රත්නපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු විසින් අසල්වැසි දැරියක බිල්ලටගෙන ඇතිබව, ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. ඇල්පිටිය , ඌරගස්මංහන්දිය නගරයට ආසන්න ග්‍රාමීය ප්‍රදේශයකදී වයස අවුරුදු හතරක ළදැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ යැයි කියන පුද්ගලයෙකු (20) දින සැකපිට අත්අඩංගුවට ගත්බව, ඌරගස්මංහන්දිය පොලීසිය ප්‍රකාශ කරන ලදී.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මංහන්දිය පොලිස් කොට්ඨාසයේ පදිංචි 56 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු රත්නපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපු මහතෙකු බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මෙම සැකකරුගේ දරුවන් සමඟ එකට සෙල්ලම් කරමින් සිටි අසල්වැසි නිවෙසක කුඩා දැරියක අවස්ථා කිහිපයකදී මෙම පුද්ගලයා අතින් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි. මෙම සිද්ධියට සම්බන්ධ පැමිණිල්ල පොලීසියට ලැබුණු විගස සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යන අවස්ථාවේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සිටි බව පොලීසිය පවසයි. පසුව පොලීසියට ලැබුණු තොරතුරු මත පොලිස් කණ්ඩායම් කිහිපයක් බුද්ධි අංශ නිලධාරින් සමඟ මෙහෙයුමක් දියත් කරමින් සිටියදී නීතිඥ මහතෙකු මඟින් පොලිසියට බාර වීම සඳහා පැමිණි සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ ළදැරිය රෝහල් ගතකර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.ඇල්පිටිය පොලිස් අධිකාරී නිතිඥ නිහාල් තල්දූව මහතාගේ හා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එච්. සුජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක විජිත් ජයන්ත හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධපති කාන්තා උප පොලිස් පරික්ෂක දිලූකා යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

කපුවෙක් ඇල්පිටියේ දී සිව් හැවිරිදි දැරියක බිල්ලට ගනී

ආදරයක වටිනාකම නොදත් ආදරය

සත්‍ය සිදුවිමක් පදනම් කොට මගේ ඇගිලි තුඩු මතින් පාඨක ඔබේ රසවින්දනය උදෙසා වචන වලට පෙරලන තවත් එක් වැයමකි "නම් ගම් මනඃකල්පිතයි" වෙන්නපුව නගරයේ....කටුනේරිය ගමේ ජිවත් උන...

රියලිටි දෙතොල් යුද්ධය

ලිප් සින්ක් බැට්ල් , එහෙමත් නැත්නම් තොල් සෙලවිමේ යුද්ධය කියන්නේ ඇමෙරිකාවේ සංගීත රියලිටි තරගාවලියක්.ක්‍රිසි ටයිගන් සහ කූල් ජේ තමයි මේ වැඩසහටහන මෙහෙයවන්නේ. මොකක්ද ඇත්තටම...

චාරිකා – 14 කොටස

මේ කතාව අතීත කතාවක් ( Girls Love story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ...

දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්

දරුවන් ( children ) වෙනුවෙන් උදේ පාන්දර පටන් පිලියෙළ කරන දිවා ආහාරය ඔවුන් අතවත් නොතබා නැවත ඒ විදිහටම නිවසට රැගෙන ආ විට අම්මා ආවේශ...

සිංහල සිරිත් විරිත්

මෙම ලිපි පෙලින් හදුන්වා දෙන්න උත්සාහ කරන්නේ සිංහල සිරිත් විරිත් හා සම්බන්ධ තොරතුරුයි. "සිරිත් විරිත් " යන පද දෙක "චාරිත්‍ර වාරිත්‍ර " යන පද...

ප්‍රවීණයන් ආධුනිකයන්ට අත දෙන්නේ නැද්ද? ඩයනා කතා කරයි

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. කලා හැකියාව උපතින්ම රැගෙන පැමි‚යද වෘත්තිමය ගුරුවරියක් ලෙසින්ද...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ

පවුල් සංවිධාන ක්‍රම ( family planning ) අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ...

දවල් කෑමට ඉස්සෝ

මිට පෙර ලිපියකින් අපි ඔබට ඉදිරිපත් කරා විවිධ ක්‍රම වලට දැල්ලන් හදන අකාරය. අද අපි ඔබට කියල දෙන්නේ ඉස්සන් විවිධ ක්‍රම වලට හදන්න හැටි....

ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් නිට්ටාවටම සුවකළ හැකිද

ඔබ කවදාක හෝ සිතුවාද අතපය හතර ඇතුළු සියලුම අංග , සම්පූර්ණ ජීවියෙකු ලෙස උපන් ඔබ මොනතරම් වාසනාවන්තද කියා ? ඔබට දෙසවනින් අසා , දෙනෙතින්...