ජිවිතයේ අපි නොහිතන වෙලාවල් වල නොහිතපු බිඳවැටීම් සිද්ධවෙනවා. අපි කොච්චර කැප කිරීම් සිදු කලත් සමහර දේවල් අපිට ලබාගන්න බැහැ. ආදරය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එයාට ආදරේ කරලා එයා මව දාලා ගියාට පස්සේ මට ජීවත් වෙලා වැඩක් තියනවද? මට හිතුනේ එච්චරයි.

මේ මගේ කතාවයි
මම ස්නේහා. මට අවුරුදු 26යි. පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ ෆසාල් කියල මුස්ලිම් පිරිම් ළමයෙක් එක්ක මගේ ආදර සම්බන්දතාවයක් තිබුනා. අවුරුදු 2ට පස්සේ අපි අතර පොඩි පොඩි රණ්ඩු ඇති වෙලා අපේ සම්බන්ධය නැවතුනා. හැබැයි ආපහු එය මගේ ලඟට ආවා. එයාට ඕනි වුනේ මාව මුස්ලිම් ආගමට හරවගන්නයි. එයා උත්සාහය අතහැරියේ නැහැ. මාත් එක්ක දිගින්ම තර්ක කළා. අන්තිමේදී අසීමිත ආදරය නිසා මම එයා කියන දේට කැමති වුනා. මම මුස්ලිම් ආගම පිළිගත්තා. ගෙදර ගියාම මම කාමරයේ දොර වහගෙන කලේ මුස්ලිම් ආගම අදහපු එක. මම ෆාසිල් වෙනුවෙන් කැප වුනා. අඳින පළඳින විදිහ මම වෙනස් කරගත්තා. මුළු ඇඟම වැහෙන ඇඳුම් මම ඇන්දා. ඒ හැමදේම වුනේ ෆාසිල්ට ඕනි විදිහට. ගෙදරින් එලියට ගියාම මම හිස් ආවරනයක් පළඳුවා. මම කොහේ ගියත් ගෙදරට හොරෙන් ඒක මගේ bag එකේ දාගෙන ගියේ.

ෆාසිල් කිවුවේ එයත් එක්ක විවාහ වෙන්න නම් එයාගේ ගෙදර අයට ඕන විදිහට වෙනස් වෙන්න කියලයි. එයාට පන වගේ ආදරේ කරපු නිසා මම එකට කැමති වුනා. අපේ ඉගෙනීම ඉවර වුනාට පස්සේ, ඔය අතරේදී මට රැකියාවක් ලැබුනා. ෆාසිල් එයාගේ පවුලේ ව්‍යාපාර වලට සම්බන්ධ වුනා.

මගේ වෙනස්කම් මගේ පවුලේ අයට තේරෙන්න ගත්තා. එයාල කලබල වෙලා හැමදෙයක්ම හොයල බලලා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. මගේ ගෙදර අය ෆාසිල්ගේ ගෙදර ගිහින් තිබුනා. එහිදී ෆාසිල්ගේ අම්මා සහ එයාගේ පවුලේ ය මුණගැසිලා. එයාල ඔක්කොම ජිවත් වුනේ එකම ගෙදරක. එයාලා හැමෝටම තිබුන එකම ආදායම් මාර්ගය පවුලේ ව්‍යාපාරය. ෆාසිල්ගේ අම්මා කියලා තිබුනේ ෆාසිලට ඕනි කෙනෙක් එක්ක ෆාසිලට විවාහ වෙන්න බැහැ කියලා. එයාලට අවශ්‍ය කෙනා තමයි ෆාසිල් විවාහ කරගන්න ඕනි කියලා. වෙනත් ආගමක තරුණියක් සමග විවාහ වුනොත් පවුලේ ව්‍යාපාරයේ එයාගේ කොටස අයින් වෙනවා කියලා ෆාසිල්ගේ අයියා කියල තිබුනා.

මගේ දෙමවුපියන් කියල තියෙන්නේ විවාහය තීරණය කරන්න නෙමෙයි මේ සම්බන්ධය නතරකරන්න කටයුතු කරන්න කියලයි. ඒ වෙලාවේ ෆාසිල්ගේ අයිය එයට call කරලා මේ සම්බන්ධව කිවුවම එයා කියලා තිබුනේ මාත් එක්ක කිසිමසම්බන්ධයක් නැහැ. සමහරවිට මගේ හිතේ එයා ගැන අදහසක් තියෙන්න ඇති කියලා. අම්ම මට මේ ගැන කියද්දී මම අම්මත් එක්ක පුදුම කේන්තියකින් හිටියේ. මම ෆාසිල් විශ්වාස කළා. මම ගොඩක් උත්සහ කළා ෆාසිල්ට කතා කරන්න. එත් එයාගෙන් මට කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.

මට අදහගන්න බැරිවුනා. අවුරුදු 5ක් ආදරේ කරලා මගේ මුළු ජිවිතයම ෆාසිල් වෙනුවෙන් කැප කරලා ෆාසිල් කොහොමද මට මෙහෙම දෙයක් කළේ .හිත රිදුන වාර අනන්තයි. මට මගේ ජිවිතයම කලකිරිලා තිබුනේ. ජීවිතය නැති කරගැනීමට තරම් මම මානසිකව විදෙවුවා. ගෙදරින් මට රස්සාවට යෑම තහනම් කළා. මම ගෙදර සිරකාරියෙක් වුනා. මගේ phone එක මට නැති වුනා. මම කිසි කෙනෙක් එක්ක කතා කලේ නැහැ.

ඔය අතරතුරදී මගේ ගෙදරින් මාව “ආලෝකය” උපදේශන මධ්‍යස්ථානයට යොමු කළා.

පෙම්වතාගෙන් ප්‍රතික්ෂේප වූ මෙම තරුණිය උපදේශනය සඳහා පැමිණෙන විට තමා සිතන ආකාරය පවා බිඳ වැටි තිබුනේ. තම ජාතිය, ආගම, තම පවුලද කැප කරමින් පෙම්වතා වෙනුවෙන් වෙනස් වූ ඇයට ඔහු අතහැර සමඟ ඇයගේ ස්වයං අනන්‍යතාවයද ස්ව අභිමානයද ගිලිහි ගොස් තිබුනේ.

පළමු සැසිය තුළදී තරුණිය වරින් වර හඬමින් තැවෙමින් තමා තුළ පවතින චිත්තාවේගික හැඟීම් පිට කිරීමට උත්සහ දැරුවාය. තමා “වියෝ දුක චාරිකාවේ” අවධීන් පසු කරමින් සිටින බවත්, ප්‍රතික්ෂේප කිරීම, තරහව, ශෝකය, කලකිරීම හා යතාර්ථය පිළිගැනීම යන මෙම අවධි පසු කිරීමට නම් තමා ශක්ත්මත් බවත් ඇයට පැහැදිලි කරන ලදී. සැසිය අවසානයේ සෞම්‍ය සංගීත ඛණ්ඩයකට සවන්දෙමින් හොඳින් හුස්ම ගැනීමට සලස්වා කිරීම සිදු කරන ලදී.

විවිධ උපදේශන ශිල්ප ක්‍රම භාවිතා දෙවැනි සැසිය තුලදී ඇයට තම සිටින ආකාරය දැන් වෙනස් යුතු ආකාරය අවබෝධ කර ලබාදෙන ලදී. තෙවන සැසිය තුලදී චිත්‍ර ප්‍රතිකාරය තුලින් තමා සිටින තමාට ආදරය කරන පුද්ගලයින් පිළිබඳ අවබෝධයක් හා තමාගේ අනාගත බලාපොරොත්තු හා අපේක්ෂාවන් විමර්ශනයට ලක් කිරීම ද ජිවිත රේඛාව හරහා තම ශක්තින් හා හැකියාව අවධි කිරීම සිදු කරන ලදී.

සිවුවන සැසිය තුල තම සිතේ හටගන්නා සෘණාත්මක සිතිවිලි නවතා ගන්නේ කෙසේදැයි ඇය දැනුවත්භාවය ලැබුවාය. පස්වන සැසිය තුල අයට ඉලක්ක ගොඩනගා ගැනීමට හැකිවිය. සයවන සැසිය තුලදී තම ජිවිත අපේක්ෂාවන් සපුරා ගන්නා ආකාරය මනසින් නිර්මාණය කරමින් එය විඳීමේ හැකියාව ලබාගන්නා ලදී. මේ ආකාරය සැසි අටක් අටක් අවසානයේදී ඇය නැවතත් ඇය පිලිබඳ විශ්වාසයකින් අනාගතයට මුහුණ දීමට මගෙන් සමුගත්තාය.

(සත්‍ය කතාවක් – නම් ගම් මනංකල්පිතයි)

 

හේමා රණවක 
මනෝ උපදේශිකා
ජ්‍යෙෂ්ඨ කළමණාකාරිණි
“ආලෝකය” උපදේශන මධ්‍යස්ථානය 
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය 

සියදිවි නසාගන්න ගිය තරුණියක් බේරුන හැටි

අමේරිකාවේ ඉඳන් ලංකාවේ හිත් නලවන ටීෂා

ටීෂා ඇයට ම අනන්‍ය වූ ශෛලියකින් රසික සිත් සොරාගත් ජනප්‍රිය ගායිකාවකි. ඇය මේ දිනවල ඇමරිකාවේ කල් ගෙවන නමුත් ඇයට ලෙන්ගතු මෙරට රසිකයින් වෙනුවෙන් නව...

සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස් – 02 කොටස

නොනවත්වා ඉගෙන ගන්න සෑම මොහොතක අලුතින් ඉගෙනීමට දෙයක් ඇත. බොහොමයක් දෙනා සිතා සිටින්නේ තමන් සියලු දේ පිළිබඳව දන්නා බවත්, තමන්ට ආයේ ඉගෙනගන්න දෙයක් නැති බවත්ය....

අතවරයකින් බේරෙන්න ඔබත් දැනුවත් ද

ශ්‍රී ලංකාව වැනි රටක විවිධ හේතු මත දුෂණයට සහ හිංසනයට ලක්වුවන්ට මුහුණ දීමට සිදුවන මානසික ගැටළු ඉතා සංකීර්ණයි. මෙහි ඉතාම ඛේදනීය තත්වය වන්නේ දුෂනයට...

මේ මගේ කතාවයි – 06 කොටස

my story මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක්...

අපේ සතුටු පවුල

මේ ලිපිය පවුලේ සතුට වෙනුවෙන් යමක් කරන්න සිතන තාත්තා , අම්මා, දුව, පුතා ඇතුළු ඔබේ පවුලේ සැවොම වෙනුවෙන්.... අපේ පවුල තුල සතුටින් ගත කරන අවස්ථා...

ගුණ විදිහට පිටින් කමු

අද බොහෝ දෙනා ගෙවන්නේ කාර්ය බහුල ජිවන රටාවක්. ඒ නිසා අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා පිටින් අහර ගන්න. එනිසාම ඒවාගේ ඇති පෝෂණය හා...

ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න යුවතියන්ට කියාපු පහසුම ප්‍රතිකාරය

සැලුන් එකට යන්නේ නැතිව ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න ක්‍රමයක් ගැනයි මේ කියල දෙන්න හදන්නේ ඔයාලට. ඕනෑම කෙනෙක් මුලින්ම බලන්නේ අපේ මුහුණ දිහානේ. ලස්සන...

තමන්ගේ සුන්දරත්වය ගැන සිතා ලත වෙන තරුණියන්ට සෝනම් කපුර්ගෙන් අපුරු ලිපියක්

තරුණියන් වඩාත් සැලකිලිමත් වන්නේ තමත්ගේ රූපය ගැන එයාලා වඩාත් පහැපත්ව ලස්සනට තියාන්න ඔවුන් විවිධ වූ දේවල් සිදු කරනවා ඇතැම් තරුණියන් ප්‍රසිද්ධ නිළියන් අනුගමනය කරමින්...

කෝමාරිකා වල විශ්මිත රහස්

කෝමාරිකා වල බොහෝ ප්‍රයෝජන ඇත. රුපලාවන්‍යට මෙන්ම සෞඛ්යය අතින් ද බොහෝ ප්‍රයෝජන පවතී. කෝමාරිකා යුෂද ඉතා වැදගත් පානයක්. පානයක් ලෙසද ආහාරයක් ලෙසද ඖෂදයක් ලෙසද...