සමාධිගේ ගෙදර කට්ටිය හැමදාම රැට tv  බලනව. ටෙලි නාට්‍ය 5ක් වත් දවසකට බලන එක ඔවුන්ගේ පවුලේ පුරුද්දක් වෙලා දැන්. ඒ හැම එකකම තියෙන්නේ උගුල් අටවනවා, කෙනෙක් ඒවාට අහු වෙනා, කපටිකම් කරනවා, අනුන්ගේ පවුල් ගිනි තියනවා වගේ දේවල් තමයි. දිනක් එක නාට්‍ය ජවනිකාවක ජවනිකාවක තරුණ පිරිස් වෙනුවෙන් සංවිධානය වුන සාදයකදී විනෝද වීමට හා අත්දැකීම් ,ලබා ගැනීමට කියා මත්ද්‍රව්‍ය හා මත්  පෙති පානය කරන දර්ශනයක් සමාධි දැක්කා . ඒ අතරේ තමන්ගේ පෙම්වතා රිදවන්න කියල තවත් පිරිමි මිතුරෙකු හා  කුළුපග වෙන දර්ශනත් තිබුණා .

සමාධිගේ හොදම යෙහෙළියගේ උපන්දින සාදයත්  ලගදීම පැවැත්වෙන නිසා එදාට අලුත් අත්දැකීමක් ලබා ගන්න සමාධී  හිතාගත්තා. යෙහෙලියත් එක්ක  විස්තරේ කියපු සමාධි උපන්දිනය දවසේ උදේ හදිසියේම එයාගේ පෙම්වතාටත් ආරාධනා කරේ යෙහෙලියගේත් අනුදැනුම පිට. පෙම්වතා එක්ක අමනාපෙන් ඉන්න නිසා ඔහුටත් හොද පාඩමක් උගන්වන්න සමාධි හිතාගත්තේ එදා ටීවී  එකේ දැකපු ඒවත් මතක් කරගෙන.

සමධිට මොකද උනේ??

අපි ගොඩක් දේවල් අපේ ජිවිත වලට ගන්නේ සමාජයේ කොහෙන් හරි දැකල තියෙන අහල තියෙන දේවල්. ටීවී  එකේ දකින දේවල් කරලා බලන්න හිතෙන්නේ ඒවගෙන් අලුත් දෙයක් ජීවිතේට එකතු වෙයි කියල හිතාගෙන. හරි ඒවගේ හරි වැරැද්ද දකින්න පෙලබෙන්න බොහොම අඩුවෙන්. සමහර වෙලාවට කරපු දේක  බරපතලකම තේරෙන්නේ ඒවගේ ප්‍රථිපල  එනකොට. ටීවී එකේ තියෙන නාට්‍යක  වගේ අපේ ජිවිත වලට පිටපතක් නැති නිසා අපි කරපු දේවල් වල ප්‍රථිපල  එනකොට සමහර වෙලාවට හදන්න බැරි තරම් අපිට ජිවිතේ වැරදිලා තියෙන්න පුළුවන්.

ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනි නිවදරී විදිහට මාධ්‍ය භාවිතා  කරන්න. ඒ කියන්නේ ට්ව එකේ පෙන්වන දර්ශන වලින් අපේ ජිවිත වලගන්න පුළුවන් දේවල් මොනාද, අපිව අමාරුවේ දල අපෙන් වාසි  ගන්න හදන දේවල් මොනාද කියල සිහියෙන් දකින්න පුරුදු වෙන්න ඕනි. මෙතැනදී මත්ද්‍රව්‍ය හා මත්  පෙති පානය ගැන බලමු. දැනට ලංකාවේ මත්ද්‍රව්‍ය හා මත්  පෙති පානය කරන කාන්තාවන් ප්‍රමාණය  ගොඩක් අඩුයි. ඉතින් මේ වගේ දේවල් වලින් ඔවුන්ව පෙළබිමට  ලක් කලාම ඒවා හදන සමාගම් වල අදායම දෙගුණ තෙගුණ වෙනවා.

මත්ද්‍රව්‍ය, සිගරට්  හා මත්  පෙති පමණක් නෙමෙයි තවත් නොයෙක් අනවශ්‍ය විෂම දේවල් වලටත් මේ ආකාරයටම ඔබව අල්ලා ගැනීමට සදහා ඔබ වෙත විශේෂයෙන් නොයෙක් දේවල් ඉදිරිපත් කරනවා. මිට පස්සේ රුපවාහිනී නාලිකා බලනකොට නිතර සිහියෙන් ඉන්න. ම්හිතල බලන්න මේ දකින දේවල් කගේ හරි උවමනාවකට අපට උගන්වන්න  හදන ඒවාද කියල.  මේ වගේ උගුල් වලට හසු නොවී තර්කනුකුලව හිතල බලන්න ඔබත් උත්සල කරන්න.

 

 

සිහියෙන්ද  TV  බලන්නේ?

valentine 2018

සුනිල් පෙරේරා සමග ජිප්සීස් සමඟ චන්දුමල් හාC plus කොච්චිකඩේ Hotel Renowell හිදී 2018 පෙබරවාරි 10 වන දින

බිස්නස් එකට ආයුෂ අඩු ඇයි

ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා හිතුනම ගොඩක් අය කරන්නේ තමන් දන්න කියන අය අතරින් දියුණු වෙලා තියන ව්‍යාපාරයක් පටන් ගන්නවා.එහෙමත් නැත්නම් ලඟදි පටන් අරන් හොඳට...

Living Together කියන්නේ ආදරයට එහා ගිය බැඳිමක් ද? දසුන්ගේ බිරිඳ හංසි කථා කරයි

https://thewoman.lk අපි නිරන්තරයෙන්ම සමාජය තුල පවතින කාලින මාතෘකා ගැන කතා කරනවා. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ මෑත කාලයේ ගොඩක් කථා බහට ලක්වුණ දෙදෙනෙක් වන ජනප්‍රිය...

ශ්‍රී දේවිගේ මරණය අභිරහසක් වෙයි

ශ්‍රී දේවිගේ මරණය හෘර්දයාබධයක් නිසා සිදු වුවක් බවට ඊයේ දිනයේ එරට මාධ්‍යන් ඔස්සේ වාර්තා කරනු ලැබුවා. එත් අද වන විට ඩුබායි සෞඛය අමාත්යංශය මඟින්...

මේ මගේ කතාවයි -09 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

මේ සතිය ඔබට

මේෂ ව්‍යාපාර වලින් ලාභ බුධ දහවැන්නේ ගමන් කිරීම ඉතා යහපත්ය. ව්‍යාපාර කටයුතුවලින් වැඩි ලාභ ප්‍රමාණයක් බලාපොරොත්තු වීමට පුළුවන. බලවත් පුද්ගලයින්ගේ උදවු උපකාර ලැබිය හැක.ජනප්‍රියතාවය වැඩිවෙයි....

online සාප්පු සවාරියක් යමු

පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව...

පුංචි බබාලා ඉන්න අම්මලාට

පුංචි දරුවන් ඉන්න ඕනිම අම්ම කෙනෙක් හරිම කාර්ය බහුලයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එත් බරහිර රවල කට්ටිය නම් කාර්ය බහුල කම අතරේ...

Music Fest 2018

කින්ග්ස්වූඩ් විද්‍යාලීය කොළඹ සංසදය විසින් සංවිධානය කරනු ලබන Music Fest 2018, මාර්තු 18 වන දින විහාරමහාදේවි විවෘත රඟහලේදී සවස 7.00 සිට පැවැත්වේ. චිත්‍රාල් ,...