Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද

ද්වි විවාහය හෝ බහු විවාහය – දණ්ඩ නීති සංග්‍රහයේ 362 වගන්තිය

  • වරක් විවාහ වී ඇති පුරුෂයකු හෝ කාන්තාවක තම විවාහය වලංගුව පවතිද්දී සහ තම නිත්‍යානුකුල බිරිඳ හෝ පුරුෂයා ජීවත්ව සිටියදී දෙවන විවාහයක් කරගනී නම් ඔහු හෝ ඇය ද්වි විවාහ චෝදනාවට වැරදිකරු වෙයි.
  • තමා සමග නිත්‍යානුකුල විවාහ නොවූ යම් ස්ත්‍රියකට ඇය තමා සමග නිත්‍යානුකුල විවාහ වූ බව වංචා සහගතව විශ්වාස කරවමින් එම විශ්වාසය අනුව තමා සමග ලිංගික සංසර්ගයෙහි යෙදීම සිදු කරවන සෑම මිනිසෙකුටම අවුරුදු 10ක කාලයක් දක්වා සිර දඬුවම් නියම කළ හැක.
  • තම පළමු විවාහය පිළිබඳව කරුණු සැඟවීමෙන් යමෙක් වෙනත් විවාහයක් කරගත් විට අවුරුදු 10 දක්වා සිර දඬුවමකට ද දඩයකට ද යටත් විය යුතුය.
  • නීති ප්‍රකාරව විවාහ නොවූ බව දනිමින්ම වංචාකාරී ලෙස වංචනික අදහසින් විවාහ වීමේ උත්සවයකට සහාභාගි වන අයකුට අවුරුදු 07 දක්වා සිර දඬුවම් නියම කළ හැක.

ගබ්සා කිරීම (Abortion) – දණ්ඩ නීති සංග්‍රහයේ 303 සහ 304 වගන්තිය

  • ස්ත්‍රියකගේ ජීවිතය බේරා ගැනීම සඳහා සත්භාවයෙන් කරන ගබ්සා කිරීමක් හැර අනෙකුත් ගබ්සා කිරීම් ස්ත්‍රියගේ කැමැත්ත ඇතිව සිදු කලද එසේ ගබ්සා        කරන තැනැත්තකුට අවුරුදු තුනක කාලයක් බන්ධනාගාරගත කිරීමක්/දඩයක් හෝ එකී දෙආකාරයෙන්ම දඬුවම් කල හැකිය.
  • දරු ප්‍රසුතිය ආසන්නයේ ඉහත පරිදි ගබ්සාව කරන්නේ නම් වසර හතක බන්ධනාගාරගත කිරීමක් ද,ස්ත්‍රියකගේ  කැමැත්තෙන් තොරව ගබ්සා කිරීම සඳහා අවුරුදු විස්සක් දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීම ද සිදු කළ හැක.

 

අපහරණය -දණ්ඩ නීති සංග්‍රහයේ 352 වගන්තිය

  • වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමයකු තම නිත්‍යානුකුල භාරකරත්වයෙන්, එකී භාරකරුගේ කැමැත්තෙන් තොරව ගෙනගියහොත් හෝ යාමට පෙළඹවුව හොත්, එකී ගැහැණු දරුවා කැමැත්ත දී තිබුනද එය නිත්‍යානුකුල  භාරකත්වයෙන් අපහරණය කිරීම නම් වරද වේ.

 

පැහැරගෙන යාම (Abduction)-දණ්ඩ නීති සංග්‍රහයේ 353 වගන්තිය

  • කාන්තාවකට යම් ස්ථානයකින් යාමට බලහත්කාරකම් කරමින් බල කරගත්තොත් යම් වංචා සහගත ක්‍රියාවකින් එසේ කරන හෝ එසේත් නැතිනම් බලය අනිසි ලෙස පාවිච්චි කිරීමෙන් එසේ යම් ස්ථානයකට යාමට බල කරන හෝ පොළඹවන කෙනෙකු එසේ එම තැනැත්තිය පැහැරගෙන ගිය සේ සැලකේ.

 

     
නීතිඥ සජීවනී අබේකෝන්, LL.B. (කොළඹ විශ්වවිද්‍යාලය )

 

 

 

Popular Articles