Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ආසියාවම හොල්ලපු ධම්මික පෙරේරාගේ සුපිරි කාර් එක

ලංකාවේ කෝටිපතියන් අතර පළමු තැන හිමිකරගන්නා ධනවත්ම වෙළඳ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා සුපිරි කාර් එකක් ලංකාවට ගෙන්නලා තියනවා. එහි වටිනාකම රුපියල් මිලියන 160ක්. Bentley Mulsanne Hallmark වර්ගයට අයත් මෙය දකුණු ආසියාවේ සහ මැදපෙරදිග මෙම රථය මිල දී ගත් පළමු අවස්ථාව කියලයි හඳුන්වන්නේ. ඒ වගේම මෙය ලෝකයේම වටිනාම සුඛෝපභෝගී රථයයි. එය අතිශය වටිනා ලෝහ සහ මැණික් ගල් ඔබ්බවා තමයි නිපදවා තිබෙන්නේ. මේ Mulsanne Hallmark වාහන අතින්, මිනිස් ශ්‍රමයෙන් තමයි නිපදවා තියෙන්නේ.. ඒ වගේම මෙම වාහන එක් වර්ගයකින් 50ක් වගේ තමයි නිපදවන්නේ. එකයි මේවා දුර්ලබ වාහන වන්නේ සහ ඉහළ වටිනාකමකට හිමිකම් ලබන්නේ. ධම්මික පෙරේරා මහහා මිලදී ගත්තේ එම වර්ගයේ 50 වෙනි වහනය වන අතර එය ගුවන් මඟින් ලංකාවට ගෙන්වා ඇත්තේ පෙබරවාරි 14 එනම් වැලන්ටයින් දවසේ. මෙය මුළු ආසියාවටම Bentley Mulsanne Hallmark රථ තියෙන්නේ 3ක් පමණයි.

 

 

 

Popular Articles