1879 වෛවාහක අයිතිවාසිකම් සහ උරුමය පිළිබඳ ආඥා පනත සහ 1923 වෛවහකගත ස්ත්‍රීන්ගේ දේපල ආඥා පනත මගින් දේපල සහ ගිවිසුම් සම්බන්දයෙන්
විවාහක කාන්තාව මත පනවා තිබු සිමා බන්ධන සියල්ල අහෝසි කරන ලදී.

මේ අනුව වර්තමාන නිතිය යටතේ
1) විවාහක කාන්තාවකට ස්වාමියාගේ අවසරය නොමැතිව ගිවිසුම් වලට එළඹිය හැක.
2)ස්වාමිපුරුෂයාගේ අවසරය නොමැතිව තම දේපල අන්සතු කලහැකිය.
3)තම දේපල සිතැති පරිදි අන්තිම කැමති පත්‍රයකින් පැවරිය හැකිය.
4)තම පෞද්ගලික දේපල ස්වාමි පුරුෂයාගේ කැමැත්ත නොවිමසා තනිව පරිපාලනය කිරීමේ අයිතිය ඇත.
5)තමාට ලැබෙන වැටුප් හෝ ආදායම් තම සිතැගි පරිදි පරිහරණය කල හැක.

 කාන්තාවන් සේවයෙහි යෙදවීමේදී බලපාන නීති (Laws relevant to Women’s Employment )
*මේ සඳහා කර්මාන්තශාලා ආඥා පනත, සාප්පු හා කාර්යාල සේවක පනත්, කාන්තාවන්, ගටවරයින්, හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනත,වෘත්තිය සමිති
ආඥා පනත සහ වෙනත් පනත් අදාල වේ.

*කර්මාන්තශාලා ආඥා පනත අනුව කාන්තාවනට පහසුකම් ද, බිමට අවශ්‍ය පිරිසිදු ජලය ද, සේදීමේ පහසුකම් ද, ඇදුම් හා උපකරණ තබා ගැනීමේ පහසුකම් ද, ප්‍රමාණවත් වාතාශ්‍රය ද, ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට වෙන වෙනම වැසිකිලි පහසුකම් ද, හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි පරිදි ප්‍රථමාධාර පහසුකම් ද සපයා තිබිය යුතුය.

සාප්පු හා කාර්යාල සේවක පනත අනුව
*අවරුදු 18ට අඩු කාන්තාවන් සවස 6.00 පසු සහ උදේ 6.00ට පෙර සේවයේ යෙදවිය නොහැක.
*අවරුදු 18ට වැඩි කාන්තාවන් රාත්‍රී 8.00 දක්වා ඕනෑම සාප්පුවක හෝ කාර්යාලයකසේවයේ යෙදවිය හැක
*අවරුදු 18ට වදී කාන්තාවන් රාත්‍රී 10 දක්වා හෝටලයක සහ භෝජනාගරයක සේවයේ යෙදවිය හැක.

කාන්තාවන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත අනුව ස්ත්‍රීයක රාත්‍රීකාලයේ සේවයෙහි යෙදවීමේදී පහත කොන්දේසිවලට යටත්ව කරනු ලැබිය යුතුය
*සිය කැමැත්තට විරුද්දව කිසිම ස්ත්‍රීයකට රාත්‍රී කාලයේ වැඩ කිරීමට බල කරනු නොලැබිය යුතුය.
*එක මාසයක් තුලදී කිසිම ස්ත්‍රීයකට දින 10කට වැඩියෙන්රා ත්‍රී වැඩ සඳහා සේවයේ නියුක්ත කල නොහැක.
*සම සේවා යෝජකයකු විසින්ම රාත්‍රී 10.00 න පසු ස්ත්‍රීන් සේවයේ නියුක්ත කරවීමට පෙර කම්කරු කොමසාරිස්වරයාගේ ලිඛිත අනුමැතිය ලබාගත යුතුය.
*යම් දිනක පෙරවරු 6.00 සිට පස්වරු 6.00 අතර කාලය තුල සේවයේ නියුක්ත කරවන ලද කිසිම ස්ත්‍රීයක පස්වරු 6.00 න් පසු සේවයෙහි නියුක්ත කළ නොහැක.
*රාත්‍රී කාලයෙහි වැඩ කරන සෑම ස්ත්‍රියක විසින්ම ඇය විසින් ලබාගන්න සාමාන්‍ය ගෙවීම. මෙන් 1 1/2 ගුණයකට නොඅඩුව ලැබිය යුතුය.
*රාත්‍රී කාලයෙහි වැඩ කරන සෑම ස්ත්‍රියකගේම සුභසාධනය පිළිබඳව සොයාබැලීමට බැලීමට කාන්තා පාලිකාවක් පත් කළ යුතු අතර,සේවා යෝජකයා විසින් සම සේවිකවකටම විවේක කාමර සහ ආහාරපාන සැපයිය යුතුය.
*මාතෘ ආධාර පනත්,ප්‍රසුතිකාධාර ආඥා පනත සාප්පු හා කාර්යාල සේවක සංශෝධිත පනත් අනුව ස්ත්‍රී සේවිකවනට දරු ප්‍රසුතියකදී වැටුප් සහිත නිවාඩු ලබා දීම මෙන්ම ප්‍රසුතියට පෙර හා පසු ඔවුන් සේවයෙහි යෙදවීම.

මීළඟ ලිපියෙන් – කාන්තාවනට එරෙහිව සිදුවන අපරාධ වැරදි (Criminal Offences against Women)

නීතිඥ සජීවනී අබේකෝන්, LL.B. (කොළඹ විශ්වවිද්‍යාලය )

විවාහක කාන්තාවන්ගේ දේපල අයිතිය සහ ගිවිසුම් අයිතිය

ආකර්ශනීය චරිතයක් වෙන්න නම්

එක වතාවක් දැක්කම හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් ඔයාට තියෙනවා නම් කොච්චර සතුටක්ද නේද? දහසකුත් හැලහැප්පීම්, බාධක, ගැටළු ඔබ සතුව ඇති. නිමක් නැති වගකීම්,...

අමේරිකාවේ ඉඳන් ලංකාවේ හිත් නලවන ටීෂා

ටීෂා ඇයට ම අනන්‍ය වූ ශෛලියකින් රසික සිත් සොරාගත් ජනප්‍රිය ගායිකාවකි. ඇය මේ දිනවල ඇමරිකාවේ කල් ගෙවන නමුත් ඇයට ලෙන්ගතු මෙරට රසිකයින් වෙනුවෙන් නව...

කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්

පවුලේ අනාගතය හැඩගැස්වීමට සුවිසල් දායකත්වයක් ලබා දෙන ඔබේ දෑත්වලට උපහාර පුද කරන කෝමාරිකා ( Aloe vera ) සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..   ඔබේ දෑත ඔබේ...

නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

ශවුර් කියන්නේ මුම්බායි නගරයේ ඉන්න තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි නුරි. ඔවුන්ගේ සම්බන්ධයට නුරිගේ ගෙදරින් කැමති නෑ . ඒ නිසා ඇයව වෙන කෙනෙකුට විවාහ කර...

ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව

ස්ටැටිස්ටා ආයතනයේ අවතම සංඛ්‍යා ලේකන අනුව ඊශ්‍රායලය ලගට ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වී ඇත. බුද්ධි ගලනය හේතුකොට ගෙන මෙම...

රස කාරක ගැන දන්නේ මොනවද

ආහාර රුචියට එහි රසවත්බව හා අලංකාරය බොහෝ සෙයින් ඉවහල් වේ. එහෙත් ආහාර රසවත් කිරීමට හා අලංකාර කිරිමට යොදන රසකාරක සිරුරේ බර වැඩි කිරීමට හේතුවන...

අනුන් නිසා කැළඹෙන ජාතිය

ලංකාවේ ෆේස් බුක් වාසින් තරම් බෙංගාල බොක්ක කැළඹෙන්නේ නැත. අඩුම ගාණේ සුළි සුළඟකට අසුවන තුත්තිරි ගහක්වත් එලෙස කැළඹෙන්නේ නැත. වැඩිමනක් කැළඹෙන්නේ ඕපා දූපා සෙවීමට කිසි...

තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්

මොන තරම් වයසට ගියත් අපි හැමෝම කැමතියි අපේ තරුණ රූසපුව (beauty) සදාකාලිකව රැක ගන්න. තරුණ පෙනුම රැකගන්නට බොහෝ දෙනා රූපලාවණ්‍ය (beauty culture) කටයුතු වෙනුවෙන්...

අනෝමා ජනාදරීගේ “ප්‍රේම ජවනිකා”

මෙවර අපි Hardtalk තුලින් කථා කරන්නේ අපේ රටේ සම්මානනීය ජනප්‍රිය නිලියක් වන අනෝමා ජනාදරී සමඟයි. මෑතක දී ඇය බොහෝ දෙනා අතර කථා බහට ලක් වුන චරිතයක්. ඉතින්...