Wednesday, April 24, 2024

Top 5 This Week

Related Posts

මොකක්ද මේ පුරවැසි මාධ්‍යකරණය

පුරවැසි මාධ්‍යකරණය යනු වෘත්තීය ජනමාධ්‍යවේදීන් පුහුණු නොවූ පුද්ගලයන් විසින් ප්‍රවෘත්ති සහ තොරතුරු එකතු කිරීමත්, ලිවීමත්, සංස්කරණය කිරීමත්, නිෂ්පාදනය කිරීමත් හා බෙදාහරිමත් ලෙස සලකණු ලබයි.

පුරවැසි මාධ්‍යවේදීන් යනු, වෘත්තිකයන් නොවන බ්ලොග්, විකි සහ හුවමාරු වෙබ් අඩවි මත ටැබ්ලට්, ලැප්ටොප් පරිඝනක, ජංගම දුරකථන සහ ඩිජිටල් කැමරා සහ වෙනත්, ජංගම දුරකථන සහ රැහැන් රහිත තාක්ෂණයන් භාවිතා කරමින් ප්‍රවෘත්ති එකතු කරන, විශ්ලේෂණය කරන සහ පතුරුවන පුද්ගලයින් කොටසකි.

අතීතයේදී අපි සිදු කලේ පුවත්පත්, ගුවන් විදුලිය සහ රුපවාහිනිය මඟින් ලබා ගත් ප්‍රවෘත්ති පරිභෝජනය කිරීම පමණි.නමුත් වර්තමානයේ අප ජනමාධ්‍යවේදීන් වාර්තා කරන ප්‍රවෘත්ති නරඹනවා පමණක් නොව එම ප්‍රවෘත්ති වඩාත් සංවාදාත්මකව නැවත වාර්ථා කිරීමද සිදුවනු ලබයි.

සැකෙවින් ගත කල, ඔබ මහජනතාව උනන්දු වන කාරණයක් පිළිබඳ යමක් පලකරන හෝ හුවමාරු කරගන්නා ඕනෑම අවස්ථාවකදී ඔබ පුරවැසි මාධ්‍යවේදීකු ලෙස හැසිරෙයි.

තෙවන පාර්ශවයේ පුරවැසි ජනමාධ්‍ය වේදිකා සඳහා උදාහරණ
* අන්තර්ජාතික
CNN I Report www.ireport.cnn.com

* දේශීය
MTV නිව්ස් ෆස්ට් U-Report www.ureport.lk
විකල්ප www.vikalpa.org

කෙසේවුවද, ඉහත සඳහන් කිසිදු ජනමාධ්‍ය වේදිකාවක් භාවිත නොකර ඔබට ඔබගේ ප්‍රවෘත්තිය පලකල හැක. ඒ සඳහා ඔබට ඔබගේ ව්ප්‍රවෘත්තිය පලකල හැක.ඒ සඳහා ඔබට සමාජ මාධ්‍ය භාවිත කල හැක.

ඊළඟ ලිපියෙන් අපි කතා කරන්නේ යහපත් පුරවැසි මාධ්‍යවේදියෙක් වෙන්නේ කෙසේද කියලයි.

අදහස

Popular Articles