ගෘහණියක් වෙනවා කියන්නේ හරිම වගකීමක්. ඒ වගේම තමයි කරන්න තියෙන වැඩ වල ඉවරයක් නැහැ.පවුලේ අයගේ කෑම වේල සකස් කරනවා කියන්නේ ගෘහණියකගේ ප්‍රධාන කාර්යක්. ඇත්තටම රසට ගුණට කෑම වේලක් හදන්න ගියාම අපිට මුණ දෙන්න වෙන ලොකුම ගැටළුව තමයි ව්‍යංජනයට ගැලපෙන තුනපහ මිරිස් ටික හදාගන්න එක. මොකද ලේසියට පහසුවට කඩෙන් මිරිස් තුනපහ කඩෙන් ගත්තට අපි බලාපොරොත්තු වෙන තරම් රසයක් කමට එකතු වෙන්නේ නැහැ.
ඉතින් අද අපි කියල දෙන්නේ ගෙදරදී මිරිස් තුනපහ රසට හදාගන්නේ කොහොමද කියල. රැකියාවට යන ගෘහනියකට වුනත් නිවාඩු දවසට මේ ටික හදල තියන්න පුළුවන්.

තුනපහ හදනකොට මතක තියාගන්න ඕනි දෙයක් තමයි එළවළු ව්‍යංජනයට ගැලපෙන තුනපහ වර්ග මස් , මාළු ව්‍යංජනයට ගැලපෙන්නේ නෑ කියන එක. පාඩම හරියට එන්න නම් මිරිස් තුනපහ ටික ව්‍යංජනයට වැටෙන්න ඕනි.

මාළු ඉවීමට ගන්නා මිරිස් තුනපහ

වියලි මිරිස් 500g
සූදුරු 50g
කොත්තමල්ලි 100g
එනසාල් ඇට කිහිපයක්
කරාබු නැටි 5ක්
ගම්මිරිස් ඇට ස්වල්පයක්
කුරුදු පොතු අඟල් 5ක පමණ කැබලි 3ක්
මාදුරු ස්වල්පයක්
කරපිංචා අතු 5ක් පමණ
රම්පෙ කැබැල්ලක්

මුලින්ම මිරිස් සෝදා අව්වේ වේලා ගන්න. කොත්තමල්ලි, සූදුරු, එනසාල් ඇට,කරාබු නැටි,ගම්මිරිස් ඇට, මාදුරු,කරපිංචා , රම්පෙ සෝදා මිරිස් සමග කවලම් නොකර වෙනම වේලා ගන්න. වේලාගත් මිරිස් blender එකක ආධාරයෙන් කුඩු කරගෙන කබලේ බැද ගන්න. වේලා ගත් අනිත් ද්‍රව්‍ය කබලක දමා රන්වන් පාට වනතුරු බැදගන්න. එයත් blender එකක ආධාරයෙන් කුඩු කර ගන්න. මිශ්‍රණ දෙකම හොදීන් කවලම් කරගන්න.

මස් ඉවීමට ගන්නා මිරිස් තුනපහ

වියලි මිරිස් 400g
සූදුරු 50g
කොත්තමල්ලි 100g
එනසාල් ඇට කිහිපයක්
කරාබු නැටි 5ක්
ගම්මිරිස් ඇට ස්වල්පයක්
කුරුදු පොතු අඟල් 5ක පමණ කැබලි 3ක්
මාදුරු ස්වල්පයක්
කරපිංචා අතු 5ක් පමණ
රම්පෙ කැබැල්ලක්

මුලින්ම මිරිස් සෝදා අව්වේ වේලා ගන්න. කොත්තමල්ලි, සූදුරු, එනසාල් ඇට,කරාබු නැටි,ගම්මිරිස් ඇට, මාදුරු,කරපිංචා , රම්පෙ සෝදා මිරිස් සමග කවලම් නොකර වෙනම වේලා ගන්න. වේලාගත් මිරිස් blender එකක ආධාරයෙන් කුඩු කරගෙන කබලේ බැද ගන්න. මාළු කරියට බැදපු ප්‍රමාණයට වැඩ ටිකක් වැඩි පුර බැදගන්න. වේලා ගත් අනිත් ද්‍රව්‍ය කබලක දමා රන්වන් පාට වනතුරු බැදගන්න. එයත් blender එකක ආධාරයෙන් කුඩු කර ගන්න. මිශ්‍රණ දෙකම හොදීන් කවලම් කරගන්න.

එළවලු ඉවීමට ගන්නා තුනපහ

සූදුරු 50g
කොත්තමල්ලි 150g
එනසාල් ඇට කිහිපයක්
කරාබු නැටි 5ක්
කුරුදු පොතු අඟල් 5ක පමණ කැබලි 3ක්
මාදුරු ස්වල්පයක්
කරපිංචා අතු 5ක් පමණ
රම්පෙ කැබැල්ලක්

කොත්තමල්ලි, සූදුරු, එනසාල් ඇට,කරාබු නැටි,ගම්මිරිස් ඇට, මාදුරු,කරපිංචා , රම්පෙ සෝදා වේලා ගන්න.Bender එකක ආධාරයෙන් හොදින් කුඩු කර ගන්න. කබලේ දමා බැද ගැනීම අවශ්‍ය නොවේ.

කටට රසට කෑම හදන්න නම් මේ ටිකත් දැනගෙනම ඉන්න ඕනි.

නැවුම් පළතුරු යුෂ පානය කිරීමෙන් දැනෙන ප්‍රමෝදජනක හැඟීම විඳගන්න

ඔබ ගන්නා අහාරය ඔබ ගන්නා පානය ඔබේ මනෝභාවයට පමණක් නොව, ඔබේ සිතිවිලි වල පැහැදිලිකමටද බලපාන බව ඔබ දන්නවා ද? ඈත අතීතයේ සිට ප්‍රඥාවන්තයින් සැහැල්ලු...

අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වින

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ පැවැත්වීන. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීය. ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

බස් එකේ යනකොට ඔබත් අපහසුතාවයට පත් වූ කාන්තාවක් ද

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ( women ) සහ ගැහැණු ළමුන්ගෙන් 90% ක්ම පොදු ප්‍රවාහන සේවයේදී හිංසනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කරන...

අසල් වැසියන් එක්ක මිත්‍රකම් බලාගෙනයි

අපි පවුලක් විදිහට සමාජයට මුහුණ දෙනකොට විවිධ සම්බන්ධතා ගොඩ නගා ගන්න වෙනවා. අපිට මුහුණ දෙන්න වෙන අභියෝග ජය ගත හැකිවන්නේ හැක්කේ ඒ වගේ සමාජ...

කෝමාරිකා යුෂ භාවිත කරමින් සම පැහැපත් කරගත හැකි විශ්මිත ආලේපන

කෝමාරිකා (aloe vera) කියන්නේ ඖෂධයක් වගේම රුපලාවන්‍ය සඳහා නැතුවම බැරි දෙයක්. කෝමාරිකා වල ඇති සිසිල් කාරක ගුණය නිසා බොහෝ රූපලවන්‍ය කටයුතු සඳහා කෝමාරිකා යුෂ...

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස

ළමයින් වැඩිහිටියන් වන විට බොහෝ දේ ඉගෙනගන්නේ පාසලෙන්, දෙමවුපියන්ගෙන් සහ බොහෝවිට සමාජයෙන්. තාරුණ්‍ය, යෞවනය පහු කරගෙන වැඩිහිටියෙක් බවට පත්වන විට ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය...

චාරිකා – 02 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

කාර්යාලයට යන යුවතියන්ට ගැලපෙන්නේ මෙන්න මේ විදිහටයි

රැකියාවක් කරන කාන්තාවන් ගොඩක් වෙලාවට අපහසුතාවයට පත්වෙන්නේ රැකියාවට ගැලපෙන්න ඇඳුමක් තෝරන්න ගියාම තමයි. වෘත්තිමය පෙනුමයි විලාසිතාවයි අතර එහෙට මෙහෙට කැරකෙන වෙලාවල් අපිට ඕනි තරම්...

එක එක කෑමට එක එක තෙල් වර්ග

අවුරුදු කලෙත් ළඟ ළඟම එනවා. මේ දවස්වල අපේ ගෘහනියන්ට නම් කුස්සියේ බරටම වැඩ වැඩි වෙන කාලයක්. ඒ වගේම තමයි එක එක වර්ගයේ කෑම ජාති...