්වයේ ක්‍රියාකාරීත්වය
VIVO V7 දුරකතනය 64-bit Qualcomm octa-core CPU එකකින් සහ 4GM RAM ධාරිතාවයකින් සමන්විත නිසා එය භාවිතා කිරීමේදී නොනැවතී ගලායන පහසු අත්දැකීමක් ලබා දෙයි. එහි එන Funtouch 3.2 (OS) මෙහෙයුම් පද්ධතියSmart Split 3.0 වැනි භාවිතා කිරීමේ අත්දැකීම වඩා පහසු කරන විශේෂ අංගයන්ගෙන් සමන්විත වන අතර එනිසා VIVO V7 දුරකතනය වර්තමාන පාරිභෝගිකයාගේ කාර්යබහුල ජීවිතයට හොඳීන්ම ගැලපෙන දුරකතනයක් බවට නිතැතින්ම පත් වෙයි. VIVO V7 දුරකතනය Finger print unlock කිරීමේ පහසුවට අමතරව වඩාත් ආරක්ෂිත Face Access තාක්ෂණය භාවිතා කිරීමේ පහසුවද පාරිභෝගිකයාට ලබාදීම විශේෂත්වයකි.

VIVO
VIVO  යනු ලෝකය පුරා තරුණ පරපුර වෙනුවෙන්, ඉහළම තත්ත්වයේ ශ්‍රව්‍යමය හා ඡායාරූපමය අත්දැකීමක් ලබා දෙන ස්මාර්ට් ජංගම දුරකතන නිර්මාණය කිරීමට කැපවුණු කීර්තිමත් ජාත්‍යන්තර සන්නාමයකි. අති නවීන තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන VIVO ස්මාර්ට් ජංගම දුරකතන ලොව පුරා මිලියන 200 ක පිරිසක් භාවිතා කරන අතර තරුණ පරපුර සහ වෘත්තිකයින් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනා ඇති සන්නාමයකි. 2018 සහ 2022 FIFA පාපන්දු ලෝක ශූරතාවය සඳහා නිල ස්මාර්ට් ජංගම දුරකතන අනුග්‍ර්‍රාහක වන VIVO  තරුණ පරපුර අතර ස්වයං ප්‍රකාශනය හා ක්‍රියාශීලී ජීවන රටාව ප්‍රවර්ධනය කරන සන්නාමකි. Counterpoint විසින් කරන ලද නවතම සමීක්ෂණයකට අනුව 2017 තෙවන කාර්තුව වන විට ලොව පස්වැනියට විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයා වශයෙන් ශ්‍රේණිගත කෙරෙන VIVO  විසින් හිමි කරගෙන සිටින වෙළෙඳපොල කොටස 7.1% කි. එමෙන්ම ගෝලීය වශයෙන් ජංගම දුරකතන නැව්ගත කිරීම අතින් විශාලතම වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත්තේද VIVO  විසිනි. ඒ 32% කිනි.

ඡායාරූපය 1:
ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂක මැක්ස් වැන්ග් (Max Wang) මහතා නව V7 දුරකතනය හඳූන්වාදෙමින්.

Popular Articles