ළමයින් වැඩිහිටියන් වන විට බොහෝ දේ ඉගෙනගන්නේ පාසලෙන්, දෙමවුපියන්ගෙන් සහ බොහෝවිට සමාජයෙන්. තාරුණ්‍ය, යෞවනය පහු කරගෙන වැඩිහිටියෙක් බවට පත්වන විට ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය වුවත් ප්‍රජනක සෞඛ්‍ය ගැන තිබෙන දැනුම ඉතා අල්පයි. ප්‍රජනක සෞඛ්‍ය ගත්තම එහි තියෙන ප්‍රධානතම දේ තමයි දැනුම, ආකල්ප, පුරුදු සහ කුසලතා . මේ මත අපේ චර්යාවන් වෙනස් වෙනවා.

අදටත් අපේ සමාජයේ ලිංගිකත්වය කියන්නේ තහනම් විෂයක්. අපි ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නවා ලිංගිකත්වය ගැන දැනගත්තොත් හරි ඒ ගැන අපි ඉගෙන ගත්තොත් ඒ අය වැරදි මඟට පෙළඹෙයි කියලා. ඇත්තටම එක වැරදි අදහසක් කියල තමයි පාසල් වලත් දෙමවුපියනුත් ලිංගිකත්වය ළමයින්ට කියලා දෙන්න මැලි වෙන්නේ ඔවුන් හිතන්නේ ළමයි ඒවා දැනගත්තොත් කරලා බලන්න උත්සහ කරයි කියලා. නමුත් තරුණ දරුවන් ලිංගික දැනුම ලබාගත යුත්තේ තමන් කළ යුතු ඒ නොකළ යුතු දේ පිළිබඳ දැනුමක් ලබාගැනීමටයි.

අද ලංකාවේ ලිංගික අධ්‍යාපනයක් නොමැති නිසා තරුණ දරුවන් වගේම වැඩිහිටියනුත් විවිධ ප්‍රශ්ණ, ලෙඩ රෝග වලට ලක් වෙනවා. විශේෂයෙන් ලිංගික සම්බන්දතාවල යෙදෙන තරුණ තරුණියන් හට එයින් ඇතිවන ප්‍රතිඵල ගැන දැනුමක් තිබිය යුතුයි. උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. තරුණ යුවලක් ප්‍රේම සම්බන්දතාවයක් ඇතිකරගෙන ඔවුන් විවිධ මාධ්‍ය වලින් සහ නිල චිත්‍රපටි මඟින් දකිනවා විවිධ ලිංගික ආකර්ෂණිය දසුන්. එවිට ඔවුන්ටත් ඒවා කල යුතු වැනි හැඟීම් ඇතිවෙනවා. ඔවුන් පෙළඹෙනවා මේ දකින ක්‍රියාකාරකම් අත් හදා බලන්න. නමුත් එයින් ඇති වන ප්‍රතිඵල ගැන අවබෝදයක් නැහැ.

ඒ වගේම මේ දෙදෙනාගෙන් එක් අයෙකුට ලිංගික රෝගයක් වැළඳී ඇත්නම් තත්වය තවත් බරපතල වෙනවා. මොකද ඔවුන් දෙදෙනාටම කිසිම දැනුමක් නැහැ කොහොමද ආරක්ෂාකාරීව මේ ක්‍රියාවේ යෙදෙන්නේ කියලා.ඔබ මෙවැනි අවස්ථාවක් ගැන සිතා බලා තිබෙනවාද? නොදැනුවත් කමින් ඔබ ගර්භණිභාවයට පත් වුනොත් ඔබට අත් වෙන ඉරණම කුමක්ද? එවැනි දෙයකදී සිදුවන්නේ ඔබට පවුලේ අය, පාසල, සමාජය මේ හැමදෙනාම නැති වෙන එකයි. එවිට ඔබේ හැම බලාපොරොත්තුවක්ම බිඳ වැටෙනවා. පිරිමි ළමයින් මානසිකව ඇද වැටෙනවා කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා.

ඒ වගේම තමා විවිධ අපයෝජන තත්ව වලින් ප්‍රවේශම් වීමටත් මේ ලිංගික අධ්‍යාපනය ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා . එවැනි අවස්ථාවක ක්‍රියා කළ යුත්තේ කෙසේද? වගේම ඉන් පසුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දැනුවත් වී සිටීම ඉතාම වැදගත්. මෙහිදී ලිංගාශ්‍රිත රෝග, ගර්භානිභාවය පිළිබඳව ඇති දැනුම ඔබව තව තවත් ගැටළු වලට පැටලී යාම වලක්වෙනවා.

මෙතනට අදාළ වන තවත් දෙයක් තමයි තමන්ගේ ශරීරය ක්‍රියාත්මක වන ආකාරය තමන්ගේ හැඟීම් නිසි ලෙස කළමනාකරණය කරගන්නේ කෙසේද කියන එකයි. තාරුණ්‍යට එළඹෙන විට ආදරය, ලිංගිකත්වය, පවුල, දෙමාපියභාවය වගේ දේවල් ගැන ඔබට අවබෝධයක් තිබිය යුතුයි. මේ ගැන අවබෝධයක් ඇත්නම් තමන්ගේ ජීවිතය සතුට්න් ගෙවන්න පුළුවන්.

 

වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල (MBBS,MSc (Comm Med),PG Dip Comm)
වෛද්‍ය අධ්‍යක්ෂක
FPA ශ්‍රී ලංකා 

 

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස

සෙල්ෆි උන්මාදය ඔබටත් වැලදිලාද ?

මෑත කාලයේ උන්මාදයක් බවට පත් උන මේ සෙල්ෆි අද වෙනකොට ජිවිතයේ නැතුවම බැරි අංගයක් වෙලා. මේ උන්මාදය බොහෝ දෙනෙකුට උරුම කරලා තියෙන්නේ හොද අවසානයක්...

ගුණ විදිහට පිටින් කමු

අද බොහෝ දෙනා ගෙවන්නේ කාර්ය බහුල ජිවන රටාවක්. ඒ නිසා අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා පිටින් අහර ගන්න. එනිසාම ඒවාගේ ඇති පෝෂණය හා...

ඔබට නව පණක් දෙන අරුම පුදුම යෝගී කලාව

යෝග යනු පැරණි ඉන්දියාවේ නැණවතුන් විසින් සියවස් ගණනකට පෙර සොයා වැඩි දියුණු කරගෙන ප්‍රයෝජනයට ගත් ශරීර සනීපය වඩවන පැරණි කලාවකි. යෝග යනු ආගමක්වත්, ජීවයේ පැවැත්ම...

මඟ වරද්ද ගන්න කලියෙන් පාර පෙන්නන්න ගෙදරින්

පහන් දැල්ලකට ආදරේ කරන්න පටන් ගත්තු පළගැටියෙක් ඒ මත්තෙ ම හැපිලා හැපිලා, දැවිලා පිච්චිලා අළු වෙලා යනකම්ම ඒ ආදරේ හිතින් අත් හරින්නනම් ලෑස්ති නෑ....

තනියෙම නම් තහනම් – සූක් වාකිෆ්

"සූක් වාකිෆ්" කියන්නේ කටාර් රාජ්‍යයේ තියෙන පැරණිම වෙළඳපොළක්. "සූක්" එකක් කියන්නේ විශාල භූමි ප්‍රමාණය පැතිරුනු වෙළඳපොළක්. සූක් එක අවුරුදු 100ක් විතර පරණයි. හැබැයි සාම්ප්‍රදායික ගෘහ...

මහනුවරට යලිත් ඇඳිරිනීතිය

පෙරේදා රාත්‍රියේ ( 05-03-2018 ) තෙල්දෙණියේ සහ දිගන ඇති වූ කලහකාරී සිදුවීම් අද උදෑසන ( 07-03-2018 ) වන විට ආරක්ෂක අංශයන් විසින් මුළුමනින්ම පාලනය...

දුවරු ගැන වෙනස් විදිහකට හිතමුද?

සතුටු පවුල සංවර්ධනය සඳහා දුවරු ඇති දෙමව්පියන්ට, ඔබ තම දියණියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? තීරණ ගැනීමට එඩිතර නැති පෞර්ෂයෙන් අඩු කෙනෙකු වීමද? එහෙම උනොත්, සමාජයේ නායකත්වයට පත්...

අත්වැල ගිලිහී – 02 කොටස

මිස් ශානිකා නොහොත් විරූපිකා. මට මේ ලෝකේ පේන්නම බැරි ගෑණු චරිතේ. එයා යටගිය දවස බරණැස් නුවර කාලේ ඉඳන් මගේ තාත්තා ගැන hopes තියන් ඉන්නවා....

2023 දී, අපට කාන්තාවන් මුහුණ දෙන මෙම අභියෝග යෙන් මිදිය හැකිද?

ආරක්ෂාව නොමැතිකමඅපේ සමාජයේ කාන්තාවන්ගේ ලොකුම ගැටළුව ආරක්ෂාවයි. නිවසේ හෝ ප්‍රසිද්ධියේ වේවා කාන්තාවන්ට කිසිදා ආරක්ෂාවක් නැත. ඔවුන් නාඳුනන අයගෙන් පමණක් නොව ඔවුන් දන්නා හඳුනන පුද්ගලයින්ගෙන්...