මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල් වලිනුත් අපිට ලොකු පීඩනයක් ඇති කළා.ඊට පස්සේ අපි තීරණය කළා ශ්‍රී ලංකා පවුල් සංවිධාන වෛද්‍ය මධ්‍යස්ථානයට “ආලෝකය “උපදේශන මධ්‍යස්ථානයට යොමු වෙන්න.
අපි විවාහ වෙලා දැනට මාස 10ක් වෙනවා.ඒ වුනත් අපි කවදාවත් අඹු සැමියන් විදියට ඉඳලා නැහැ.ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ දී කමල් ලිංගික අප්‍රානිකත්වයට පත් වෙනවා.ආලෝකය උපදේශන මධ්‍යස්ථානයෙන් අපෙන් වෙන් වෙන්වත් එකටත් තොරතුරු ලබා ගත්තා.
අපි දෙන්නා විවාහ වුනේ යෝජිත විවාහයකින් මාස 06ක් ආශ්‍රය කරලා.අපි දෙන්නගේ මංගල රාත්‍රියේ දී කමල් ලිංගේන්ද්‍රය
අප්‍රාණික භාවයට පත් වුණා.එදා සිට අපි දෙන්නා එකට ඉන්න කොච්චර උත්සහා කළත් එය සාර්ථක වුනේ නැහැ.මොකද කමල්ගේ ලිංගේන්ද්‍රය ඒ සඳහා ප්‍රමාණවත් වුණේ නෑ.අපි දෙන්නා සංසර්ග අවස්ථාවට ලං වෙන කොටම මම එයාගේ කනට ලංවෙලා රහසින් “කමල්”යැයි කථා කරන කොට එයා තිගස්සෙනවා.ඊට පස්සේ එයා මගෙන් ඈත් වෙලා යනවා.අපි කොච්චර උත්සහා කළත් අපිට සාර්ථකව එකතු වෙන්න බැරි වුණා.විවාහ වෙන්න විවාහ වෙන්න කලින් කමල් ස්වයං වින්දනයේ යෙදිලා තියෙනවා.ඒ දිනවල රාත්‍රි නින්දට ගොස් උදෑසන අවදි වන විටත් කමල්ගේ ලිංගේන්ද්‍රය පිබිදීමකට ලක් වෙනවා.

මම කමල්,මට ඉස්සර ප්‍රේම සබඳතාවයක් තිබුනා.මට එයාව හම්බු වුණේ ස්කොලේ කාලයේ,අපි අවුරුදු 10ක් ආදරය කළා.එයාව එයාගේ අම්මයි,තාත්තයි බලෙන්ම වෙන කෙනෙක්ට බන්ඳලා දුන්න නිසා අපේ ආදර කතාව එතනින්ම නතර වුණා.ඒ සිදු වීමෙන් පස්සේ මම ගොඩාක් දුකින් හිටියේ.ඒ සිද්ධිය වෙලා මම අවුරුදු 5ක් හිටියා.දෙමවුපියන්ගේ බලකිරීම නිසා විවාහයක් කරගත්තා.ඒ වුණාට මට මගේ ආදරය අමතක කරන්න බැරි වුනා එයාව ඇරෙන්න වෙන කෙනෙක්ව විවාහ කර ගන්නේ නෑ කියලා මම එයට පොරොන්දු වුණා.මම වෙන කසාදයක් කර ගත්ත නිසා එයාට බොරු කළා වගේ හිතෙනවා.එදා මංගල රාත්‍රියේ සිද්ද වුණ සිද්ධිය නිසා මගේ විශ්වාසය තවත් බිඳ වැටුණා.

“ආලෝකය” උපදේශන ස්ථානයේ උපදේශිකාව වන මම මේ දෙන්නගේ කතාවට සවන් දුන්න. මට මොවුන් දෙදෙනාගේ ගැටළුව වැටහුණා අඔුසැමි සම්බන්ධතාවයක් කියන්නේ කායික ක්‍රියාවලියක්ම විතරක් නෙවෙයි එය හුදෙක් මානසික ගනුදෙනුවක්ද වේ. අපගේ ශරීරයේ ප්‍රධානතම ලිංගික අවයවය වෙන්නේ මොළය. ලිංගික කාර්යය සඳහා මානසික සැහැල්ලුව අත්‍යාවශ්‍යය කරුණක්. කමල්ගේ මෙම මානසිකත‍වය තුළ ඔවුන් ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ දී ඔහු කාංසාමය තත්වයට පත්වෙනවා. ඔහුගේ එම කාංසාමය තත්වය ලිංගික ප්‍රාණවත්භාවය පවත්වා ගැනීමට පවා බලපෑම් ඇති කරනවා. අපි මුලින්ම කමල්ට මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය ලබාදුන්නා. ඒ තුලින්, මෙම තත්වය තාවකාලික අකර්මණ්‍යයතාවක් බව ඔහුට පැහැදිලි වුනා. පසුව ප්‍රජානන චර්යා ප්‍රතිකාර තුළින් ඔහුගේ සිතුවිලි වෙනස් කරමින් ඔහුට යථාර්තය අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා දෙනවා. ඊට පස්සේ කමල්වත්, හිමාලිවත් උපදේශන සැසි වලට සහභාගී කර ගනිමින් සංයම අභ්‍යාස හා පරිකල්පන අභ්‍යාස තුළින් ආතතිය ක්‍රමයෙන් ඉවත් කළා. මේ දෙන්නාගේ ලිංගිකත්වය පිලිබඳ තිබූ දැනුම අල්ප නිසා අපි ලිංගික ජීවිතය සුවදායක කරා ගැනීමට අවශ්‍ය දැනුම හා ලිංගික චිකිත්සනය ලබා දුන්නා

(නම් ගම් මනංකල්පිතයි)

හේමා රණවක
මනෝ උපදේශිකා
ජ්‍යෙෂ්ඨ කළමණාකාරිණි
“ආලෝකය” උපදේශන මධ්‍යස්ථානය 
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය 

 

ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය දිවිමඩලෙන් සමුගනී

කලා කීර්ති සුමිත්‍රා පීරිස් යනු ශ්‍රී ලාංකීය ප්‍රථම කාන්තා චිත්‍රපට නිෂ්පාදිකාව වන අතර ඇය සියලු දෙනා විසින් හඳුන්වනු ලබන්නේ “සිංහල සිනමාවේ කිවිඳිය” ලෙසිනි. ඇය...

ශාරුක් කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ඉදිරිපත් වේ

සිනමාව නිසා රසික ආදරයට වගේම  සම්මාන විශාල ගනණාවකට  පාත්‍ර වුන  සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්, කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම නිසාත්...

මද්‍යසාර භාවිතය නිසා ඔබත් ඔබේ පවුලත් අපහසුතාවයට පත් වෙලාද

  ඔබ තාමත් මැල් මැදුරට අවේ නැති ද? ඔහුගේ/අයගේ මත්ද්‍රව්‍ය භාවිතිය ඔබට මහත් අපහසුතාවයක්,වදයක් ගෙන දෙන්නෙක් ද?අපි ඔබට සුමිත්‍රයෙක් වෙන්නම්.අපිට ඔබගේ අපහසුව තුනී කර ගැනීමට උදව්...

මාලිගාවත්තේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් හතරක්

මාලිගාවත්ත, අලාමාඉබ්බාල් අතුරු මාර්යේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විශේෂ කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රියේ 8.30ට පමණ සිදුවූ...

වයිෆ් දැන් කැමති නෑ, මොකක්ද විසඳුම

විවාහය (marraige) කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි ඒ ගැන කථා කරමු මම පුංචි කතාවක් කියන්නද...? මේක මගේ යාළුවෙකුට වුණ සිදුවීමක්. මගේ යෙහෙළිය විවාහක (marriage) කෙනෙක් නෙමෙයි.  ඉතින් ඒ...

මේ මගේ කතාවයි – 10 කොටස ( අවසාන කොටස )

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

ජාතින් අතර අසමගිකම් ඇතිවන අයුරින් ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කල පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජාතින් අතර අසමගිකම් ඇතිවන අයුරින් සමාජ ජාලා වල ප්‍රකාශයන් ප්‍රචාරය කල වයස අවුරුදු 17 - 18 පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

පරිඝනක අපරාධ පනත ගැන ඔබ දැනුවත් ද

" නීතිය " මෙය ප්‍රවේශමෙන් විග්‍රහ කර ගත යුතු වචනයක්. එසේම ලෝකයේ සෑම තැනකම ජිවත්වන අප සියලු දෙනාටම එක ලෙසින් වැදගත් වන මාතෘකාවක්. නිවසේ...

හිස් බඩ නොකළ යුතු දේවල් 6ක්

ඔබ උදෑසන අවදි වූ විගස අනුගමනය කරන සමහර ක්‍රියා ඔබගේ සෞඛ්‍යට දීර්ඝ කාලින බලපෑම් ඇති කරන බව විද්වත්හු පවසති. ඒ අනුව උදෑසන අවදි වූ...