ඇඹරැල්ල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :

පැසුණු ඇඹරැල්ල ගෙඩි 07
අඹරාගත් අබ මේස හැදි 01
විනාකිරි මේස හැඳි 01
අඹරාගත් ගම්බිරිස්, මිරිස් මේස හැඳි 01
සිනි තේ හැඳි 01
ලුණු කුඩු තේ හැඳි 01

සාදන ආකාරය :

ඇඹරැල්ල ගෙඩි සුද්ද කර කෑලිවලට කපා තලා ගන්න.
මිරිස්, ගම්මිරිස්, අබ එයට දමා කලවම්කරන්න. දැන් ලුණු, විනාකිරි, සීනි එක් කරන්න.

අඹ – අන්නාසි අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :

පැසුණු අඹ ගෙඩි 02
පැසුණු අන්නාසි අවශ්‍ය ප්‍රමාණයට
ගම්බිරිස් කුඩු මේස හැඳි 01
අඹරාගත් අබ මේස හැඳි 01
විනාකිරි
සිනි තේ හැඳි 01
ලුණු කුඩු තේ හැඳි 01

සාදන ආකාරය :

අඹ හා අන්නාසි ලෙලි ඉවත් කර අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න.
ඉන් පසු ඉහත ද්‍රව්‍ය සියල්ලම දමා විනාකිරි සමඟ කලවම් කර හොඳින් වසා තබන්න.

 

වෙරළු අච්චාරු


අවශ්‍ය ද්‍රව්‍ය :

පැසුණු වෙරළු ගෙඩි අවශ්‍ය ප්‍රමාණයට
අඹරාගත් අබ මේස හැදි 01
විනාකිරි මේස හැඳි 01
අඹරාගත් ගම්බිරිසි, මිරිස් මේස හැඳි 01
සිනි තේ හැඳි 01
ලුණු කුඩු තේ හැඳි 01

සාදන ආකාරය :

වෙරළු ගෙඩි ගලේ තබා තලා ලුණු මිශ්‍ර වතුරේ දමා තම්ඹා ගන්න
වතුර බේරුණු පසු විනාකිරි ස්වල්පයකට අඹරාගත් අබ, ගම්මිරිස්, මිරිස් හා සීනි යොදා වෙරළුත් දමා කලවම් කර ලුණු මිශ්‍ර කරන්න.

 

ලොවි අච්චාරු


අවශ්‍ය ද්‍රව්‍ය :

පැසුණු ලොවි ගෙඩි 30
අඹරාගත් අබ මේස හැදි 01
විනාකිරි මේස හැඳි 01
අඹරාගත් ගම්බිරිස්, මිරිස් මේස හැඳි 01
සිනි තේ හැඳි 01
ලුණු කුඩු තේ හැඳි 01

සාදන ආකාරය :

ලොවි ගෙඩි හොදින් සෝදා තලා ගන්න.
මිරිස්, ගම්මිරිස්, අබ එයට දමා කලවම්කරන්න. දැන් ලුණු, විනාකිරි, සීනි එක් කරන්න.

 

උගුරැස්ස අච්චාරු


අවශ්‍ය ද්‍රව්‍ය :

පැසුණු උගුරැස්ස ගෙඩි 30
අඹරාගත් අබ මේස හැදි 01
විනාකිරි මේස හැඳි 01
අඹරාගත් ගම්බිරිස්, මිරිස් මේස හැඳි 01
සිනි තේ හැඳි 03
ලුණු කුඩු තේ හැඳි 01

සාදන ආකාරය :

උගුරැස්ස ගෙඩි හොදින් සෝදා තලා ගන්න.
මිරිස්, ගම්මිරිස්, අබ එයට දමා කලවම්කරන්න. දැන් ලුණු, විනාකිරි, සීනි එක් කරන්න.

 

දිවුල් අච්චාරු


අවශ්‍ය ද්‍රව්‍ය :

පැසුණු දිවුල් ගෙඩි 2 (ඉදුණු නැති දිවුල් තෝරාගන්න)
අඹරාගත් අබ මේස හැදි 01
විනාකිරි මේස හැඳි 01
අඹරාගත් ගම්බිරිස්, මිරිස් මේස හැඳි 01
සිනි තේ හැඳි 03
ලුණු කුඩු තේ හැඳි 01

සාදන ආකාරය :

දිවුල් ගෙඩියේ මදය සුරාගන්න
මිරිස්, ගම්මිරිස්, අබ එයට දමා කලවම්කරන්න. දැන් ලුණු, විනාකිරි, සීනි එක් කරන්න.

කටට රසට අච්චාරු

ආවාට ගියාට ඇඳුම් තෝරන්න එපා

ඇඳුම් පැළදුම් කියන්නේ ඕනිම කෙනෙකුගේ පෞර්ෂයට බලපාන ප්‍රධාන දෙයක්. ඇඳුමෙන් ඔබේ ප්‍රතිරූපය නංවන්නත් විනාශ කරන්නත් පුළුවන්. තමන්ගේ හැඩරුව ඉස්මතු කරන, ප්‍රසන්න හැඟීම් ඇතිවන ඇඳුම්...

කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි

ස්ත්‍රී දුෂණය ( Rape ) - දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය   * 1995 අංක 22, 1998 අංක 29, දරන පනත් මඟින් දණ්ඩ නීති සංග්‍රහයට කරන...

අලුත් අවුරුදු කෑම මේසයේ අමුත්තන්ට පිළිගන්වන්න අලුත් විදිහේ කෑම ටිකක් හදමු

මේ ළඟ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න අපි අලුත් විදිහේ කෑම වර්ග ටිකක් හදමු.   බනානා බ්‍රෙඩ් අවුරුදු කාලයේදී සෑම ගෙදරකම පිරිලා...

බිස්නස් එකට ආයුෂ අඩු ඇයි

ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා හිතුනම ගොඩක් අය කරන්නේ තමන් දන්න කියන අය අතරින් දියුණු වෙලා තියන ව්‍යාපාරයක් පටන් ගන්නවා.එහෙමත් නැත්නම් ලඟදි පටන් අරන් හොඳට...

විවේකි සැන්දෑවක් ගත කරන්න රාවණා යුගයට අයිති කදිම තැනක්

උස්සන්ගොඩ කියන්නේ රාවණා රජු සමය දක්වා අතීතයකින් හෙබි ජනප්‍රවාද බොහොමයක් ඇති අක්කර 412ක් පමණ භූමි ප්‍රමාණයක්. මුහුද දෙසට නෙරා ගිය කොටසේ සිට මුහුදට ඉතා අපුරු...

නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

ශවුර් කියන්නේ මුම්බායි නගරයේ ඉන්න තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි නුරි. ඔවුන්ගේ සම්බන්ධයට නුරිගේ ගෙදරින් කැමති නෑ . ඒ නිසා ඇයව වෙන කෙනෙකුට විවාහ කර...

ඔබ නිදන ඉරියව්වෙන් කියවෙන ලිංගික රහස්

නිදාගැනීමේදී කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම විවිධ ඉරියව් භාවිතා කරනවා. ඉතින් මේ ඉරියව් මඟින් ලිංගිකත්වය පිලිබඳ අනාවැකි කියවෙන බව ඔබ දන්නවාද?   මෙහිදී ඔබ යම්කිසි ආකාරයකට ඔබගේ...

ස්වයං වින්දන ගැටළු

වටෙන් ගොඩෙන් නැතුව නැතිව කෙලින්ම මාතෘකාවට පිවිසියොත් අද ස්වයං වින්දනය බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා. ගැහැණු හෝ පිරිමි බේදයකින් තොරව සිදුවන මෙම ස්ව...

සුබ අළුත් අවුරුද්දක් වේවා!

සුබ අළුත් අවුරුද්දක් වේවා! මම එහෙම ඔයාට සුබ පැතුවට ඔයා ඔයාට සුබ පැතුවද? ඔයා ඔයාට ස්තූතියි කිව්වද? කමක් නෑ තාමත් ඔයා ප්‍රමාද නෑ. අපි...