මිස් ශානිකා නොහොත් විරූපිකා. මට මේ ලෝකේ පේන්නම බැරි ගෑණු චරිතේ. එයා යටගිය දවස බරණැස් නුවර කාලේ ඉඳන් මගේ තාත්තා ගැන hopes තියන් ඉන්නවා. හොඳ වෙලාවට තාත්තා මගේ අම්මව බැන්ඳේ. නැත්තන් ශානිකා මගේ අම්මා වෙනවනේ. කොහොමත්ම බෑ එයාට අම්මා කියන්න. එයා හැසිරෙන්නේ දාසයයි මාසයයි වගේ. පුදුමෙකට මගේ ලොකු ආච්චි එයාට හරි කැමතියි.

“හායි මේනු… කෝ ඔයාගේ තාත්තා…?”

ශානිකා ගෙදර එනකොට මට හිතෙන දේවල් ගොඩක් තියෙනවා. එකක් හරියට කැත්‍රිනා කුණාටුව වගේ. මොකද එයා ඇවිල්ල ගියාම අපේ ගෙදර කුණාටුවකට අහුවුණා වගේ සියල්ල දසත විසිරෙනවා. අනික් එක Fashion House එකක භාගයක් ගෙදර ආවා වගේ. සම්පූර්ණ ඇඳුම් නෑ. ඔක්කොම කෑලි. එයා නියම තොරොම්බල් කරත්තේ. කරාබු, මාල, වළලු, මුදු, anklets, wool bands පාට පාට පටි දාපු ඔරලෝසු ඒ මදිවට මේ පාර එයා නහයත් විදගෙන. මම විද්දා නම් නාස් ලණුවකුත් දානවා. නාකි හොල්මන. Lipstick, nail polish, eyeshadow, mascara එකී මෙකී නොකී සියල්ල උලාගෙන ඒ මදිවට මිනී සෙන්ට් කුප්පියකුත් ඇඟේ හලාගෙන පොළව විදින උල් සපත්තු දාලා සාය කොටේකුත් ඇඳගෙන පස්ස දික්කරගෙන එනවා පේනකොට නම් මට හිතෙන්නේ English sir හොඳයි කියලා.

මේ ඔක්කොම දේවල් හිතනකල් එයා ටිෂූ එකකින් මූණ පිහ පිහ මං දිහා බලන් ඉන්නවා.

“තාත්තා නිදි…” මම දොර හරහට හිටගෙන කිව්වා.

“හානේ…නෝටි කොල්ලෙක් එයා…මේ නිදියන වෙලාවක්ද? කෝ මම ඇහැරවන්න…” ශානිකා කට උල් කරගෙන කියද්දි නම් හිතෙනවා එයාගේ මූණ ඉස්සරහට කණ්නාඩියක් අල්ලන්න.

“ආන්ටි කොල්ලා කිව්වේ තාත්තටද?” මම ඇහුවා.

“නැත්තන්… ඩාර්ලින්ග්… වෙන කාටද? ඔයාගේ තාත්තට over forty වුණාට තාම එයා young looking නේ අනේ…ඒත් ඉතින් එයාට බැරි වුණානේ මාව marry කරල life එක enjoy කරන්න…” ශානිකා දුක් වුණේ හරියට මගේ තාත්තා paralyze වෙලා වගේ.

“ඒ ඉතින් මගේ අම්මව marry කරපු නිසානේ තාත්තට ආන්ටිව marry කරන්න බැරි වුණේ. ඔන්න මුස්ලිම් වුණානම් අන්තිම marriage එකට වගේ ආන්ටිව marry කරන්න තිබුණා..” මම කියද්දි ශානිකා ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලන් හිටියා.

“Funny girl අනේ ඔයා…” එයා මෝඩ විදියට හිනාවෙලා ගේ ඇතුළට ගියා.

මට ඇත්තටම හිතාගන්න බෑ තාත්තා කොහොම මේ උරචක්කර මාලේ බෙල්ලේ දාගත්තද කියලා.

ශානිකා ගිහින් තාත්තගේ හීන චැනල් එක මාරු කළා.

“ඔයාට ලොකු වැඩක් නැහැනේ වින්දික. යමුකෝ අපි Dinner out එකක්…” ශානිකා තාත්තගේ අතකුත් අල්ලගෙන. දෙන්න හිතයි දත් සෙට් එකේ හැඩ බල බල ඉන්න.

“ඇයි නැත්තේ.. මම මේනු එක්ක Dinner out එකක් යන්න එයාට promise වුණානේ..” තාත්තා පට්ට පල් බොරුවක් කිව්වා.

ඇත්තටම තාත්තා ඒ වගේ භයානක පොරොන්දු මට දෙන්නේ නෑ. මොකද දවසක් එයා මාව එහෙම ගමනක් එක්ක ගිහින් වුණ වැඩක් නිසා.

වුණේ මෙන්න මේකයි. තාත්තා එයාගේ උපන්දිනේකට මාව එක්ක ගියා හොටෙල් එකකට. Beach එක අයිනේ. මම ඉතින් මට ඕන දේවල් order කළා.

“පුතා… ඔයා මේ ඔක්කොම ජාති කනවද?” තාත්තා හිමිහිට ඇහුවා.

“ඔව්නේ තාත්තේ…මම හැදෙන වයසෙනේ ඉන්නේ…ඉතින් මම හොඳට කන්න බොන්න ඕනෙනේ…ඇයි තාත්තේ?”

“නෑ.. නෑ… හොඳයි….”

මම ඉතින් හිනාවෙලා මට ඕන ජාති ඔක්කොම order කළා. සෑහෙන වෙලාවකට පස්සේ අපේ මේසේ එක එක ජාතියේ කෑම වලින් පිරිලා ගියා. අන්න එතකොට නම් මට තරු විසික් වුණා.

“තාත්තේ… දැන් මම මේ ඔක්කොම කන්න ඕනෙද?”

“ඔව් නැතුව… ඔයා හොඳට කන්න බොන්න ඕන කිව්වේ… කන්න හොඳට…” තාත්තා කියද්දි මගේ කට ඇදවුණා.

හැබැයි මමත් නිකන් හිටියේ නෑ. හොඳ හුස්මක් අරගෙන කන්න පටන් ගත්තා. ඔක්කොම කෑවා. කියන්න සන්තෝසයි එදායින් පස්සේ තාත්තා පොඩි බඩගින්නක් නිවන්නවත් සයිවර් කඩේකටවත් එක්ක ගියේ නෑ. හැමදේම ගෙදරට ගෙනල්ලා දුන්නා.

“මේනු එක්ක කොයිවෙලේ යන්න බැරිද වින්දික. මම ලබන සතියේ ඉන්දියා යනවා. ආයේ එන්නෙත් මාසෙකින්..” ශානිකා අදෝනාවක් කියෙව්වා.

“ඇත්තට? ඇයි ඔයාට Film director කෙනෙක්වත් එන්න කිව්වද?” තාත්තටත් මරු කටක් පිහිටලා තියෙන්නේ.

“පිස්සුද අනේ..? ඇයි අනේ මගේ සාරි බිස්නස් එක? සාරි අරන් එන්න යන්නේ අනේ…”

“අනේ… “ පණ පලයන් ලබන බදාදා වොයිස් එකක්නේ ඒක…

මේ අතරේ යසෝමා ශානිකාට Cool drink එකක් අරන් එනවා මම දැක්කා. මම දුවලා ගිහින් ඒක ඉල්ල ගත්තා. ශානිකා ඉඳගෙන හිටියේ පුටුවේ තාත්තට එහා පැත්තේ. මම තාත්තගේ ළඟින්ම ඇවිදගෙන යන්න හදද්දි තාත්තගේ කකුළේ පැටලිලා Cool drink එක ශානිකාගේ ඇඟේ හැලුනා.

“අයියෝ මේනු….” ශානිකා උඩ පැන්නේ හරියට එයාගේ ඇඟට කැරපොත්තෙක් වැටුණු ගාණට.

“අහ්හ්…. අනේ සොරි ආන්ටි…” මම නොසෑහෙන්න දුක් මූඩ් එකක් ගත්තා.

ඒ වුණාට මම ඒක කළේ හිතලමයි. Cool drink දෙන්නම එක්කෙනා. තාත්තගෙත් කුඩා මොළේට තේරුනා මම ඒක කළේ හිතලමයි කියලා. මම ඒක එයාගේ ඇස් වලින් දැක්කා.

“බලන්න ආන්ටි මේනු කරපු වැඩේ…” ශානිකාගේ කෑගැහිල්ලට ලොකු ආච්චිත් ආවා.

උණු වතුර බාල්දියක් හලන්න තිබුණේ. පිස්සු විකාරේ.

“දුවගේ කකුළ පැටළුනා. ඒකයි වුණේ. හිතලා කරපු දෙයක් නෙමේ…” තාත්තා මගේ ගැලවිජ්ජාවට කිව්වා.

මම tray එකේ කොනක් හප හප ලොකු ආච්චි දිහා බලන් හිටියා.

“ඔය tray එක හප හප ඉන්නේ… ගිහින් යසෝමට කියන්න මෙතන සුද්ද කරන්න කියලා. කූඹි පිරෙන්න කලින්. ශානිකා එන්න wash එකක් දාගන්න…” ලොකු ආච්චි කියද්දි ශානිකා මට රව රව ගියා.

මම තාත්තා දිහා බලලා හිනාවෙද්දි තාත්තා,
“Thank you” කියලා ඇහැක් ගැහුවා.

“Welcome තාත්තා” කියලා මමත් ඇහැක් ගැහුවා.

මම කුස්සියට යද්දි යසෝමා ඉන්නවා හිනාවෙවී.

“මරු වැඩේ බේබි. මට ඔය සක්කරවට්ටම පේන්න බෑ..” කියලා යසෝමා ගියා ගේ සුද්ද කරන්න.

– නදිශානි බණ්ඩාර

අත්වැල ගිලිහී – 02 කොටස

සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න

අපේ බොහෝ කාන්තාවන් (women) ගැහැණු ළමයින් (girls) කැමතියි පවතින රූපය තව තවත් ලස්සන (beauty) කර ගන්න. ඒ නිසාම ඔවුන් ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් විහින් අවලක්ෂණ...

මහත වැහෙන්න ඇඳුම් අඳින්නේ මෙහෙමයි

ඔබත් ඔබේ මහත (fat) නිසා පිඩා විඳිනවද? මහත වැඩි ඔයාගේ මහත වහගන්න ක්‍රමයක් ගැනයි අපි අද ඔයාට කියලා දෙන්නේ. අපි මුලින්ම බලමු මහත වහගන්න මොනවගේ...

ඔබේ කන්‍යා පටලය ගැන ඔබ දන්නවා ද ( අතිශයින්ම කාන්තාවන්ට පමණයි )

මංගල යහනේදී පිරිමි ඉල්ලා සිටින්නේ කාන්තාවගේ පිරිසිදුකම තහවුරු කරන කන්‍යාභාවයයි. 21 වන සියවසේදීත් ආසියාතික රටවල කන්‍යාභාවයට විශාල වටිනාකමක් තියනවා. අතීතයේ පටන් කාන්තාවකගේ කන්‍යාභාවය පරික්ෂා...

2018 සිංහල අවුරුදු නැකත් සීට්ටුව

සුර්යයා මිණ රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමත් සමඟ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල හා දෙමල ජනයාගේ ප්‍රධාන සංකෘතික මංගල්‍යයයි. මේ 2018...

දිනපතාම අමුත්තෙකුට කාරුණික වන්න

මරණාසන්නව වැතිර සිටින ඇල්ඩොස් හක්ස්ලි සිය මුළු ජීවිතය පුරාම උගත් දේවල් සියල්ල ගැන මෙනෙහි කර එය සරල වචන 10කට සාරාංශ කළේය. " අපි එකිනෙකා...

වියලි කාලගුණයෙත් සම රැකගන්න මෙහෙම කරන්න.

මේ කාලයේ අපේ රටේ හැම ප්‍රදේශයකම තියෙන්නේ අධික වියලි කාලගුණයක්. පරිසරයේ පවතින වියලි බවත්,වියලි සුළඟත් නිසා අපේ සම බොහොම ඉක්මනට වියළි බවට පත් වෙනවා....

ඉදිරියේදී වාතයෙන් හදපු පෙට්‍රල් පාවිච්චි කරන්න වෙයිද

ටීසිඩ් නම් වන බ්‍රිතාන්‍ය සමගම විසින් 2015 සිට සිදුකරමින් පවතී පර්යේෂණ ගණනාවක ප්‍රතිපල 2018 එලි දැක්වීමට නියමිතයි. ඒ තමයි ජලය සහ වාතය භාවිතා කරමින්...

හරියට fashion කරන්න කැමති ඔයාට

හරියට fashion කරන්න කැමති ඔයාලව දැනුවත් කරන්න මේ ලිපි පෙලින් අපිත් එක්ක එකතු වෙන්නේ කනිෂ්ක සගබෝ ඩයස් මොස්තර නිර්මාණ ශිල්පියෙක් විදිහට ඉතාමත් කෙටි කලකින් ක්ෂේත්‍රයේ...

චාරිකා – 06 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...