කාන්තා අයිතීන් කෙරෙහි පටු ලෙස බලන අයගේ විශ්වාසය වන්නේ අයිතීන් යනු කාන්තාවක් ලෙස උපත ලබා ඇති නිසාම ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයක් හෝ අසාධාරණ වාසියක් බවය.නමුත් මනුෂයන් වශයෙන් සියලු දෙනාටම හිමිවිය යුතු මානව අයිතිවාසිකම් පිරිමින්ට මෙන්ම ගැහැනුන්ට ලැබිය යුතුය.ඒම නිසා සියලු සැකයකින් තොරව කාන්ත අයිතීන් මානව අයිතීන් ලෙස පිළිගත් හැක.මේ අනුව පවතින නිතිය මගින් හෝ නීතිමය ආයතන මගින් කාන්තාවන් යටහත් භාවයට පත්කරමින් ඔවුනසමන සැලකුම් වලට භාජනය කරන්නේ නම් කැදවන්නේ හුදු කාන්ත අයිතීන් පමණක් නොවේ.මේ මගින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වේ.

 කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන්  (International Standards relating to Women’s Rights)

කාන්ත අයිතීන් කෙරෙහි වැදගත් වන ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුතීන් කිහිපයක් මෙසෙය.

කාන්තාවන්ට වෙනස් ආකාරයෙන් සැලකීම පිටු දැකීම සඳහා වූ සම්මුතිය(CEDAW )

 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR)

 ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර  සම්මුතිය (ICESR )

 කාන්තාවන්ට එරෙහිව සිනුවන ප්‍රචණ්ඩත්වය වැළක්වීමේ ජාත්යන්තර සම්මුතිය

 කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍යන්ට
වගකීම් ඇතිකරවන ප්රධාන ජාත්යන්තර ලියවිල්ල පහත පරිදි සාරාංශ කළ හැකිය                                                                                                           

කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය

 (Convention on the Elimination of All Forms of  Discrimination against Women හෙවත් CEDAW සම්මුතිය )

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ද මානව අයිතිවාසිකම් බව මෙම සම්මුතියෙන් අවධාරණය කොට ඇත.

මෙය 1979 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ අතර 1981 ඔක්තෝබර් 05 දින ලංකාව ද මෙමෙ සම්මුතියට අත්සන් තබා 1993 දී ශ්‍රී ලංකා

රජය විසින් කාන්ත් ප්‍රඥප්තියක් ද (women ‘s charter )අනුමත කරන ලදී.

CEDAW සම්මුතියේ 01 වන වගන්තිය මගින්කන්තවවනට එරෙහිව වෙනස්කම් කිරීම යන්නෙන් දේශපාලන ,ආර්ථික,සමාජීය,සංස්කෘතික,සිවිල් හෝ වෙනවත් ක්ෂේත්‍රයක මානව හිමිකම් හා මුලික අයිතිවාසිකම් ස්ත්‍රී පුරුෂයන් විසින් සමාන ලෙස භුක්ති වින්දිමේදී ස්ත්‍රීන්ට ඒ සඳහා බාධා කෙරෙන සියලු වෙනස්කම් හෝ සිමා අදහස් කර ඇත.

02 සිට 06 වගන්තිය දක්වා කාන්තාවනට එරෙහිව නීතිරීති,රෙගුලාසි,සිරිත් විරිත් හා පුරුදු වෙනස් කිරීමට රජයට ඇති වගකීම අවධාරණය කොට ඇත.

දේශපාලන කටයුතුවලට සහභාගී වීමේ අයිතිය (Right to political participation)-7 වගන්තිය

රජය නියෝජනය කිරීමේ අයිතිය (Right to represent Government)-9 වගන්තිය

සමාන පුරවැසි භාවයට ඇති අයිතිය (Equal citizenship Rights)-9 වගන්තිය

අධ්‍යාපනයට ඇති අයිතිය(Right to Education)-10 වගන්තිය

රැකියාවක් සදහා ඇති අයිතිය (Right to Employment)-11 වගන්තිය

සෞබ්‍ය සේවාවන් සඳහා ඇති අයිතිය (Right to health services)-12 වගන්තිය

ආර්ථික හා සමාජීය අයිතීන් (Economic & Social Rights)-13 වගන්තිය

ග්‍රාමීය කාන්තාවන්ගේ අයිතියන් (Rural Women ‘s Rights)-14 වගන්තිය

නිතිය ඉදිරියේ සමානාත්මතාවය (Equality before the Law)-15වගන්තිය

විවාහයට එළබිමේදී සහ පවුල තුළ සමාන අයිතිවාසිකම් (Equal rights within family & Marriage)   

මීලග ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන් කෙරෙහි බලපාන මුලික අයිතිවාසිකම් නිතිය පිලිබඳ ඔබ දැනුවත් කිරීමටයි   

 

නීතිඥ සජීවනී අබේකෝන්, LL.B. (කොළඹ විශ්වවිද්‍යාලය )

කාන්තා අයිතීන්ද මානව අයිතීන් වේ

දන්නා ආහාරවල නොදන්නා ගුණ

ලප සහිත කෙසෙල් කෙසෙල් ගෙඩි තරමක් ඉදුණු විට , කෙසෙල් ගෙඩි මත ලප තිබෙනවා ඔබ දැක තිබෙනවා නේද? මෙම ලප වල ඇති TNF නමැති පිළිකා...

ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් හෙට දිනයේදී

සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් ලෙස හැඳිනවෙන මෙය ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් ලෙස සැලකෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා...

ඉන්දියානු රුමතියන්ගේ රුපලාවන්‍ය රහස්

ඉන්දියාව කියන්නේ ලෝකයේ ලස්සනම කාන්තාවන් සිටින රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා රටක්. ඒ වගේම ලස්සන කාන්තාවන් වදින ප්‍රමාණයක් ඉන්න රට තමයි ඉන්දියාව. මොකක්ද මේ...

බොරුව ගැන හිත හිතා ලෙඩ වෙනවාද?

අපේ ජීවිතේ යම් යම් දේවල් අවිනිශ්චිත වෙනවා. ජීවිතේ කොයි දේත් නිශ්චිත කරගෙන කරන්න බැහැ එහෙම කරන්න අපහසුයි. පවක් වුනාද? නැත්ද? අනාගතය සාර්ථක වේද? නැත්ද?මම...

මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 - 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි...

වේගවත් ව පරිගණකය හසුරුවන අලුත් තාක්ෂණය -ලීප් මෝෂන් (Leap motion)

ලීප් මෝෂන් කියන්නේ සාමාන්‍ය මවුස් එකක් හෝ කී බෝඩ් (key board) එකකටත් වඩා පහසුවෙන් touch screen එකකටත් වඩා වේගයෙන් computer එක හා සම්බන්ධ විය හැකි තාක්ෂණයක්,...

එඩ්නා සුගතපාල අප අතරින් සමුගනියි

1946 ජනවාරි 03 වන දින පානදුරයේදී උපත ලද ඇය කුඩාකල සිටම කලා අභාෂය ලබා සිටියාය. පියානෝ වාදනයට ඈ සමත්කම්පෑවේ පැසැල් වියේදීමය. 1966 වසරේ ගැහැණු...

චිකන් මැන්චුරියන් එකක රස බලන්න කැමති ඔයාට

අපි හැමෝම කැමතියි විවිධ කෑම වර්ග වල රස බලන්න. අපි අද ඔයාලට කියල දෙනවා චිකන් මැන්චුරියන් එකක් සාදා ගන්නා ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය ( 04 දෙනෙක් සඳහා ) ...

ජනාධිපති නිල නිවසේ දී විපක්ෂ නායක සහ ජනාධිපති අතර හමුවක්

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සඳහා විපක්ෂ නායකවරයා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසවෙත ගොස් තිබෙනවා....