Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

සරාගී දෙතොලක් ලබාගන්න කැමති ඔයාට

ලස්සන රෝස පැහැති දෙතොලක් ලබා ගන්න කවුද අකමැති. එය ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. රෝස පාට දෙතොල් ඇති ඕනෑම අයෙකුගේ තියෙන්නේ ස්වභාවික ලස්සනක්. එවැනි දෙතොලක් ලබාගන්න අද අපි ඔයාලට කියලා දෙන්නයි යන්නේ. එයින් ඔබ පුදුමයට පත් වේවි.

 

 

සිනිඳු රෝස පැහැති දෙතොලක් ලබා ගන්න මෙය අනුගමනය කරන්න.

01 පියවර

ඔබේ දත් බුරුසුවට සුදු පැහැති දන්තාලේප ස්වල්පයක් දමා එයට මි පැණි එක් කරන්න. ඉන්පසු එම මිශ්‍රණය රවුම් ආකාරයට ඔබේ දෙතොල් මෘදුව මදින්න. මිනිත්තු 5ක් එසේ මද ගැනීමෙන් පසුව ඇල් ජලයෙන් සෝදා හැර දෙවන පියවර අනුගමනය කරන්න.

02 පියවර

අවශ්‍ය ද්‍රව්‍ය
* බිට් රූට් යුෂ මේස හැඳි 02
* Vaseline petroleum gel තේ හැඳි 2ක්
* ග්ලිසරින් තේ හැඳි 1/2

සාදා ගන්නා ආකාරය
පළමුව බීට් ගෙඩියේ පොතු ඉවත් කර ග්‍රේට් කරගන්න. ඉන් පසුව ග්‍රේට් කරගත් බීට් පෙරනයක් තුලට දමා යුෂ මිරිකා ගන්න. කුඩා භාජනයක් ගෙන එයට වැස්ලින් (Vaseline) දමා උණුවතුර පිරවූ භාජනයක වතුර නොයන සේ බහාලා හොඳින් දියවනතුරු කවලම් කරගන්න.එය හොඳින් දිය වුනු පසුව බීට් යුෂ සහ ග්ලිසරින් එක් කර හොඳින් කවලම් කර කට වැසිය හැකි භාජනයකට දමා මිනිත්තු 30ක් පමණ ශීතකරණයේ තබන්න.

භාවිතා කරන ආකාරය
සාදාගත් එම මිශ්‍රණය ශීතකරණයේ තැබූ පසු ඝන බවට පත් වේ. එය රාත්‍රී නින්දට යන විට භාවිතා කල හැකියි. එම මිශ්‍රණයෙන් ස්වල්පයක් ඔබේ ඇඟිල්ලට ගෙන තොල්වල හොඳින් ආලේප කර පසුදා උදෑසන සෝදා හරින්න. පසුදා ඔබට පැහැදිලි වෙනසක් දැකගත හැකිය. මෙය නිතර නිතර භාවිතා කරන්න.

Popular Articles