ඇඳුමක් ගන්න සාප්පු ගානේ යන එක හරිම යුද්ධයක්. සේල් සේල් කියල බෝඩ් ගහල තිබ්බට ඒවගේ ගොඩක් වෙලාවට තියෙන්නේ බාල රෙදි වලින් මහපුවා.. එහෙමත් නැත්නම් කොහේ හරි damage එකක්. හිතටත් හරියන පසුම්බියටත් බරක් නොවන දේවල් හොයාගන්න එක හරිම අපහසුයි. අද අපි කියල දෙන්නේ පසුම්බියට බරක් නොවෙන්න හොද ඇඳුමක් තෝරාගන්නේ කොහොමද කියල. online shopping කලත් මේ ගැටලුව තියනවා

ඩෙනිම් (denim)
මිල ටිකක් ගණන් උනත් හොද ඩෙනිම් එකක් ගත්තොත් කාලයක් අදින්න පුළුවන්. අඩු මිලට තියෙන ඩෙනිම් ගොඩක් වෙලාට බාල රෙදි වලින් මහපු ඒවා. ඒවා සෝදනකොට පාට යනවා වගේම හැඩයත් වෙනස් වෙනවා. ඒ නිසා පාවිච්චි කරන්න පුළුවන් කාලයත් තත්වයත් ගැන සලකා බලන විට මිලක් ගෙවා ලබා ගන්න ඩෙනිම් තම ලාභදායක වෙන්නේ. මිලදී ගැනීමට පෙර ඩෙනිම් එක හරි මැද්දෙන් දෙකට නමා හොඳින් ෆ්ලැට් කරන්න. පාද දෙක දිගින් අසමාන නම් එය බාල නිමැවුමක් . ඩෙනිම්  එකක තිබෙන සිප් එක, බොත්තම් වලිනුත් එහි තියෙන ගුණාත්මක බව මනින්න පුළුවන්.

ලිස්ප්ටික්(lipstick)
ලිප්ස්ටික් එකක මිල තීරණය වෙන්නේ එහි අඩංගු වෙලා තිබෙන අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව අනුවයි. හොඳ ලිප්ස්ටික් එකක මී ඉටි, එඬරු , පොල්තෙල් වැනි තෙල් වර්ගයක්, විටමින් A , E ,B හා කොලජෙන් අඩංගු වෙනවා.

සන්ග්ලාස් (sunglass)
බාල ප්‍රමිතියෙන යුතු සන්ග්ලාස් වලින් වෙන්නේ ඇස් වලට හානියක්. හොඳ ප්‍රමිතියක සන්ග්ලාස් නම් නිෂ්පාදනය කල සමාගමේ සලකුණ box එකේ හා සන්ග්ලාස් කුට්ටමේ තැනකත් සඳහන් විය යුතුයි. ඒ වගේම ඇතුලත පිරිසිදු කරන රෙදි කැබැල්ලක් හා සහතිකයක්ද විය යුතුයි. අවු කණ්නාඩිය මගින් වළක්වන්නේ කුමන වර්ගයේ පාරජබුල කිරණ ද යන්න හා එහි ලෙන්ස් එක මගින් වලක්වන තරංග යාමය පිළිබඳවත් සඳහන් විය යුතුයි.

කොට්න් ඇඳුම්
මේවා පරිසරයට හිතකාමී මෙන්ම සිරුරටත් සනීපයි.ඒ වගේම කොට්න් ප්‍රතිශතය වෙන විට මිලත් වැඩි වෙනවා. කෘතීම තන්තු නැති උසස් තත්වයේ කොට්න් ඇඳුමක් නම් එය අතේ මද වෙලාවක් තබාගෙන සිටින විට සිරුරේ උෂ්ණත්වයට ඇඳුමත් උණුසුම් වෙනවා.

පාවහන් (shoes)
හොඳ පාවහන් පාදයට සුව පහසුයි, බරත් නැහැ. හොඳ ප්‍රමිතියෙන් යුතු පාවහන් දෙකට නැමූ විට අඩිය නම්‍යශීලි නම්, එසේ නමන විට පාවහනේ උඩ කොටසේ හැඩය විකෘති නොවිය යුතුයි.එය හොඳ තත්වයෙන් පවතින්නක්. ඒ වගේම පවන්වල ඇති මැහුම ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි. එය මනා නිමාවකින් තිබිය යුතුයි වගේම ඒකාකාරී එල පැතිරී තිබිය යුතුයි.

බෙල්ට්(belt)
ජෙනුයින් ලෙදර් වලට වලට වඩා කෘතීම ලෙදර් වලින් සැදූ අඩු මිලකින් යුක්තයි. නමුත් ඒවා ඉක්මනින් කැඩී පලුදු විය හැකියි. ඔබ දිනපතා බෙල්ට් පළඳින කෙනෙක් නම් මිල වැඩි එකක් මිලදී ගත්තට ඔබට පාඩුවක් සිදු වන්නේ නෑ . බෙල්ට් එක උඩට වතුර බිංදු කිහිපයක් දැමු විට එය බෙල්ට් එකට උරා ගන්නවා නම් එය ජෙනුයින් ලෙදර් බෙල්ට් එකක් විදිහට සලකන්න පුළුවන්.

සිල්ක් (silk)

එදිනෙදා භාවිතයට ඉතාම සුදුසු රෙදි වර්ගය තමයි සිල්ක්. සේද ඇඳුමකින් හොදින් ශරීරයට වාතාශ්‍රය ලැබෙනවා වගේම තෙතමනය උරා ගත්විට වියළි තත්වයෙන් පවතිනවා. උසස් තත්වයේ සේද රෙද්දක් අතට ගෙන මද වේලක් පොඩි කල විට ඉරි හිටින්නේ නැහැ.ඉතාම සියුම් සලකුණු තමයි හිටින්නේ.

Pocket එකට match වෙන්න shopping කරමු

ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් හෙට දිනයේදී

සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් ලෙස හැඳිනවෙන මෙය ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් ලෙස සැලකෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා...

මඟ වරද්ද ගන්න කලියෙන් පාර පෙන්නන්න ගෙදරින්

පහන් දැල්ලකට ආදරේ කරන්න පටන් ගත්තු පළගැටියෙක් ඒ මත්තෙ ම හැපිලා හැපිලා, දැවිලා පිච්චිලා අළු වෙලා යනකම්ම ඒ ආදරේ හිතින් අත් හරින්නනම් ලෑස්ති නෑ....

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 2 කොටස

සම්භාහන ආයතන වල ගැහැණු ළමයින් ඉන්නේ වෙනත් හේතු සාධක නිසාය. ඔවුන්ගෙන් බොහෝ අය ගම්බද සිංහල හෝ දෙමළ පවුල් වලට අයත් අය වේ. කවදාවත් මේ...

දවල් කෑමට ඉස්සෝ

මිට පෙර ලිපියකින් අපි ඔබට ඉදිරිපත් කරා විවිධ ක්‍රම වලට දැල්ලන් හදන අකාරය. අද අපි ඔබට කියල දෙන්නේ ඉස්සන් විවිධ ක්‍රම වලට හදන්න හැටි....

නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි

බොහෝ දෙනා හිතන්නේ චොක්ලට් (chocolate) කියන්නේ ඉතාමත් රසවත් ප්‍රණීත ආහාරයක් ( food ) පමණයි කියලා. එක ඇත්ත. නමුත් ඔබ දන්නවාද චොක්ලට් ඉතාමත් පෝෂ්‍යදායි (...

විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු වෙන්නේ

අද සමාජයේ දක්නට ලැබෙන තරබාරු (fat) අය අතුරින් බොහෝ දෙනෙක් කාන්තාවෝ ( married women) වෙති. එයට හේතු වන කරුණු අපට සමාජය තුලින්ම සොයාගැනීම අපහසු නොවේ....

චාරිකා – 03 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය – “ගජමෑන්”

හැත්තෑව දශකයේ අතිශය ජනප‍්‍රිය හා ප‍්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය...

ලේසියෙන් පහසුවෙන් ස්ට්‍රෝබෙරි වලින් රසවත් කෑම බීම හදමු

ස්ට්‍රෝබෙරි කියන්නේ මිලෙන් තරමක් වැඩි උනත් අපි කව්රුත් කෑමට ප්‍රිය කරන පළතුරක්. ඉතින් අද අපි ඔයාලට කියල දෙන්නේ ස්ට්‍රෝබෙරි වලින් පහසුවෙන් හදන්න පුළුවන් රසවත්...