ඔබ පුදුම වෙනවද දන්තාලේපයකින් ලස්සන වෙන්න පුළුවන් කිවුවම. ඔන්න එහෙනම් අපිත් බලමු ඒ ක්‍රම මොනවද කියලා.
01) කුරුලෑ සුව කර ගැනීමට
දන්තාලේප මේස හැඳි එකක් සහ මි පැණි තේ හැඳි 1/2 කුඩා භාජනයකට දමා හොඳින් කවලම් කර ගන්න. ඉන්පසු ඔබගේ කුරුලෑ මත එම මිශ්‍රණය ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
02) බ්ලැක්හෙඩ්ස් ඉවත් කර ගැනීමට
දන්තාලේප මේස හැඳි 1 ලුනු කුඩු තේ හැඳි 1ක් දමා ගන්න.ඉන් පසු එයට වතුර බිංදු කිහිපයක් දමා හොඳින් කවලම් කර ගන්න. සාදාගත් මිශ්‍රණය බ්ලැක්හෙඩ්ස් ඇති ස්ථාන වල ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා සෝදා හරින්න.
03) කළු ලප ඉවත් කර මුහුණ පැහැපත් කර ගැනීමට
දන්තාලේප මේස හැඳි 1ක් සහ තක්කාලි මේස හැඳි 1/2 එකට දම මිශ්‍ර කර මුහුණේ කළු ලප සැදී ඇති ස්ථාන වල ආලේප කරන්න. මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.