ශ්‍රී ලංකාව වැනි රටක විවිධ හේතු මත දුෂණයට සහ හිංසනයට ලක්වුවන්ට මුහුණ දීමට සිදුවන මානසික ගැටළු ඉතා සංකීර්ණයි. මෙහි ඉතාම ඛේදනීය තත්වය වන්නේ දුෂනයට ලක් වූ තැනැත්තිය දෙස සමාජය බලන්නේ පිළිකුලෙන්. මේ නිසාම ලිංගික අතවරයන්ට පත්වෙන තැනැත්තිය සමාජෙට මුහුණ දීමේදී දැඩි පීඩනයකට පත්වෙනවා. මේ මානසික පීඩනය වඩාත් බරපතල වන්නේ නීතියේ පිහිට පැතිමේදී.

මෙම සිද්ධිය මාධ්‍ය මඟින් ප්‍රචාරය වීම නිසා තම පවුලේ යට ඇති වන මානසික බලපෑම නිසා ඔවුනට ගැටළු රැසකට මුහුණ දෙන්න වෙනවා. තවත් බරපතලම ගැටළුවක් වන්නේ මේ විදිහට බලහත්කාරයෙන් දුෂණයට ලක් වීමෙන් ගැබ් ගැනීමක් සිදුවේද යන්නයි. එමගින් සමාජ රෝග ද ඇතිවිය හැකියි.

මේ හේතුවෙන් මෙම තරුණිය කලින් පවත්වාගෙන ආ ජිවන රටාව ද සම්පුර්ණයෙන්ම කඩා වැටි මානසිකව මෙන්ම විවිධ ගැටළු රාශියකට යට මුහුණ පෑමට සිදුවේ. මේ මානසික ගැටලුව ඇයට විසඳා ගැනීමට නම් මනෝ විද්‍යා උපදේශනයක් අවශ්‍යයි. එමගින් ඇයගේ අනාගතය සාර්ථක කරගැනීමට හැකි වේ. මේ සඳහා නිසි නොගතහොත් දිවිනසා ගැනීමට පවා ඉඩකඩ ඇත. එවැනි අයෙකුට ආදරය, කරුණාව, නිරන්තරයෙන්ම ලැබිය යුතුයි වගේම වැඩි අවධානයක් ද ලැබිය යුතු වෙනවා. විෂශයෙන්ම ඇය කැමති විනෝදාංශ, ක්‍රීඩා සඳහා යොමු කිරීම වඩාත් වැදගත් වෙනවා. සම වයසේ මිතුරු මිතුරියන් හා එක්වීමට අවස්තාව සලසා දිය යුතු වෙනවා. එමගින් ඇය තුල ඇතිවූ මානසික පීඩනය නැති වී සාමාන්‍ය තත්වයට පත්වෙයි.

 

මානසික රෝග

බොහෝ වෙලාවට ස්ත්‍රී දුෂණයකට යොමු වන්නේ මානසික විකෘතිභාවයෙන් පෙලෙන පුද්ගලයන්ය. ඔවුන් තුල ඇත්තේ විවිධ ලිංගික ආශාවන්ය. ඔවුන් හඳුන්වනු ලබන්නේ පරපීඩාකාමුකත්යෙන් පෙළෙන අසාමාන්‍ය ලිංගික හැසිරීමක් ඇති පුද්ගලයන්ය. මෙවැනි අයගේ මානසිකත්වය හඳුනාගැනීම තුලින් අතවරයකින් බේරීම ඉතාම උපායශීලිව ඔබට බේරීමට හැක.

* අනවශ්‍ය ලෙස ඔබ කලබල නොවන්න
* අතවරය කිරීමට උත්සහ කරන තැනැත්තාගේ ස්වභාවය නිවැරදිව තේරුම් ගන්න.
* ඔහු අත වූ ආයුධ හඳුනාගන්න.
* ඔහුට සවන්දෙන බව හා ඔහුගේ ක්‍රියාවන්ට එතරම් අකමැති නොවී හොඳින් අධ්‍යනය කරන්න.
* ඒ සඳහා සුළු අවස්ථාවක් ලබාදෙන්න

 

මෙසේ උපායශීලි ලෙස ස්ත්‍රී දුෂකයාගෙන් බේරුණු කාන්තාවන් බොහෝය. එයින් බේරී ඇත්තේ කල්තියාම දුෂකයාගේ හැසිරීම් රටාව හඳුනා ගත් නිසයි. මෙවැනි පුද්ගලයන් කල්තියා හඳුනා ගත හැකි ක්‍රම බොහෝය.

* කාන්තාවන් තනිව සිටින විට නිතර නිතර නිවෙසට පැමිණීම.
* අනවශ්‍ය විහිළු තහළු හා අනවශ්‍ය ඉඟියන් පෑම.
* අහඹු ලෙස ඔබගේ ශරීරයේ ස්පර්ශ වූ බව හැඟවීම හෝ උවමනාවෙන්ම ශරීරය ස්පර්ශ කිරීමට උත්සහ කිරීම.
* හුදකලාව සිටින විට ලිංගික ලිංගික කරුණු ගැන ඔබ සමඟ කථා කිරීමට උත්සහ කිරීම.
* ඔබගේ ක්‍රියාකාරකම් පිළිඹඳ උවමනාවට වඩා උනන්දු වීම.
* ඔහුගේ ශරීරය ස්පර්ශ කිරීමට කරන පෙළඹවීම.
* අසභ්‍ය පොත්පත් සහ වීඩියෝ පට ඔබට ගෙනවිත් දීම.
* ඔබට මුදල් වැනි දේ ලබාදී ඔහු සමඟ යම් යම් ක්‍රියාවන්වල නිරතවන ලෙස බලපෑම් කිරීම.
* මත්පැන් හා මත්ද්‍රව්‍ය ඔබට ලබාදීමට උත්සහ කිරීම.
* ඔබ නිදා සිටින විට, ස්නානය කරන විට එම ස්ථානයට පැමිණීම.
* ඔබව පැහැරගෙන යන බවට පළි ගැනීමට ලක්කරන බවට පැවසීම.

මෙවැනි දේ සඳහා ඔබට සිදුවී තිබී නම් එය ඔහු අවදානම් පුද්ගලයෙක්. ඒ නිසා සෑම එවැනි අය පිලිබඳ විමසිල්ලෙන් සිටින්න.

 

උපුටාගනිමකි..

 

 

අතවරයකින් බේරෙන්න ඔබත් දැනුවත් ද

සීත මිලානෝවේ සිහින කුමිරිය

Model -   Mihiri Anadewa Photography - Moorthi U Senewirathna

ආදරයට ගැහැණු පිරිමි භේදයක් නැහැ චමරි අතපත්තු

චමරි අතපත්තු කියන්නේ කවුද? චමරි අතපත්තු කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩිකාවක්. පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රිකට් වලට මම ගොඩක් ආදරේ කළා. එකට ගොඩක් හේතු...

මේ මගේ කතාවයි – 01 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු වෙන්නේ

අද සමාජයේ දක්නට ලැබෙන තරබාරු (fat) අය අතුරින් බොහෝ දෙනෙක් කාන්තාවෝ ( married women) වෙති. එයට හේතු වන කරුණු අපට සමාජය තුලින්ම සොයාගැනීම අපහසු නොවේ....

ගැහැනිය කෙළිබඩුවක් ද

මුදල් ඇමැතිවරයා පසුගිය දා ගෙනා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සහ මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයත් සමඟ ම...

හරියට fashion කරන්න කැමති ඔයාට

හරියට fashion කරන්න කැමති ඔයාලව දැනුවත් කරන්න මේ ලිපි පෙලින් අපිත් එක්ක එකතු වෙන්නේ කනිෂ්ක සගබෝ ඩයස් මොස්තර නිර්මාණ ශිල්පියෙක් විදිහට ඉතාමත් කෙටි කලකින් ක්ෂේත්‍රයේ...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 3 කොටස

පවුල් (family planning) සංවිධාන ක්‍රම අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි...

බැඳලා මාස හතයි. ලිංගිකව එකතුවෙලා නැහැ. දැනගන්න කියවන්න

මම ගයානි. අවුරුදු 27ක් වන මම සම්පත් සමඟ විවාහ වෙලා දැනට මාස 07ක් වෙනවා. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙක්. අපි යෝජිත විවාහයකින් විවාහ...