Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

කාර්යාලයට යන යුවතියන්ට ගැලපෙන්නේ මෙන්න මේ විදිහටයි

රැකියාවක් කරන කාන්තාවන් ගොඩක් වෙලාවට අපහසුතාවයට පත්වෙන්නේ රැකියාවට ගැලපෙන්න ඇඳුමක් තෝරන්න ගියාම තමයි. වෘත්තිමය පෙනුමයි විලාසිතාවයි අතර එහෙට මෙහෙට කැරකෙන වෙලාවල් අපිට ඕනි තරම් අත් දකින්න වෙනවා. fashion show එකක් වගේ පෙන්නේ නැති වෙන්න එත් office එකේ කැපිලා පේන්න අඳින්නේ කොහොමද කියලා මේ ලිපියෙන් කියලා දෙන්නයි මේ උත්සාහය.

01) ඔබේ කාර්යාලයේ dress code එක දැනගන්න
කාර්යාල ඇඳුම් (office wear) කිවුවාම අපිට මතක් වෙන්නේ ව්‍යාපාරික ඇඳුම් කට්ටලය ( business suit ) සහ අඩි උස සපත්තු කුට්ටමයි. එත් සමහර ආයතන තියෙනවා සරල ඇඳුමක් ( casual dress ) භාවිතා කරාට කමක් නෑ කියලා මතයක් තියෙන. ඒ නිසා ඔබ අළුතින් වැඩට යන කෙනෙක් නම් වඩාත් සුදුසු වෙන්නේ HR කළමණාකරුගෙන් ඒ ගැන පැහැදිලිව අහල දැනගන්න එක.

02) සරල ඇඳුමේත් ( casual dress ) පෙනුම වැදගත්
සරල ඇඳුමක් ඇන්දත් ඔබව අනෙක් අයට පෙනෙන විදිහ හරිම වැදගත්. ඒ නිසා තැන් තැන් වලින් ඉරුණු මෝස්තරය සහිත ජීන්ස්, කිළුටු කැන්වස් සපත්තු, body top T shirt වගේ ඇඳුම් ගැලපෙන්නේ නැහැ.

03) අත් රහිත නැඹුරු කර සහිත ඇඳුම් ඔබේ ගෞරවයට හානි කරයි
රැකියාවට සුදුසු ඇඳුමක් තෝරාගන්නා විට ඔබේ පපුව ප්‍රදේශය සම්පුර්ණයෙන් වැසෙන ආකාරයේ ඇඳුමක් තෝරාගන්න අමතක කරන්න එපා. ඔබට sleeveless ඇඳුම් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා නම් over coat එකක් අඳින එක වඩාත් සුදුසු වේවි. over coat එකක් භාවිතා කරන විට පිරිමි අයගේ blazer වගේ ඇඟට වඩා ප්‍රමාණයෙන් විශාල ඒවා තෝරාගන්න එපා. ඇඟේ ගාණට තියෙන ඇඟේ හැඩය කැපිලා පේන over coat එකක් තෝරාගන්න අමතක කරන්න එපා.

04) ඔබේ සාය, ගවුම දණහිස ලඟට තිබීම ප්‍රමාණවත්
mini skirt වලට කැපිලා පෙනුනත් එයත් ඔබේ කාර්යාල ජීවිතයට නම් වැඩක් වෙන්නේ නැහැ. එයින් ඔබේ ගෞරවය අඩු වෙලයි පෙනෙන්නේ. ඒ නිසා ඔබේ ගවුම හෝ සාය අඩුම තරමින් දණහිස දක්වා වත් දික් විය යුතුයි.

Popular Articles