කොල්ලා :hay
කෙල්ල :hay????
කොල්ලා :කොහොමද ඉතින්
කෙල්ල :හොදයි. ඔයාට කොහොමද?
කොල්ලා :වරදක් නෑ හොදයි,ඔයා කොහෙද?
කෙල්ල :මං කඩවත,ඔයා
කොල්ලා :මං මාතලේ,ඔයා ඉස්කොලේ යනවද?
කෙල්ල :හා.නෑ O/L කරලා ගෙදරට වෙලා ඉන්නවා.ඔයා මොකද කරන්නේ
කොල්ලා :මං ජොබ් එකක් කරනවා කොළඹ රෙදි කඩේක.
කෙල්ල :හා හොදයි නේ.
කොල්ලා :ම්ම්ම්ම්ම් ඔව් හොදයි,ඔයාගේ පවුලේ විස්තර කොහොමද?ඔයා විතරද ඉන්නේ.
කෙල්ල : මායි අම්මයි තාත්තායි,ඔයගේ
කොල්ලා :මායි අයියයි අම්මයි තාත්තායි
කෙල්ල :හා, මං පස්සේ එන්නම් අයියේ අම්ම අඬගහනවා
කොල්ලා :හා නංගි bye
කෙල්ල : bye

පැයකට පසු

කොල්ලා :සුදු ඔයා ඉන්නවද?
කෙල්ල :ඔව්
කොල්ලා :හා,කැවද?
කෙල්ල :ඔව් ඔයා
කොල්ලා :තාම නෑ අනේ
කෙල්ල :ඇයි ඒ
කොල්ලා :නිකන් බඩගිනි නෑ
කෙල්ල :හා
කොල්ලා :මොකො කරන්නේ
කෙල්ල :මුකුත් නෑ ටිවි බලනවා ,ඔයා
කොල්ලා :වැඩ සුදු එපා වෙනවා
කෙල්ල :අනේ ඇයි ඒ එපා වෙන්නේ.
කොල්ලා :නිකම්
කෙල්ල :හා
කොල්ලා :නංගි ඔයට boyfriend කෙනෙක් ඉන්නවද
කෙල්ල :නෑ අනේ ඇයි එහෙම ඇහුවේ
කොල්ලා :නෑ නිකම්
කෙල්ල :හා
කොල්ලා :නංගි ඔයාගේ 4to එකක් එවන්නකො
කෙල්ල :බෑ අනේ
කොල්ලා :ඇයි ඒ
කෙල්ල :හරි හරි එවන්නම්
Send photo
කොල්ලා :ඔයා ලස්සනයි අනේ
කෙල්ල :හා ඔයගේ එකක් එවන්න එහෙනම්
කොල්ලා :හා ඔන්න send photo
කෙල්ල :ඔයත් ලස්සනයි නේ
කොල්ලා :නංගි මේ මගේ නම්බර් එක 0769******.ඔයා ඔන්ලයින් එද්දි මැසෙජ් එකක් දාන්න
කෙල්ල :හ්ම් හ්ම්
කොල්ලා :ඔයාගේ එකත් දෙන්නකො
කෙල්ල :0789******
කොල්ලා :හා
කෙල්ල :හා

දිනකට පසු whatsapp හරහා

කොල්ලා :Hay
කෙල්ල :hay????
කොල්ලා :කොහොමද
කෙල්ල :හොදයි.. ඔයාට
කොල්ලා :හොදයි,කැවද
කෙල්ල :ඔව් ඔයා
කොල්ලා :ඔව්,..නංගි මං ඔයගෙන් දෙයක් අහන්නම් තරහවෙන්න එපා
කෙල්ල :හා අහන්න අයියේ
කොල්ලා :ඔයා මට කැමතිද?
කෙල්ල :???????????? සොරි මට දැන්ම ආදරේ කරන්න බෑ
කොල්ලා :අනේ plz plz මං ඔයට ගොඩක් ආදරෙයි.ඔයා හොදට හිතලා උත්තරයක් දෙන්න.
කෙල්ල :හා

දවස් 4 පසු

කොල්ලා :hay
කෙල්ල :hay????
කොල්ලා :මොකො කරන්නේ
කෙල්ල :මුකුත් නෑ ඔයා
කොල්ලා :ගෙදර ඉන්නේ,අනේ අරකට උත්තරේ දෙන්නකො
කෙල්ල :හා මං කැමති
????

මසකට පසු

කොල්ලා :චුටි අම්මි
කෙල්ල :ඇයි චුටි තාත්ති
කොල්ලා :අද හම්බවෙමු අපි
කෙල්ල :හා කොහෙදිද
කොල්ලා :කොළඹ ගොල්ෆෙස් එකෙදි
කෙල්ල :හා මං ගෙදරට මොකක් හරි කියලා එන්නම්
කොල්ලා :හා
කෙල්ල :හා

එදින මොහුන් හමුවනවා…එහෙත් ආදර වන්තයින්ගේ පාරාදිසියේදි නොව. කොළඹ මුඩුක්කුවේ ලැලි නිවසයක.

දිනකට පසු

කොල්ලා :good morning
කෙල්ල : good morning

පැයකට පසු

කෙල්ල :අයියට කොල් එකක් ගන්න ඕන.

කොල්ලා :line busy
කෙල්ල :මේ මැට්ටා කා එක්කද කතා කරන්නේ මගේ කොල් answer නොකර

පැයකට පසු

කෙල්ල :දැන් අරන් බලමු.
Phone off කරලා

දිනකට පසු

කෙල්ල :good morning baba
කොල්ලා :
කෙල්ල :මැසෙජ් එකක්වත් නැනේ
කොල් කරල බලන්න ඕන
Phone off අදත්

කාලය ගෙවි ගොස් මස 3ක් විය.
ඇය ගැබිනි මවක් විය.එහෙත් ඇයට ලැබෙන්න ඉන්න දරුවා ගැන කවුරුත් දන්නේද නැත.
දවසක් ඇය අසනනීප වී අම්මා සමග බෙහෙත් ගැනිමට ගිය විට දැනගන්න ලැබුනේ ඇයගේ කුසෙ දරුවෙකු සිටිනා බවය.
පසුව ඇය හැමදෙම තම මැණියන් හට පවසනවා.

ඇයගේ පෙම්වතා ඇයට දි තිබු ලිපිනයට සොයන් යනවා මේ පවුලේ අය.එහෙත් එම ස්ථානයේ කවුරුවත් නෑ. එතන ඇත්තේ අර කියු පුද්ගලයා වැඩ කර රෙදි කඩයයි.

එම කඩේ හිමි කරුගෙන් විමසු විට ඔහු පවසන්නේ මෙහෙම කෙනෙක් කඩෙ වැඩ කරේ නැති බවයි.

කාලය ගෙවි ගොස් දැන් ඇයට තාත්තෙක් නෑති දරුවෙකුද ඇත.

ආදරණිය අක්කේ නංගියේ ඔයාලට කියන්න තියෙන්නේ කවදවත් Facebook එකෙන් ආදරයක් හොයා ගන්න එපා. කිසි කෙනෙක් අපට ඇත්තටම ආදරයේ කරන්නේ නැහැ. එයාලට ඕනි අපෙන් ඒ අයගේ ආශාවල් ඉෂ්ට කරගන්න විතරයි. ඒ නිසා ගොඩාක් කල්පනාවෙන් Facebook එකෙන් ඔයාගේ ජිවිතයට ඇතුල් වෙන අය ආශ්‍රය කරන්නේ. හැමවෙලේම බුද්ධිමත්ව කටයුතු කරන්න. තමන්ගේ පතිවත පුද කරලා තාත්තෙක් නැති දරුවෝ මේ ලොකෙට බිහි කරන්න එපා.

Facebook එකෙන් යලුවො හොයාගත්තාට boyfriend කෙනෙක් girlfriend කෙනෙක් හොයා ගන්න එපා.

 

 

අදහස

දසුන් රවිහංස දේශප්‍රිය

Facebook love විනාඩි 3ක් දිලා කතාව කියවලා බලන්න

“වේල්සයේ රෝස කුසුම” මිලින වී අදට වසර 22යි

“වේල්සයේ රෝස කුසුම” විදියට හඳුන්වන ඩයනා කුමරිය මිය ගිහින් හරියට ම අද දිනට අවුරුදු 22ක් සම්පූර්ණ ‌වෙනවා. තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක...

උසින් අඩුනම් වඩාත් දිගට ඇඳුම් අඳින්න එපා

උසින් අඩු කාන්තාවන් තමන්ගේ උස වැඩිකර පෙන්වීමට බොහෝවිට කරන්නේ වඩා උසින් යුතු පාවහන් පැළදීමයි. එහෙත් උසින් වැඩි පාවහන් නිතර පැළඳීම ශරිර්යට හිතකර නැති බවයි...

ස්භාවිකව සම පැහැපත් කරගන්න කැමති ඔයාට

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. විවිධ ක්‍රිම් වර්ග භාවිතා නොකර ස්වභාවික ආකාරයට සම දිප්ත්මත් කරගන්න පුලුවන්නම් කොච්චර හොඳද? ඉතින් https://thewoman.lk අපි හැමදාම ඔයාට කියල...

අත්වැල ගිලිහී – 01 කොටස

මට මගේ අම්මා ගැන මතකයක් නෑ. තාත්තගෙන් ඇහුවට කවදාවත් මට උත්තරයක් දුන්නෙත් නෑ. මට අම්මාව දකින්න තිබුණ එකම විදිය තාත්තා ළඟ තිබුණ පුංචිම පුංචි...

හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයට ලැබෙන වාසි

හිරු එළිය යනු මිනිසුන් සහ සතුන් සියල්ලන්ටම ස්වභාවධර්මය මඟින් ලැබුණු අපුරු දායාදයකි. ශාකයන් හි පැවැත්ම සඳහා හිරු එළිය ඉතාම වැදගත් වේ. එලෙසින්ම මිනිසාට ද...

දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ

සුරඟන කතා ශතවර්ෂ ගණනාවක් පුරා දරුවන් නින්දට පෙර රසවින්දේ පරම්පරාවෙන් රැගෙන එන්නක් ලෙසය. එම සුරඟන කතාවන් තිරයට රැගෙන එන විටදී අපගේ ළමා විය අවදි...

කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ

ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ ( Girl ) මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත්...

ජාතික වනෝද්‍යානය නරඹා අතේ ඇති මුදලට සතුටු වෙන්න එන්න උඩවලව Happy elephant resort

දෙස් විදෙස් සංචාරකයන් වසර පුරාම දැක ගත හැකි සංචාරක ප්‍රදේශයන් අතුරින් උඩවලව ප්‍රදේශයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. උඩවලව ජාතික උද්‍යානය, ඇත් අතුරු සෙවණ, රිදීගම...