ගිය වර ලිපියෙන් අපි පොරොන්දු උන විදිහටම මේ ලිපියෙන් අපි සුදානම් වෙන්නේ සාරි විලාසිතා පිලිබඳ ටිකක් කතා කරන්න. සාරිය කියලා කියන්නේ
ඕනෑම යුවතියකට ගැලපෙන, ඕනෑම අවස්ථාවකට පහසුවෙන්ම ගලපා ගන්න පුළුවන් විලාසිතාවක් . නමුත් මේ කොයි විලාසිතාවත් නිවැරදිව දැනගෙන කිරීම වැදගත් . කුමන ආකාරයක සාරියක් උනත් ජැකට් විලාසිතාව මත හා අඳින ආකාරය මත වෙනස් ම පෙනුමක් ලබා ගන්න පුළුවන්

සාරි ජැකට් එකක් නිවැරදිව නිර්මාණය කරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන මුලිකම දේ තමයි ශරීර ප්‍රමාණය

ඉතා සිහින් සිරුරක් හෙබි තරුණියකට වදාටත්ම ගැලපෙන්නේ HIGH NECK එනම් ගෙල දක්වාම ආවරණය වූන සාරි ජැකට් එකක් .එමගින් ඇගේ උරහිස් තරමක් පළල් ලෙස පෙන්වා ගැනීමට හැකි වෙනවා, සිහින් දෑත් වලින් හෙබි තරුණියකට අත් දිගට COVER වෙන ලෙස නිර්මාණය කිරීම උචිතයි , මෙහෙම high neck හා අත් දිග ජැකට් නිර්මාණය කරද්දී එකම රෙදි වර්ගයක් ගන්නවට වඩා නෙට් වර්ග හෝ ලේස් වර්ග යොදාගෙන ඉතා ලස්සන විලා සිතා කරන්න පුළුවන්, සිහින් යුවතියකට උත්සව සාද පමණක් නෙමෙයි කාර්යාලය සදහා වූවද ගැලපෙන්නේ මෙවැනි සාරි ජැකට් එකක්
තරමක් තරබාරු යුවතියන්ටඅත් දිග සහ high neck විලාසිතා කොහෙත්ම ගැලපෙන්නේ නැ, ඒමගින් ඇයව තවත් මහත් කර පෙන්වනවා, ගෙල නිරාවරණය වූ අත් කොට ජැකට් එකකට යාම වඩාත් සුදුසුයි වර්ණ තෝරා ගන්න ආකාරය අපි කලින් ලිපියේ කතා කලානේ ඒ දේවල් පිලිබඳ අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න,

සැදැ සාදයකට , අත් රහිත ගෝල්ඩ් හෝ සිල්වර් වලින් වැඩ දමා හැඩ කර ගත්තු ජැකට් එකක් එක්ක තද පාට ප්ලේන් සාරිය බොහොමත්ම අනගි විලාසිතාවක් ,වර්තමානේ කොහොමත් තරුණ යුවතියන් හුගාක් දිලිසෙන සිකුවින්ස් අල්ලපු සාරි අදින්නේ නෑ , ගලපෙන්නෙත් නෑ, තනි පාට සිම්පල් බෝඩර් එකක් එක්ක ශිෆෝන්, ජොජට් හෝ සිල්ක් සරල සාරි විලාසිතාවක් වඩාත් සරල සුන්දර පෙනුමක් එක කරයි, ඒ වගේම හෑන්ඩ් ලූම් සාරි විලාසිතත් බොහෝ ජනප්‍රියයි , නමුත් හෑන්ඩ් ලූම් හැමෝටම ගැලපෙන්නේ නෑ , සමහර විටක එමගින් ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන්න පුළුවන් .. ඒ නිසා පරිස්සමින් තොර ගන්න ඕනේ බොහොමත් වෙලාවට කාර්යාල වල වැඩ කරන යුවතියන්ට කාර්යාලයෙන් පසුව තමයි සැදැ සාද වලට යන්න සිදු වෙන්නේ .. ඒ වගේ වෙලවකටත් මේ සාරි විලාසිතා හුගාක් ප්‍රයෝජනවත් ,
වෙළද පොළේ මේ දවස් වල පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් මල් මෝස්‌තර හෝ abstract මෝස්‌තර ප්‍රින්ට් කරපු සාරි මේ සාරිත් බොහොම ලස්සනයි කාර්යාලයේදී සාරි පොට නීට් එකට තියලා පස්සේ office ඉවරවෙලා පොට කඩලා ලිහිල් කරලා party look එකක් ලේසියෙන්ම ගන්න පුලවන් .. දැන් කාලින ජැකට් විලාසිතාවන්ට අනුව කොහොමත් සාරියේ රෙද්දෙන්ම හෝ එකම පාටින් ජැකට් අදින්නේ නෑ , ඒ නිසා ගෝල්ඩ් සිල්වෙර් කළු පැහැයන් වලින් වැඩ දමපු තරමක් වටිනා පෙනුමක් සහිත සාරි ජැකට් එකක් හදා ගෙන තියන එක වටිනවා , අහක යන්නේ නැ , හදිස්සියේ party එකකට හරි wedding එකකට ආරාධනාවක් අවාම වැඩිය හිතන දෙයක් නෑ .. මේ සදහා අපිට ලේස් වර්ගයක් හරි බ්‍රොකෙඩ් රෙදි වර්ගයක් ගන්න පුළුවන්, ජැකට් එකට ටිකක් stones වර්ග පබළු වර්ග යොදාගෙන වටිනා පෙනුමක් එක්කරගන්න.

තවත් ජනප්‍රිය සාරි වර්ගයක් තමයි නෙට් හා ලෙස් සාරි ,, ඔබේ මනා හැඩය හා ලස්සන වඩාත් කැපී පෙන්න ආකර්ශනීය පෙනුමක් එක කරගන්න නෙට් සාරි යොදා ගන්න පුළුවන් .. නෙට් හා ලේස් විනිවිද පෙනෙන නිසා ටිකක් කල්පනාවෙන් තමයි තෝරාගන්න ඕනේ .. මෙහෙම නෙට් සාරි අදිද්දී සාරි ජැකට් එකේ open එක පිටිපස්සට ගන්න එක වඩාත්ම ගැලපෙන්නවා , පිටට cords යොදාගෙන තවත් පෙනුම වැඩි කරගන්න පුළුවන් ,,

ලබන සතියේ මම video එකක් එක්කම එන්නම් , නවින විලාසිතාවක ලස්සන සාරියක් ගෙදරදීම හදන විදිහ කියල දෙන්න..

කනිෂ්ක සඟබෝ ඩයස්

දු : 0772114336

 

 

 

 

 

 

 

 

තැනට ගැලපෙන saree jacket විලාසිතාවක් තෝරමු

Deep Vibes

2018 ජනවාරි 27  Space Lounge හිදී Strictly for Deep Music Lovers Featuring; * Shanil * Alox * Heshan * SH3HAk * Rekhz * Shan * Dylan

උයන පිහන මේ රහස් ටික දන්නවනම් ඔයාටත් පුළුවන් හොඳම ගෘහණිය වෙන්න

ඔබට ඔබේ කෑම වල රසය සහ ගුණය වැඩි කර ගන්න පුලුවන්නම් රසකාරක නොයොදන එක ඔබේ ශරීර සෞඛ්‍යටද ඉතාමත් හිතකරයි. අද අපි ඔබට කියලා දෙන්නේ...

තමන්ගේ සුන්දරත්වය ගැන සිතා ලත වෙන තරුණියන්ට සෝනම් කපුර්ගෙන් අපුරු ලිපියක්

තරුණියන් වඩාත් සැලකිලිමත් වන්නේ තමත්ගේ රූපය ගැන එයාලා වඩාත් පහැපත්ව ලස්සනට තියාන්න ඔවුන් විවිධ වූ දේවල් සිදු කරනවා ඇතැම් තරුණියන් ප්‍රසිද්ධ නිළියන් අනුගමනය කරමින්...

ඔබ නිදන ඉරියව්වෙන් කියවෙන ලිංගික රහස්

නිදාගැනීමේදී කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම විවිධ ඉරියව් භාවිතා කරනවා. ඉතින් මේ ඉරියව් මඟින් ලිංගිකත්වය පිලිබඳ අනාවැකි කියවෙන බව ඔබ දන්නවාද?   මෙහිදී ඔබ යම්කිසි ආකාරයකට ඔබගේ...

නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

ශවුර් කියන්නේ මුම්බායි නගරයේ ඉන්න තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි නුරි. ඔවුන්ගේ සම්බන්ධයට නුරිගේ ගෙදරින් කැමති නෑ . ඒ නිසා ඇයව වෙන කෙනෙකුට විවාහ කර...

ගෙදරදීම වට්ටක්කා පෝච්චියක පැල කරගමු

කඩෙන් එළවලු ගන්න ඔයාට රසායනික ද්‍රව්‍ය වලින් තොර ගෙදරදීම වට්ටක්කා පළකරගන්න ආකාරයයි අද අපි ඔබට කියලා දෙන්නේ?   https://youtu.be/ctsw279ITss    

ස්වයං වින්දන ගැටළු

වටෙන් ගොඩෙන් නැතුව නැතිව කෙලින්ම මාතෘකාවට පිවිසියොත් අද ස්වයං වින්දනය බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා. ගැහැණු හෝ පිරිමි බේදයකින් තොරව සිදුවන මෙම ස්ව...

චාරිකා – 10 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...