රසට කෑම හදන්න දන්නවා කියන එක ගෘහණියට තියෙන අභාරණයක්. එවැනි ගෘහනියකට තියෙන වටිනාකම හරි ඉහලයි. ඉතින් මේ ලිපියෙන් අපි ඔබට කියල දෙන්නේ සාමාන්‍යයෙන් හදන කම වේල වඩාත් රසවත් කරගන්න පුළුවන් පුංචි රහස් කිහිපයක්.

සුප් එකක් හදන විට ලුණු ටිකක් වැඩි උනොත් සිහින් පොල් කැලි කිහිපයක් සුප් බඳුනට එක කරන්න.

කැරට් සම්බෝල හදන විත කැරට් සිහින්ව ගා ගැනීමට ග්‍රේටර් එක භාවිතා කරන්න. ඒ වගේම කැරට් සම්බෝල බාගෙට ඉදුණු තක්කාලි ගෙඩියක් සිහින්ව කපා එකතු කිරීමෙන් වැඩි රසයක් ලැබේවි.

බණ්ඩක්කා ව්‍යංජනය සාදන විට ඊට ගොරක කැල්ලක් එකතු කරන්න. එවිට සෙවල ගතිය ඉවත් වේවි.

පලා කොළ මැල්ලුම වඩාත් රසවත් වීමට නම් කොළ වර්ග කිහිපයක් එකතු කර කවලම් මැල්ලුමක් හදන්න.

අළු කෙසෙල් පොතු වලින් රසවත් මැල්ලුමක් හදන්න පුළුවන්. ඒ නිසා අළු කෙසෙල් උයන වෙලාවට පොත්ත විසි කරන්න එපා.

පාන් වාටි අව්වේ වේලා කුඩු කරගත් විට කට්ලට්, රෝල්ස් හදන වෙලාවට බිස්කට් කුඩු ඕනි වෙන්නේ නෑ .

හාල් මැස්සන් ඔලු විසිකරන්න එපා. ඒවා සෝදා වේලා කබලේ බැඳ කුඩු කරගත් විට ලුණු මිරිසට හෝ පොල් සම්බෝලයට එකතු කරගන්න පුළුවන්. කෘත්‍රිම රසකාරක වලට වඩා වැඩි රසයක් එයින් ලැබේවි.

කිරි තේ එකක් හදන වෙලාවට එයට කරාබු නැට්ටක් හෝ ඉඟුරු ස්වල්පයක් එකතු කරගන්න. වැඩි රසයක් එයින් ඔබට ලැබේවි.

පොලොස් ඇඹුලට ගොරකා වෙනුවට වේලා ගත් බිලින් ගෙඩි කිහිපයක් එක් කරන්න. හරිම රසවත් පොලොස් ඇඹුලක් ඔබට ලැබේවි.

නුඩ්ල්ස් පිළියෙළ කරන වෙලාවට එළවලු ඉතාම සිහින් ව ලියා එයට එකතු කරන්න.

කකුළුවන්, ඉස්සන්, දැල්ලන් පිසින විට එයට මුරුංග කොළ කිහිපයක් එකතු කරන්න. අහාරයේ ඇති අධික උෂ්ණ ගතිය එයින් අඩු වේවි. මුරුංගා කොළ සොයා ගනිඉමට අපහසු නම් නිවිති කොළ කිහිපයක් එකතු කරන්න.

ලුනුදෙහි බෝතලයට වියලි ගම්මිරිස් ඇට කිහිපයක් හා කොච්චි කරල් කිහිපයක් එකතු කරන්න. හරි අපුරු වෙනසක් ලැබේවි.

ගෙදර දොරට රස රහස්

ආහාර පිසීමේදී මේ ගැනත් හිතන්න

අපි ගොඩක් නොදන්නා කාරනාවල් කිහිපයක් ගැනයි අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ආහාර පිසීමේදී මේ දේවල් අනුගමනය කිරිමව වඩාත් වැදගත් වෙනවා 1) කරවල, මස්, මාළු...

ෆැෂන් කරන්න කැමති ඔයාට

ඔයාගේ ෆැෂන් ගැන ඔයාට තියෙන්නේ මොන වගේ දැනුමක් ද හැඟීමක් ද ? ඔයා පෞද්ගලිකව ඔයා කරන විලාසිතා ගැන එතරම් ප්‍රියමානප බවක් නැද්ද ? වැරදි...

Facebook තහනමට ජනපතිගෙන් ලැබුණු නියෝගය මෙන්න

මේ වන විට අවහිර කර ඇති Facebook සමාජ ජලා ප්‍රවේශය වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවට උපදෙස් ලබා...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ

පවුල් සංවිධාන ක්‍රම ( family planning ) අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ...

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...

දිය ලුනු වලින් ලස්සන වෙමුද

01.මැරුණු සම ඉවත් කර ගැනීමට සිහින්ව අඔරාගත් ලුනුකුදු සමග ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර ඇඟිලි තුඩු වලින් රවුම් ආකාරයට මෘදුව...

කෙස්කළඹ සමග අත්හදා බැලීම් කිරීමට දිරිගන්වන Sunsilk Hairstory 2018

වර්තමාන ලෝකය තුළ ගැහැණු ළමයින්ගේ භූමිකාව සාම්ප්‍රදායික සිමා මායිම් වලින් ඔබ්බට විහිදී පවතින බව රහසක් නොවේ. එමෙන්ම ඔවුන්ගේ භූමිකාව එකම චරිතයකට සිමා වන්නේ නැත....

ඇයි ලිංගික හර්පිස් රෝගය නිට්ටාවට සුව කල නොහැකි

අපි සමාජය තුල බහුලවම දකින තවත් රෝග තත්වයක් තමයි හර්පිස් ( Genital herpes ) කියන්නේ, නැත්නම් Herpes simplex කියන රෝග තත්වය. ලිංගික හර්පිස් කියලා...

ඔබත් සරුංගලය බැඳී නූල වන්න – පවුලේ ගෘහ මුලිකයා කවුද

පවුල (family) තුල ඇතිවන යුද්ධයක් වන පවුලේ තීරණ ගැනීම් හා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? කෙසේද? යන්න සමඟ ඇතිවන ප්‍රශ්න ගැන අද අපි පොඩ්ඩක්...