thewoman.lk අපි අද ඔයාලට කියලා දෙන්නේ ඉතාමත් රසවත් සහ ගුණදායක සුප් වර්ග 05ක්. ශරීරයේ තරබාරුව අඩු කිරීමත් නිරෝගී ශරීරයක් පවත්වාගෙන යාමටත් මෙවැනි සැහැල්ලු සහ රසවත් ආහාරයක් ගැනීම ඉතාමත් සුදුසුයි. ඉතින් අපි බලමු කොහොමද මේ සුප් සාදා ගන්නේ කියලා

එළවළු සුප්

 

 

වශ්‍ය ද්‍රව්‍ය
ගෝව නැටි           3-4
බෝංචි කරල්         10
ලීක්ස් ගස්               1
අර්තාපල් ගෙඩි        2
කෑරට් අල              1
බොම්බයි ළුණු        2
කරපිංචා ඉති           1
රතුළුණු පෙති අහුරු 1
සූදුරු මේස හැඳි       1
ගම්මිරිස් මේස හැඳි  1
කොත්තමල්ලි මේස හැඳි 1
වතුර පිරිසි කෝප්ප 12
දෙහි ගෙඩි 1
ලුණු ස්වල්පයක්
දුන්තෙල්, බටර්, මාජරින් හෝ පොල් තෙල් මේස හැඳි

සාදන ක්‍රමය
එළවළු හින්කර කපා හට්ටියකට දමා වතුර වක්කොට සූදුරු කොත්තමල්ලි හා ගම්මිරිස් ද තළා ඊට ලිප තබා ගන්න. ඉන්පසු වතුර කෝප්ප 4ක් පමණ සිඳුණ පසු එළවළු ටික නැඹීලියකට දමා පොඩිකර සුප් එකට දමා සියල්ලම පෙරා දෙහි ඇඹුල් ලුණු අවශ්‍ය පමණට දමා තමන් කැමති තෙල් වර්ගයකින් තෙම්පරාදු කරගන්න. සුප් එක සුදු කර ගැනීමට අවශ්‍ය නම් තෙම්පරාදු කරන්නට මත්තෙන් එළකිරි ටිකක් එක්කර ගන්න

 

බිත්තර සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
තමන් කැමති මස් හෝ මාළු වර්ගයක් තම්බාගත් වතුර පිරිසි කෝප්ප 12
අර්තාපල් ගෙඩි 4
බිත්තර 2
එළකිරි 1/4
රට ලුණු ගෙඩි 1
දෙහි ගෙඩි 1
ලුනු ස්වල්පයක්
බටර් මේස හැඳි 2
තලාගත් ගම්මිරිස් සුරු කොත්තමල්ලි මේස හැඳි 1

සාදන ක්‍රමය
රට ළුණු සහ අල හින්කර ලියා වතුරට දමා තුනපහ සහ ලුනු යොදා ලිප තබන්න. මෙය කෝප්ප 3ක් පමණ සිඳුන පසුව පොඩිකර පෙරා එළකිරි ද එකතු කොට බිත්තර 2 හොඳ හැටි ගසා බටර් මේස හැඳි සාස්පානකට දමා ලිප තබා නටන විට ගසා ගත බිත්තර දමා රන්වන් පාටට දිගෙන එනවිට සුප් එකද සුප් එක ද ඊට එක කල මිනිත්තුවක් දෙකක් පමණ තබා අවශ්‍ය පදමට ලුනු ඇඹුල් දමා ගන්න. පිළිගන්වන විට සුප් කෝප්ප වලට බිත්තර කැබලි හින් කර කපා දමන්න.

 

ගෝවා සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
ගෝවා 250g
ලොකු රට ළුණු ගෙඩි 2
කැරට් අල 2
වතුර කෝප්ප 10
දෙහි ගෙඩි 1
කරපිංචා ඉති 1
ලුනු ස්වල්පයක්

සාදන ක්‍රමය
ගෝවා, රට ළුණු හා කැරට් කැබලි වලට කපා වතුර එක කරන්න. ඉන්පසු දුරු ද්‍රව්‍ය සහ කරපිංචා එක්කොට හොඳ හැටි තම්බා පෙරා ලුණු ඇඹුල් යොදා තමන් කැමති තෙල් වර්ගයකින් තෙම්පරාදු කර පෙරා ගන්න.

 

පිකුදු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
පීකුදු 500g
කැරට් අල 1
රට ළුණු ලොකු ගෙඩි 1
වතුර කෝප්ප 6
ගම්මිරිස් ස්වල්පයක්
කරපිංචා ඉති 1
දෙහි ගෙඩි 1
ලුණු ස්වල්පයක්

සාදන ආකාරය
පීකුදු, රට ළුණු, කරපිංචා සහ කැරට් කුඩා කැබලි වලට කපා වතුර එක්කර ගම්මිරිස් යොදා ලිප තබා තම්බුනු පසු ලුණු ඇඹුල් පදමට දමා පිළිගන්වන්න

 

එළු මස් සුප් 

 

අවශ්‍ය ද්‍රව්‍ය
එළු මස් 500g
ලීක්ස් ගස් 1
කැරට් අල 1
වතුර කෝප්ප 12
සැල්දිරි ඉති 1
කරපිංචා ඉති 1
දෙහි ගෙඩි 1
තලාගත් ගම්මිරිස්, කොත්තමල්ලි, සුදුරු මේස හැඳි 1
දුන්තෙල්, මාජරින්, පොල්තෙල් මේස හැඳි 2

සදා ගන්නා ආකාරය
එළු මස් සෝදා කැබලි කොට බඳුනකට දමා අර්තාපල්, කැරට් කපා එයට වතුර එක්කර දුරු ද්‍රව්‍යන් ද එක්කර ලිප තබන්න. වතුර කෝප්ප 3ක් පමණ සිඳෙන තුරු තම්බා පෙරාගෙන ඔබ කැමති තෙල් වර්ගයකින් තෙම්පරාදු කර ලුණු, දෙහි ඇඹුල් පදමට යොදා ගන්න

 

 

Diet කරන ඔබ වෙනුවෙන්…

ස්වභාව සෞන්දර්යයෙන් අනූන Heritance Kandalama

Heritance Kandalama යනු ශ්‍රීලංකාවේ ඉදි වූ  සුඛෝපබෝගී මෙන් ම දර්ශනීය හෝටලයකි . ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම  ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවාගේ අසමසම වූ හැකියාවේ  හා...

එදිනෙදා ජීවිතයේදී බර අඩු කර ගැනීමට උපකාර වන tips 12 ක්

තරබාරු කාන්තා ඔබට , සමහර විට ගෙදර දොරේ වැඩ කටයුතු එක්ක බර අඩු කර ගැනීමට ව්‍යායාම කිරීමට පවා කාලය අඩු ඇති . එත් කාලය...

කටට රසට කෑම හදන්න නම් මේ ටිකත් දැනගෙනම ඉන්න ඕනි.

ගෘහණියක් වෙනවා කියන්නේ හරිම වගකීමක්. ඒ වගේම තමයි කරන්න තියෙන වැඩ වල ඉවරයක් නැහැ.පවුලේ අයගේ කෑම වේල සකස් කරනවා කියන්නේ ගෘහණියකගේ ප්‍රධාන කාර්යක්. ඇත්තටම...

ලොව අංක එකේ ගායිකාව

අද ලොව අංක එකේ ගායිකාව කවුද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් දෙන උත්තරේ තමයි ටේලර් ස්විෆ්ට් . 28 හැවිරිදි වියේ පසුවන මේ සුපිරි තරුව මේ...

සෙල්ෆි කලාවේ නවතම පෙරලිය VIVO V7

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් වන VIVO සිය V series දුරකතන පෙළට එක්වුණු නවතම දුරකතනය වන VIVO V7දුරකතනය දෙසැම්බර් 24 දින...

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට...

ගුණ විදිහට පිටින් කමු

අද බොහෝ දෙනා ගෙවන්නේ කාර්ය බහුල ජිවන රටාවක්. ඒ නිසා අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා පිටින් අහර ගන්න. එනිසාම ඒවාගේ ඇති පෝෂණය හා...

ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමු

අඹ ව්‍යංජනය කියන කොටම කටට කෙල උනනවා නේද? එහෙම එකේ වැඩි කතා මොකට ද ? අපි රසම රසට ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමුකෝ. මේ සඳහා...

Kidswood Awurudu Educational Toys Fair – April 2018

Kidswood Awurudu Educational Toys Fair - April 2018 Shop for Exciting New Collection of Educational Toys. Amazing Discounts on ALL items. 1st of April 2018 from...