අපි හැමෝම දකින හැම හැම හීනයක්ම සැබෑ කරන්න පුළුවන්නම් කොච්චර හොඳ ද? පුංචි “විල්මා” ටත් හීනයක් තිබුණා. ඒ ඔලිම්පික් රන් පදක්කමක් දිනන එක. හැබැයි ඒක හාස්‍යට ලක්වුයේ විල්මා පෝලියෝ රෝගියෙක් නිසයි. දරුවන් 22නෙකු සිටින පවුලක 20වෙනි දරුවා ලෙසයි විල්මා ඉපදුනේ. පුංචි කාලේ ඉඳන්ම රෝගී දරුවා දරුවෙක් වුන විලමාට අවුරුදු 4දී පෝලියෝ රෝගය වැළඳුනා.

විල්මා කළු ජාතික පවුලකට දාව උපන් දැරියක් නිසා ඇගේ පියාට රෝගී දැරියගේ ප්‍රතිකාර කටයුතු කිරීමට පහසු කටයුත්තක් වුනේ නැහැ. විල්මාට ප්‍රතිකාර කිරීමට ගත උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට ඇයව රැගෙන ගියා. ඒ 80km දුරින් පිහිටි කළු ජාතිකයින්ට පෝලියෝ රෝගයට ප්‍රතිකාර කරන රෝහලකට.

වසර 2ක් අඛණ්ඩව ප්‍රතිකාර කලත් පුර්ණ සුවයක් විල්මාට ලැබුණේ නැහැ. මෙයින් හිතට දිරිය ගත් පුංචි විල්මා කෙසේ හෝ ඇවිදින්න තීරණය කළා. මුලින් කිහිලිකරු ආධාරයෙන් පටන් ගත්ත ගමන නැවතුනේ යහළුවන්වද පසුකර දුවන නිර්භීත කෙල්ලෙක් ලෙසින්.

ඇ දක්ෂ ක්‍රීඩිකාවක් වූ පසුව පැසිපන්දු ක්‍රීඩාවට යොමු වී ඇයට ඇගේ වේගවත් පා චලන නිසාම පුහුණුකරු ඇයව කෙටිදුර ධාවනයට යොමු කළා. සුළු කාලෙකින් පාසලේ සියළු කෙටි දුර ධාවන වාර්ථාවලට හිමිකම් කීමට විල්මා දැරියට හැකියාව ලැබුණා. වයස අවුරුදු 14දී පෙන්සිල්වෙනියානු ජවන සහ පිටිය තරඟාවලියට සහභාගී වූ ඇය ඉසවු 9ක් ජයග්‍රහණය කළා. 1950 දී මෙල්බර්න් ඔලිම්පික් උළලේ 100m දී සහය දිවීම ධාවනය කිරීමට අවස්ථාව ලද විල්මා එයින් ලෝකඩ පදක්කම දිනාගත්තා. නමුත් ඇගේ සිහිනය වුනේ රන් පදක්කමයි.

ඉන් වසර කිහිපයකට පසු ඉතාලියේ රෝම ඔලිම්පික් තරඟාවලිය ආරම්භ වුණා. විල්මාගේ සිහිනය වුනේ රන් පදක්කම් 3ක්. 100m තරඟ වැදුනේ කෙටිදුර ධාවන ශුරී “ජුට්ටා හේන්” සමඟයි.සිතට දිරිය ගෙන තරඟ වැදුන විල්මා නතර වුනේ රන් පදක්කමක් සමඟ ලෝක වාර්ථාවකුත් තමා සතු කරගෙනයි. ඒ සමගම කාන්තා 200m හා 100m සහය දිවීම තරඟ තරඟ දෙකක ජය විල්මා සතු වුණා.

ධාවන ලොව ජයගත් විල්මා 1994දී පිළිකා රෝගයක් නිසා වයස 54දී දිවි ගමනින් සමු ගත්තා.

ඇත්තටම විල්මා තමන්ගේ දෛවය වෙනස් කර තමන්ට වාරු අහිමි කළ පෝලියෝ රෝගය පරදා තමන්ගේ සිහිනය ජයගත් දිරිය දියණියක්.

 

 

 

 

 

 

 

 

ඔලිම්පික් දිනු පෝලියෝ රෝගී කළු කෙල්ල

තනියෙම නම් තහනම් – සූක් වාකිෆ්

"සූක් වාකිෆ්" කියන්නේ කටාර් රාජ්‍යයේ තියෙන පැරණිම වෙළඳපොළක්. "සූක්" එකක් කියන්නේ විශාල භූමි ප්‍රමාණය පැතිරුනු වෙළඳපොළක්. සූක් එක අවුරුදු 100ක් විතර පරණයි. හැබැයි සාම්ප්‍රදායික ගෘහ...

පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන්

පොලිසියත්, ( sri lanka police) ලිංගික ක්‍රියාකාරිකයනුත් අතර යහපත් සම්බන්ධයක් නැත. පොලිසියට ඒ අය අල්ලා ගැනීමට මාන බලන බව ලිංගික ක්‍රියාකාරිකයින්ගේ අදහසය. එවැනි පොලිස්...

ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද

පසුගිය ලිපි පෙළින් අපි ඔබව දැනුවත් කළා අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වන්නේ කෙසේද කියලා. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ලිංගික රෝග වැළඳීමේ අවධානම තිබෙනවා. ඉතින් thewoman.lk අපි...

ලස්සන රුවකට නින්ද ගැන අවධියෙන් ඉන්න

රුව ගැන සැලකිලිමත් වෙන බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ බාහිර අලංකරණය පිළිබඳ පමණි. බාහිර රු සපුව වඩාත් සුන්දර කරගත හැක්කේ කායික නිරෝගීබව තුලින් බව...

ස්වයං වින්දන ගැටළු

වටෙන් ගොඩෙන් නැතුව නැතිව කෙලින්ම මාතෘකාවට පිවිසියොත් අද ස්වයං වින්දනය බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා. ගැහැණු හෝ පිරිමි බේදයකින් තොරව සිදුවන මෙම ස්ව...

චාරිකා – 04 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

අත්වැල ගිලිහී – 02 කොටස

මිස් ශානිකා නොහොත් විරූපිකා. මට මේ ලෝකේ පේන්නම බැරි ගෑණු චරිතේ. එයා යටගිය දවස බරණැස් නුවර කාලේ ඉඳන් මගේ තාත්තා ගැන hopes තියන් ඉන්නවා....

කෙල්ලන් යනු මිහිබට සුරඟනන් බඳු ජීවින් කොටසකි

කෙල්ලෝ ( Pretty Girls )ජාති .. මිහිබට සුරඟනන් බඳුය. කොයි ලෝකෙන් පාත් වූවාදැයි කිසිවෙකු නොදනී. කෙල්ලෝ ගොඩක් නම් මහ වැස්සක් යැයි කොල්ලෝ කියති. කෙල්ලෝ...

මේ මගේ කතාවයි -07 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...