අපි හැමදාම කුකුළු මස් කන්නේ කරී චිකන් හදල. එහෙමත් නැත්නම් ඩෙවල් දාලා. ඉතින් හැමදාම එකම විදිහට චිකන් කන්නේ නැතුව වෙනස් විදිහකට චිකන් කන්න කැමති අයටයි අද අපි මේ ක්‍රම දෙක කියල දෙන්නේ.

පෘතුගීසි ක්‍රමයට සැදූ කුකුළු මස්

කුකුළු මස් තරමක් ලොකු කැබලි 6ක්
ඔරිගානෝ තේ හැන්දක්
අමු මිරිස් කරල් 2
සුදු ලුණු ගෙඩියක්
කරාබු නැටි 2ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
විනාකිරි මිලි ලීටර් 60ක්
ඔලිව් තෙල් මිලි ලීටර් 60ක්
රස පදමට ලුණු
තලාගත් ගම්මිරිස් කුඩු තේ හැඳි 3ක්

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල හොදින් සෝදා ගන්න. අමු මිරිස් , සුදු ලුණු,කරාබු නැටි ටික සිහින්ව අඹරා ගන්න. පසුව තලාගත් ගම්මිරිස් කුඩු, ඔරිගානෝ,මිරිස් කුඩු සමඟ හොදින් මිශ්‍ර කරගන්න. එයටම කුකුළු මස් ද එකතු කරන්න. විනාකිරි හා ලුණු කුඩු එයටම දමා හොඳින් කවලම් කර සීසන් වීමට මිනිත්තු 30ක පමණ කාලයක් තබන්න. පෑන්එකක් ලිප මත තබා එයට ඔලිව් තෙල් දමා රත්කරගන්න. සීසන් වීමට තැබූ මස් ටික එයට දමා හොඳින් පුළුස්සා ගන්න. වැඩි රසයක් එක්කර ගැනීමට මස් ටික මත ඉහත මිශ්‍රණය නැවත නැවතත් තවරන්න.

 

රම්පේ කොලවල එතු කුකුළු මස්

කුකුළු මස් 200g
ළුණු ගෙඩියක්
සුදු ළුණු ගෙඩි 2ක්
ඉඟුරු 10g
පාසලි තේ හැඳි 2ක්
බිත්තර කහ මදයක්
සෝයා සෝස් ටිකක්
රස පදමට ලුණු
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
එළවලු තෙල් 250ml
ටූත් පික් 15ක් පමණ

පළමුව අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් සෝදා ගන්න.ඉන්පසු කුකුළු මස් සියල්ල හොඳින් අඹරා ගන්න. ළුණු, සුදු ළුණු , ඉඟුරු, පාසලි වෙනම අඹරා ගන්න. ඉන්පසු අඹරා ගත කුකුළු මස් සමඟ හොදින් කලවම් කරගන්න. එයටම බිත්තර කහ මදය, සෝයා සෝස්, ගම්මිරිස් කුඩු ලුණු එකතු කරගන්න. දැන් මිශ්‍රණය සීසන් වීමට 15 මිනිත්තු පමණ තබන්න. ඉන් පසු රම්පේ කොලයක් රැගෙන එහි අගට සීසන් වීමට තැබූ කුකුළු මස් මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා සමෝසා ඔතන ආකාරයට ඔතා ගන්න. රම්පේ කොලය ලිහිල් වීමට නොදී ටූත් පික් ගසා ගන්න. දැන් පෑන් එක ලිප තබා තෙල් එක්කර රත් වීමට තබන්න. පෑන් එක රත් වීගෙන එන විට එයට රම්පේ කොලවල එතූ කුකුළු මස් දමා බැදගන්න. සියල්ල හොඳින් බැද ගත පසු අපසු කොලය ඉවත් කර සෝයා සෝස් සමඟ කෑමට ගන්න.

 

වෙනස් වීදිහට කුකුළු මස් කන්න කැමති අයට

64 බාල්දු කරගන්න නං එපා

ගෑනියෙක්ට මායං 64ක් තියෙනවලු. වෙන්නත් ඇති. සමහරවිට ඊට වැඩියෙනුත් ඇති. නරකමත් නෑ නේද? ඇත්තට ම මායං තියෙන එකේ වැරැද්දක් නෑ. මායං දාන එකේ වැරැද්දකුත්...

කොල්ලන්ට රිදෙන කෙල්ලන්ට ඇඬෙන ඇත්තම කතාව

කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ළමයෙක් වෙනවා. ඊට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උඹේ ඇඟ හැදිලා හමේ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය...

කුම්බාගේ කතාව

ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා සපයන්නාන්ගේ ආකල්ප සහ  හැසිරිම් නිසාවෙන් බොහෝවිට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා සම්බන්ධ සේවාවලදී ආබාධ සහිත බොහෝවිට අපහසුතාවයට පත්වේ. " නෑ..නෑ..නෑ…!...

චාරිකා – 12 කොටස

මේ කතාව අතීත කතාවක් ( story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි....

අයියාරි

අයියාරි තමයි සිද්ධාර්ත් මල්හෝත්‍රා ඔබට පිරිනමන අවුරුදු තිළිණය, ඔහුගේ අලුත්ම හින්දි චිත්‍රපටය. අයියාරි ඉන්දියානු හමුදා නිලධාරින් දෙදෙනෙකුට වටා ගෙතුණු සත්‍ය කතාවක සිනමා දිගහැරුමක්. ඉන්දියානු...

නිස්සාර

ගීතය - නිස්සාර ගායනය - අභිෂේකා විමලවීර පද රචනය - අභිෂේකා විමලවීර සංගීතය - දිලුම් තේජන https://youtu.be/ii-Wgr6Qt_c

ඉවසුවා ඇති වෙනස් කරමු

* හිංසනයක් සිදු වූ විට හුදකලාව විඳ දරා නොගෙන නිවැරදිව ප්‍රතිචාර දැක්වීමට දන්නවා * කාන්තාවක් සේ ඉපදීම හිංසනයට ලක්වීමට කිසිසේත්ම හේතුවක් දැනගෙන කටයුතු කරනවා * හිංසනය...

උදෙන්ම ජන්දේ දාපු කට්ටිය

2018 පළාත් පාලන ආයතන සඳහා වන ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. කොලබ විශ්ව විද්‍යාලයේ ඇති ජන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද...

ඔබේ කන්‍යා පටලය ගැන ඔබ දන්නවා ද ( අතිශයින්ම කාන්තාවන්ට පමණයි )

මංගල යහනේදී පිරිමි ඉල්ලා සිටින්නේ කාන්තාවගේ පිරිසිදුකම තහවුරු කරන කන්‍යාභාවයයි. 21 වන සියවසේදීත් ආසියාතික රටවල කන්‍යාභාවයට විශාල වටිනාකමක් තියනවා. අතීතයේ පටන් කාන්තාවකගේ කන්‍යාභාවය පරික්ෂා...