මේ දිනවල පාසල් යන දු දරුවන් අ.පො.ස ස/පෙළ වගේම අ.පො.ස උ/පෙළ ප්‍රතිපල නිකුත් වී විවේකිව කාලය ගත කරන අතරතුර මේ විවේකි කාලය කෙසේද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කරගැනීම සහ ඔවුන්ගේ අනාගතය සොයාබැලීමට වෘත්තීය මාර්ගෝපදේශන පාඨමාලාවන් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.

ශ්‍රී ලංකා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්යංශය යටතේ ක්‍රියාත්මක වන තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව (Tertiary and Vocational Education commission) විසින් මේ වන විට ඔබ වෙනුවෙන් වෘත්තීය පාඨමාලාවන් රැසක් ආරම්භ කර ඇත. එම පුහුණු ආයතන කිහිපයක හා පාඨමාලා කිහිපයක තොරතුරු පහත දැක්වේ.

01.ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය (කාර්මික විදුහල)  දු:අ- 0112324177

ඕල්කට් මාවත, කොළඹ 10

වෙබ් අඩවිය – www.dtet.slt.lk

පාඨමාලා :-

* වෘත්තීය ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව – සහතික පත්‍ර පාඨමාලාව – පුර්ණකාලින

* ලේක්ම්කරණ සහතික පත්‍ර පාඨමාලාව – පුර්ණකාලින

* යතුරු ලියනය සහ ලඝුලේඛන සහතික පත්‍ර පාඨමාලාව – පුර්ණකාලින

* ගිණුම්කරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව – (සිංහල/ඉංග්‍රීසි) පුර්ණකාලින

 

02. ජාතික තරුණ සභාව – මහරගම දු:අ – 0112850986

නො : 65, හයිලෙවල් පාර , මහරගම

පාඨමාලා :-

* රුපලාවන්‍ය සහතික පත්‍ර පාඨමාලා – පුර්ණකාලින හෝ අර්ධකාලීන

* දෙමළ /ජපන්/කොරියානු සහතික පත්‍ර පාඨමාලා – පුර්ණකාලින

* හිසකෙස් සැකසීම සම්බන්ධ පාඨමාලාව – පුර්ණකාලින

* පෙරපාසල් ගුරු පුහුණු පාඨමාලා – පුර්ණකාලින

* ඇඳුම් සැකසීම පිළිබඳ පාඨමාලා (without blocks) – අර්ධකාලීන

* කේක් හා කේක් ආකෘති සෑදීම පිළිබඳ පාඨමාලා – අර්ධකාලීන

*මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා – අර්ධකාලීන

තරුණ කටයුතු අමාත්‍යංශය යටතේ මෙම ආයතනය ක්‍රියාත්මක වේ. මෙහි විස්තර සියලුම පළාත්,දිස්ත්‍රික්,කාර්යාලයන්හි හා ප්‍රාදේශීය ලේඛම් කාර්යාලවලදී ලබාගත හැකිය.

03. ජාතික වෘත්තිය පුහුණු ආයතනය දු.ක: 0112592233

නො 354, අල්විටිගල මාවත,

නාරාහේන්පිට.

පාඨමාලා :-

* ඉවුම් පිහුම් සම්බන්ධ පාඨමාලා – පුර්ණකාලීන

* තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව – පුර්ණකාලීන/අර්ධකාලීන

04. තාක්ෂණ විද්‍යාලය – හෝමාගම

දු.අ : 0112855315

පාඨමාලා :- ලේකම්කරණය පිලිබඳ පාඨමාලාව – පුර්ණකාලීන/ අර්ධකාලීනපාඨමාලා :- ලේකම්කරණය පිලිබඳ පාඨමාලාව – පුර්ණකාලීන/ අර්ධකාලීන

05. ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු අධිකාරිය දු:අ – 0112636910

ජාතික තරුණසේවා සභාව,

දුම්රියපොළ පාර, රත්මලාන

පාඨමාලා :-

* හිසකෙස් කැපීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව – පුර්ණකාලින/අර්ධකාලීන

* රුපලාවන්‍ය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව – පුර්ණකාලින/අර්ධකාලීන

* හිසකෙස් මෝස්‌තර පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව – පුර්ණකාලින/අර්ධකාලීන

* මනාලියන්ගේ ඇඳුම් සැකසීම සම්බන්ධ සහතික පත්‍ර පාඨමාලාව – අර්ධකාලීන

* පෙරපාසල් ගුරු පුහුණු සහතික පත්‍ර පාඨමාලාව – පුර්ණකාලින

* ලේකම්කරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව – අර්ධකාලීන

06. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) දු:අ – 0112863680

නො: 971, ශ්‍රී ජයවර්ධනපුර මාවත, වැලිකඩ

රාජගිරිය.

මෙය ආධුනිකත්ව ක්‍රමය යටතේ වෘත්තීය පුහුණුව ලබාදෙන ප්‍රධානතම රාජ්‍ය ආයතනයකි.වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක්ම යටතේ ශිල්පී පාඨමාලා 150 අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කරයි. පහළම අධ්‍යාපන මට්ටමක් ඇති අයට මෙන්ම උසස්පෙළ සමතුන්ටද අයදුම් කළ හැකි පාඨමාලා මේ අතර වේ.මෙම පාඨමාලාවන් සදහා වසර පුරාම සිසුන් බඳවා ගනු ලැබේ. සාර්ථකව පුහුණුව අවසන් කරන, සහතිකපත් ලැබූ ආධුනිකයන් සඳහා ස්වයං රැකියා ණය පහසුකම් හිමි වීම් විශේෂ ප්‍රතිලාභයක් වේ

පාඨමාලා කිහිපයක් :-

* ඉදිකිරීම් ක්ෂේත්‍රය

* විදුලි ක්ෂේත්‍රය

* මැණික් සහ ස්වර්ණාභරණ

* පාවහන් සහ සම්භාණ්ඩ සැකසීමේ ක්ෂේත්‍රය

* රෙදිපිළි සහ ඇගලළුම් කර්මාන්ත ක්ෂේත්‍රය

* ලිපිකරු හා සම්බන්ධිත ක්ෂේත්‍රය

* තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය

* හෙද සහ පරිපූරක වෛද්‍ය සේවා ක්ෂේත්‍රය

* වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය

මෙම අධිකාරියේ පළාත් කාර්යාල හා ජාතික ආයතන මගින් ද ඔබට වැඩි විස්තර විමසිය හැක.

බස්නාහිර පළාත

242, හැව්ලොක් පර, කොළඹ 05.

දු:අ :- 0112597671-2

මධ්‍යම පළාත
108/2 බි, තිවංක බෝධි මාවත,
මහනුවර.
දු:අ- 0812201918

දකුණු පළාත
27, විවෘත විශ්වවිද්‍යාල මාවත, නුපේ, මාතර
දු:අ- 0412226958
වෙබ් අඩවිය – www.naita.slt.lk

07.ශ්‍රි ලංකා ව්වෘත විශ්ව විද්‍යාලය

මෙය විශ්ව විද්‍යාල කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන ජාතික විශ්ව විද්‍යාල පද්ධතියේ එක් අංගයකි. ව්වෘත විශ්ව විද්‍යාල පීඨ 4 කින් සමන්විත වේ .

I. අධ්‍යාපන පීඨය

II. ඉංජිනේරු තාක්ෂණ පීඨය

III. මානව ශාස්ත්‍ර හා සමාජ පීඨය

IV. ස්වභාවික විද්‍යා පීඨය

ව්වෘත විශ්ව විද්‍යාලය මෙම පීඨයන් මගින් පාඨමාලා 40 කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යයි . ඒ සඳහා වයස අවුරුදු 18 ට වැඩි මූලික සුදුසුකම් සපුරාලන ඕනෑ ම අයෙකුට අයදුම් කළ හැකිය. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය පදනම් වන්නේ අ.පො.ස උ/පෙළ විභාග ප්‍රතිඵල මතයි. එහෙත් ව්වෘත විශ්ව විද්‍යාලයේ උ/පෙළ අසමතුන්ට විකල්පයක් ලෙස දෙවසරක පදනම් පාඨමාලාවක් පවත්වනු ලැබේ. එ මගින් සුදුසුකම් සපුරාලන සිසු සිසුවියන්ට මෙහි ඩිප්ලෝමා හෝ වෙනත් පාඨමාලාවකට ඇතුළත් වීමට හැකි වීම විශේෂත්වයකි. ව්වෘත විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශිය ,අධ්‍යාපන හා ඉගැන්වීම් මධ්‍යස්ථාන දිවයින පුරා ව්‍යාප්තව පවතී .

ප්‍රාදේශීය මධ්‍යස්ථාන –

කොළඹ – නාවල / නුගේගොඩ – 011 2853930

මාතර – නූපේ / මාතර – 041 2222943

නුවර – පොල්ගොල්ල/ මහනුවර – 081 2499370

යාපනය – බ්‍රවුන්ස් රෝඩ් /කොකුවිල් /යාපනය – 021 2223374

08. ශ්‍රීලංකා ජර්මන් කාර්මික තාක්ෂණ පුහුණු ආයතනය

“ජර්මන්ටෙක්” ආයතනයෙන් පාඨමාලා සම්පූර්ණ කරන බොහෝ දෙනා විදේශීය රැකියා හිමි කර ගනී.

ලිපිනය : නො.582 , ගාලු පාර , ගල්කිස්ස. දු.අ . : 011 2605625
වෙබ් අඩවිය : www.cgtti.slt.lk

මීට අමතරව තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.tvec.gov.lk මගින් ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.

සා /පෙළ සහ උ/පෙළ අවසන් වූ ඔබටත් වෘත්තීය පුහුණු අවස්ථා

ඔයත් කැමතිද ස්වභාවිකව කොන්ඩෙ Straight කරන්න?

කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන කතා කරන කොට හිස කෙස් වලට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. හැමෝම කැමතියි තමන්ගේ කොණ්ඩය ලස්සනට තියාගන්න. ඉතින් අද අපි කියල දෙන්නේ පැයක්...

ඇත්ත ඇති සැටියෙන් පිළිගෙන සැබෑ ලෙස ජිවත් වෙන්න

අපි සියල්ලන්ම අපේ ජිවිතයේ ඇති අරමුණු කරා අපි විවිධ මාර්ග ඔස්සේ ගමන් කරමින් සිටිනවා. අපි හැමෝටම බාධක නැති මාර්ග හම්බවෙන්නේ නැහැ. අපේ අතරින් සමහරක්...

ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික ආශාවල්

දික්කසාද වීම වල පවුල් තුල ආරවුල් ඇතිවීමේ වර්ධනයක් දක්කන්ට ලැබේ. මේ සඳහා ගොඩක්ම බලපාන්නේ ලිංගික අතෘප්තිකර බවයි. ඒ කියන්නේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමාගෙන්...

සෙල්ෆි කලාවේ නවතම පෙරලිය VIVO V7

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් වන VIVO සිය V series දුරකතන පෙළට එක්වුණු නවතම දුරකතනය වන VIVO V7දුරකතනය දෙසැම්බර් 24 දින...

සුදුවෙන්න සම නිරෝගී වෙන්න ඔයත් මේ ක්‍රම අනුගමනය කරන්න

බොහෝ කාන්තවන්ගේ ඒකායන පැතුම තමයි සුදු වෙන එක. අපේ සමේ පැහැයට බලපාන්නේ මෙලනින් කියන වර්ණකය. මෙලනින් වල අඩු වැඩිබව මත තමයි අපේ සමෙ පැහැය...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 2 කොටස

පවුල් සංවිධාන ක්‍රම( family planning )අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි...

හරිම විදිහට bio data එක හදන විදිහ

හොඳම රැකියාවක් ජීවිතයේ ඇති තවත් එක් සිහිනයකි. බොහෝ දෙනෙකුට රැකියා සිහිනය යථාර්තයක් කර ගන්නට උත්සහ කරන්නේ අධ්‍යාපනය නිමකිරීමෙන් පසුවයි. අධ්‍යාපනය අවසන් කරන ඔවුන් ජිවදත්ත පත්‍රිකා...

තම හොඳම මිතුරන් සමඟ විවාහ වූ බොලිවුඩ් තරු

ශ්‍රී ලංකාවේ අපි සිනමා රසිකයින් විදියට ඉන්දියාවේ බොලිවුඩ් තාරකාවන් ගැන තිබෙන්නේ නිරන්තර අවධානයක්.මේ සිනමා තාරකාවන්ගේ ආදර කතාත් ඒ තරම්ම අපේ කුතුහලය අවුස්සන සුළුයි.මෑතකදී ඉන්දියාවේ...

ඔබත් මමත් ඇයත් හි සුරූපී මායා

අද බොහෝ පිරිසක් නරඹන ටෙලි නාට්‍යය බවට පත් වී ඇත්තේ ඔබත් මමත් ඇයත් ( obath mamath ayath ) ඉන්දියානු ටෙලි නාට්‍යයි. මායා මල්හෝත්‍රා කියන්නේ...