Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

මද්‍යසාර භාවිතය නිසා ඔබත් ඔබේ පවුලත් අපහසුතාවයට පත් වෙලාද

 

ඔබ තාමත් මැල් මැදුරට අවේ නැති ද?

ඔහුගේ/අයගේ මත්ද්‍රව්‍ය භාවිතිය ඔබට මහත් අපහසුතාවයක්,වදයක් ගෙන දෙන්නෙක් ද?අපි ඔබට සුමිත්‍රයෙක් වෙන්නම්.අපිට ඔබගේ අපහසුව තුනී කර ගැනීමට උදව් විය හැක.ඔහුව/අයව අපි ඔබගෙන් ඈත් කරන්නෙත් නෑ.

 ඔහු,ඔබ හා අපි එකතුවෙලා එක ගමනක් යමු

ඒ ගමන අවසානයේ ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය නැවතෙන බව හෝ අවම වන බව අපිට විශ්වාසයි.

 

මද්‍යසාර-දුම්වැටි-හෙරොයින්-ගංජා-බුලත්විට හෝ වෙනත් ඕනෑම අබ්බහිකාරී ද්‍රව්‍යකින් මිනිසුන් මුදවා ගැනීමට සුමිත්‍රයෝ ආයතනය මැල් මැදුර ආරම්භ 1984 දිය.

අපි මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම පිළිබඳ විද්‍යානුකුල ක්‍රමවේද භාවිත කරමින්,

පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය භාවිතය

-සම්පුර්ණයෙන් නතර කිරීමට

-මත්ද්‍රව්‍ය භාවිතය අඩු කිරීමට හෝ

-ඒ ආශ්‍රිතව ඇති ගැටලු අවම කිරීමට කටයුතු කරනවා.

වසර 29 කට වඩා මෙම ක්‍රේෂ්ත්‍රය තුළින් අපි ලද අත්තකිම් ද,විශේෂඥවරුන් යටතේ පුහුණු වූ අපගේ කර්යයමණ්ඩලයේ සුහද සේවාවන් ද ඕනෑම විටක ඔබට ලබාගත හැකිය.

 

ඔබගේ පහසුව පිණිස අප ආයතනය සඳුදා සිට සෙනසුරාදා,පෙ.ව.8.30 සිට ප.ව.4.30 දක්වා වීවෘතව ඇත

 

ඔහුගේ මද්‍යසාර,දුම්වැටි,හෙරොයින්,ගංජා හා බුලත්විට යනාදී ද්‍රව්‍ය භාවිතය අවම කිරීම හෝ නැවත්වීම සඳහා බලගැන්වීමේ සාකච්ජා දිනපතා පැවැත් වේ.

 

ඔබට පහසු වෙලාවක් ලබාදීමට අපි සූදානම්.

 

භාවිතා කරන්නම මෙම වැඩසටහනකට සහභාගී වීම වැදගත්.එහෙත් ඔහුට/ඇයට පැමිණීමට නොහැකිවුවත් පවුලේ අයෙකුට හෝ ඕනෑම අවස්ථාවක පැමිණ ඒ වෙනුවෙන් කළහැකි දෑ පිලිබඳ සාකච්ජා කර ගන්න පුළුවන්.

 

එහිදී මද්‍යසාර,දුම්වැටි,හෙරොයින්,ගංජා හා බුලත්විට යනාදිය ද්‍රව්‍ය භාවිතය අවම කිරීම හෝ නැවත්වීම සඳහා සිදුකරනු ලබන මැල් මැදුර ක්‍රමවේදය පිළිබඳව ඔබටත් යම් අදහසක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.

 

සුමිත්‍රයෝ මැල් මැදුර
අංක 60, හෝර්ටන් පෙදෙස,
කොළඹ 07

t :p 0112693460 / 0112694665
e -mail melmedura@sltnet.lk
fb MelmeduraSumithrayo

 

 

 

Popular Articles