Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ගැහැණිය යනු, බඩුවක්ද ? ඔබේ මතය අපට ලියන්න

මුලින්ම මම කියන්නම් කාන්තාව පිලිබඳ පණිවිඩයක් මෙවැනි වෙබ් අඩවියක් හරහා පණිවිඩයක් දෙන්න උත්සහ කලේ ඇයි කියලා.. ඇත්තටම අපේ සමාජයේ කාන්තාව ගැන කතා කරනවා. කාන්තා විමුක්තිය ගැන කතා කරනවා. නමුත් මේ පිලිබඳ ඇති ප්‍රයෝගික තත්වය කුමක් ද ? මෙහි ප්‍රයෝගිකත්වය ගැන කත කරන කෙනෙක් මේ ලාංකීය සමාජය තුල වර්තමානයේ සිටිනවද? සිටිනවද ? ඔබ ඔබගෙන් ම, මොහොතකට අසන්න. මා කතා කරන්නේ දේශපාලනය ගෙන නොවේ. මා කතා කරන්නේ කාන්තාව ගැනයි.. ධනවත් දිළිඳු, ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ සීමාවන් නොතකා කාන්තාවන් වෙත ගසන මඩ පහරේ අවසානය කුමක් ද ?
එසේනම් කාලින සමාජයේ කාන්ත්වගේ හඩ නගන්න අවසරයි !! දිරිය කාන්තවනි ආදරණීය සහෝදරවරුනි නගන්න හඬක් හෙට වෙනුවෙන්.. ඔබ වෙනුවෙන්.. ඔබගේ අම්මා වෙනුවෙන්, නංගි වෙනුවෙන් හෙට දවසේ රටේ අනාගතය වෙනුවෙන් ,හෙට දවසේ ඔබේ ආදරණිය පුංචි දියණිය වෙනුවෙන්.. මෙයයි කදිම තෝතැන්න .. වෙනස් කරන්න ජාතියේ ආකල්ප .. රැක ගන්න හිමි තැන.. දෙන්නට ඔබේ පණිවිඩය දැයේ හෙට දවසට !!!!!!
අවශයි ඔබේ අදහස .. සොයන්නට හෙට දිනේ නිදහස .. තබන්නට පියවරක් ඉදිරියට . . ඔබගේ ලිපි. ඔබගේ අදහස් එවන්න මට. . යෝජනා හෝ චෝදනා සියල්ලම .. සර්ව සම්පුර්ණ මිනිස්සු, වැරදි නොකරන මිනිස්සු මේ සමාජයේ සිටිනවද ? කිසිම වරදක් නැති ?? කොහොමද අපි වැරදි සිදුවීම අවම කරගන්නේ එහෙනම් ? මෙය මගේ සහෝදරයා ඔබටත්.. මගේ සහෝදරිය ඔබටත් පොදු නොවේද ? එසේනම් ඇයි .. එවන් ඔබ තව කෙනෙක් වෙනුවෙන් කේලම් කියන්නේ තව කෙනෙක්ට මඩ ගසන්නේ ඇයි ?
මේවට පිළිතුරු ඔබගේ හදවතේ තියනවනම් ඔබේ අදහස නොලිය ඉන්න එපා .. මොකද මේවා ගැන ලියන්න ඔබේ අදහස කියන්න වෙන තැනක් නැහැ .. අද ඉදන් නොයෙක් මාතෘකා නොයෙක් සමාජගත සිද්ධි ගැන අපි කතා බහ කරමු .. අවශ්‍ය මාතෘකා ගැන ඔබටද සදහන් කොට මා වෙත එවන්න පුළුවන්.. කෙසේද වැරද්දක් කල පුද්ගලයෙක්ට පද හදන්නැතුව.. තැන තැන ගිහින් කියන්නේ නැතුව සමාජයේ පහත් කොට සලකන් නැතුව .. එයින් මිදීමට උදව් කරන්නේ ? එය අප මහත් සමාජයේම යුතුකමක් වගකීමක් නොවේද ? කවදා හරි මෙවැනි දෙයක් ඔබේ අහිංසක දියණියට, නංගිට අක්කට සිද්ධ වුනොත් ඔබ එදාටත් හැසිරෙන්නේ තමන්ගේ නොවන එකෙක් වරදක් කල විට හැසිරුණ අයුරින්මද ? සහෝදරයා ඔබ කාන්තාවන් ඇසුරු කරනවා වෙන්න පුළුවන් .. විටෙක ඔබ එය යාළුවන්ට ප්‍රකාශ කරන්නේ කෙසේද ?
“මන් අරකිට ගැහුවා මාර බඩුව ” කියල යාළුවන් සමග කියා සිනාසෙනවා නේද ? එසේ නැත්නම් එලෙසෙ කියන යාළුවන් සහෝදරයා ඔබ සමග නොසිටිනවද ? ඔබේ හදවතින්ම අසා දැන ගන්න . හැබැයි මෙලෙස කාන්තාවක් තම සගයන්ට ප්‍රකාශ කලොත් කුමක් සිදුවේද ?එවිට ඇය බඩුවක් ලෙස ප්‍රසිද්ධ නොවේද? එවිට අර පුරුෂයත් බඩුවක් ම නොවේද ? එසේනම් කාන්තව බඩුවක් ලෙස හංවඩු ගසන්නේ ඇයි ?අවශ්‍ය වන්නේ ඔවුන් ව කේලම් කියමින් ඔවුන් නරකයි කියා හංවඩු ගසනවා වෙනුවට එය වැරද්දක් නම් එයින් මිදීමට කාන්ත්වට සහ පුරුෂයාට උදව් කිරීම ම නොවේද ?
බලන්න මිනිසුන් තව කෙනෙක් පිලිබඳ මඩ ගසන්න සමාජ ජාලා භාවිතා කරන ආකාරය. නොදැන හෝ ප්‍රකාශ කරන දේවල් ගැන සිතාගන්නවත් නොහැක.. කෝ එහෙනම් ඔය කියන කාන්තා විමුක්තිය ?කෝ සමානාත්මතාවය ? කාන්තා විමුක්තිය කියලා මොනවද කතාකරන්නේ ?
ඉදිරියේදී කාන්තා සිරුර පාවා දීම් ..සමාජගත පාවා දීම් . සමලිංගිකත්වය වැනි පුළුල් මාතෘකා ඔස්සේ ලිපි පල කරමින් ඔබගේ අදහස් විමසන්න මා මහත් ඕනෑකමින් බලාසිටිනවා.

Popular Articles