ලස්සන රෝස පැහැති දෙතොලක් ලබා ගන්න කවුද අකමැති. එය ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. රෝස පාට දෙතොල් ඇති ඕනෑම අයෙකුගේ තියෙන්නේ ස්වභාවික ලස්සනක්. එවැනි දෙතොලක් ලබාගන්න අද අපි ඔයාලට කියලා දෙන්නයි යන්නේ. එයින් ඔබ පුදුමයට පත් වේවි.

 

 

සිනිඳු රෝස පැහැති දෙතොලක් ලබා ගන්න මෙය අනුගමනය කරන්න.

01 පියවර

ඔබේ දත් බුරුසුවට සුදු පැහැති දන්තාලේප ස්වල්පයක් දමා එයට මි පැණි එක් කරන්න. ඉන්පසු එම මිශ්‍රණය රවුම් ආකාරයට ඔබේ දෙතොල් මෘදුව මදින්න. මිනිත්තු 5ක් එසේ මද ගැනීමෙන් පසුව ඇල් ජලයෙන් සෝදා හැර දෙවන පියවර අනුගමනය කරන්න.

02 පියවර

අවශ්‍ය ද්‍රව්‍ය
* බිට් රූට් යුෂ මේස හැඳි 02
* Vaseline petroleum gel තේ හැඳි 2ක්
* ග්ලිසරින් තේ හැඳි 1/2

සාදා ගන්නා ආකාරය
පළමුව බීට් ගෙඩියේ පොතු ඉවත් කර ග්‍රේට් කරගන්න. ඉන් පසුව ග්‍රේට් කරගත් බීට් පෙරනයක් තුලට දමා යුෂ මිරිකා ගන්න. කුඩා භාජනයක් ගෙන එයට වැස්ලින් (Vaseline) දමා උණුවතුර පිරවූ භාජනයක වතුර නොයන සේ බහාලා හොඳින් දියවනතුරු කවලම් කරගන්න.එය හොඳින් දිය වුනු පසුව බීට් යුෂ සහ ග්ලිසරින් එක් කර හොඳින් කවලම් කර කට වැසිය හැකි භාජනයකට දමා මිනිත්තු 30ක් පමණ ශීතකරණයේ තබන්න.

භාවිතා කරන ආකාරය
සාදාගත් එම මිශ්‍රණය ශීතකරණයේ තැබූ පසු ඝන බවට පත් වේ. එය රාත්‍රී නින්දට යන විට භාවිතා කල හැකියි. එම මිශ්‍රණයෙන් ස්වල්පයක් ඔබේ ඇඟිල්ලට ගෙන තොල්වල හොඳින් ආලේප කර පසුදා උදෑසන සෝදා හරින්න. පසුදා ඔබට පැහැදිලි වෙනසක් දැකගත හැකිය. මෙය නිතර නිතර භාවිතා කරන්න.

සරාගී දෙතොලක් ලබාගන්න කැමති ඔයාට

ගුණ විදිහට පිටින් කමු

අද බොහෝ දෙනා ගෙවන්නේ කාර්ය බහුල ජිවන රටාවක්. ඒ නිසා අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා පිටින් අහර ගන්න. එනිසාම ඒවාගේ ඇති පෝෂණය හා...

දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ද

එදාට වඩා අද සමාජය වෙනස් ය. එය හොඳ හෝ නරක කෙසේ වුවද වෙනසක් ඇති බව ඔබට ද වැටහෙනු ඇත. තරුණ වියේ දී විවාහ වීම...

ආසියාවම හොල්ලපු ධම්මික පෙරේරාගේ සුපිරි කාර් එක

ලංකාවේ කෝටිපතියන් අතර පළමු තැන හිමිකරගන්නා ධනවත්ම වෙළඳ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා සුපිරි කාර් එකක් ලංකාවට ගෙන්නලා තියනවා. එහි වටිනාකම රුපියල් මිලියන 160ක්. Bentley...

ඔබ මෙහෙමද?  එහෙනම් ඔබ තවමත් කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය ඉවසන කෙනෙකි

හිංසනයක් සිදු වූ විට අඑත් බිය නිසා නිහඬව දරාගෙන සගවා සිටිනවා, කිසිවෙකු සමග බෙදා ගන්නේ නැහැ., හුදකලාව විද  දරාගත යුතු යයි සිතනවා. හිංසනයක් සිදුවීම  තමන්ගේ...

චාරිකා – 02 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

INTERFLASH

INTERFLASH 2018 ජනවාරි 26 වන දින සවස 5.00 සිට විහාර මහා දේවි විවෘත රඟහලේදී

ගෙදර දොරට රස රහස්

රසට කෑම හදන්න දන්නවා කියන එක ගෘහණියට තියෙන අභාරණයක්. එවැනි ගෘහනියකට තියෙන වටිනාකම හරි ඉහලයි. ඉතින් මේ ලිපියෙන් අපි ඔබට කියල දෙන්නේ සාමාන්‍යයෙන් හදන...

අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වින

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ පැවැත්වීන. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීය. ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

සුන්දර කෙස් කළඹක රහස

කාර්ය බහුල කාන්තාවන්ට ඉක්මනින් අමතක වෙන දෙයක් තමයි කෙස් කළඹ කියන්නේ. සැලෝන් එකකට ගියත් මුහුණට ක්ලීන් අප් හෝ ෆෙෂල් එකක් කරගෙන එනවා ඇරෙන්න හිස...