කිරි බඳුනක් රැගෙන යන කතක් ඔබ ඉදිරියට පැමිණියොත්
ඔබ, යම් රාජකාරි කටයුත්තකට යන විට ඔබ ඉදිරියට ” කිරි බඳුනක් රැගෙන එන “ දරුවකු, ස්ත්‍රියක හෝ පුරුෂයෙකු මුණගැසුනොත් එය ඉතා සුබඵල ගෙනෙන දසුනකි. ඔබට රැකියාවේ උසස් වීමක් ලැබේ. ව්‍යාපාර දියුණුව සැලසෙයි.මංගල කටයුතු සඵල වෙයි.

දරුවකු ලැබීමට සිටින මවක් මුණගැසුනොත්
යම් ගමනක් පිටත්වීමට එළියට බසින විට ” දරුවකු ලැබෙන්නට සිටින තරුණ මවක් “ ඔබ ඉදිරියෙන් ගමන් කලොත් ඉතාම වාසනාවන්ත දිනයක උදාවකි. ඔබ කරන සියලු කටයුතු වලින් ජයත්, සතුටත් අත්වනු ඇත.

වතුර කළයක් ගත කතක් ඔබ ඉදිරියට පැමිණියහොත්
ඔබ උදසනින් ගමනක් පිටත් වීමට යන අවස්ථාවේ ” වතුර කළයක් රැගෙන එන කතක් ” මුණගැසුනහොත් එම දිනයද ඉතා වාසනාවන්ත දවසක උදාවක් වෙයි.

පාසල් යන දරුවන් දැකීම
පාසල් යන දරුවන් දැකීමෙන් ඔබට ” සතුට “ ලැබෙයි. ඔබේ ” දැනුමද “ වැඩිදියුණු වන දවසකි. කාගේත් ” ආදරය සහ ” කරුණාව “ එදින නොඅඩුව හිමිවෙයි.

ගවයන් රෑනක් ඉදිරියට පැමිණියොත්
ඔබට මුළු දවස තුලම සාමය , සතුට අත්වෙයි. සියලු කටයුතු වලින් ජය හිමිවෙයි. ඒ වගේම නොසිතූ වස්තුන්ද ඔබට හිමිවනු ඇත.

විවිධ කෑම වර්ග රැගෙන එන අයෙකු ඉදිරියට මුණ ගැසුණොත්
පාන් , රසකැවිලි හා නොයෙකුත් කෑම වර්ග රැගෙන එන අයෙකු ඔබ රැකියාවට හෝ ගමනක් පිටත් වන මොහොතේ ඉදිරියට මුණ ගැසුනොත් මුළු දවසම ඔබට සුබයි. විශේෂයෙන් නිවාස, විවාහ මංගල, අත්තිවාරම් කැපීම වැනි කටයුතු වලට යෑමේදී මුණ ගැසී නම් ඉතාම සුබයි.

සිහිනෙන් මුතු ගොඩක් දුටුවොත්
ධන ලාබ හිමිවෙයි. බොහෝ වස්තු ලාබ වලට උරුමකම් කියයි. ජීවිතය වඩාත් යහපත් වෙයි.

යකඩ වානේ සිහිනෙන් දකීනම්
නඩුහබ ඔබට පැමිණෙයි. ඒ නිසා ඔබට බොහෝ කරදර , බාධක ඇති කරයි. උවදුරක් අත ළඟම වෙයි.

විවිධ වර්ණ සහිත මැණික් දුටුවොත්
ඔබේ දිවියට වඩාත් ප්‍රීතිමත් පෙම් පණිවිඩයක් අසන්නට ලැබේ.

රත්ත්‍රන් දුටුවොත්
සොර සතුරු උවදුරු ඔබ සොයා පැමිණෙන අතර, ඔබ බෙහෙවින් බියට පත් වෙයි.

රිදී ගොඩක් දුටුවොත්
ඔබේ වටිනා කියන යම්කිසි දෙයකට හානි සිදුවීමට ඉඩ ඇත. එසේම ප්‍රයෝගවලට හසුවීමටද ඉඩ ඇත.

ඇඟිල්ලේ පළඳා ඇති මුදුවක් දුටුවොත්
ප්‍රේම සම්බන්ධතා ස්ථිර වෙයි. විවාහ කටයුතු වඩාත් සාර්ථකත්වට පත් වෙයි.

 

 

සිහින සහ සිදුවීම් වලින් කියවෙන සුබාසුබ

ඉක්මනට සුදු වෙන ස්භාවික ආලේපනක්

සුදු වෙන්න, සම පැහැපත් වෙන්න, කියාවෙළඳ පොලේ තියෙන නොයෙකුත් ක්‍රිම් වර්ග ඔබ මේ වෙනකොටත් භාවිතා කරනවා ඇති. ඒ බොහෝ ක්‍රිම් වල බ්ලිචින් අඩංගු නිසා...

වාරයක් වැරැද්දක් ගානේ ඉගෙන ගත්තේ පාඩමක්

හ්ම්ම්ම්ම්ම් පැටියෝ අදත් බීවා නේද? අනේ අම්මී පොඩ්ඩක් ගත්තා දන්නැද්ද ඉතින් යාලුවෝ සෙට් උනාම. පෙරේදත් සෙට් උනේ නේද පොඩ්ඩක්.. ඒ පෙරෙදනේ මේ අද.. දවස් දෙකකට පසු.. තාත්තී මේ මොන...

රුව රැක ගන්න ඔලිව් තෙල් වලින් සත්කාර

එදිනෙදා හදන කෑම-බීම වලට පාවිච්චි කරන දෙයක් විදියට දැන් ඔලිව් තෙල් ( Olive Oil ) වලටත් ඔබගේ මුළුතැන්ගෙයි තියෙන්නේ විශේෂිත තැනක් නේද? ඒ කෑම-බීම...

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙනස් විදිහක පාඩමක්

සමහර ක්‍රිකට්  ක්‍රීඩකයින් බොහෝ තරුණ තරුණියන්ට ආදර්ශ ලබා දීමට සමත්ය. ක්‍රීඩා කුසලතා වලට වැඩ උසස් ගුනත්වයක් පවත්වාගෙන යෑම  ඔවුන් වෙත වැඩි ආකර්ශනයක් ලබා ධිමට...

තැනට ගැලපෙන saree jacket විලාසිතාවක් තෝරමු

ගිය වර ලිපියෙන් අපි පොරොන්දු උන විදිහටම මේ ලිපියෙන් අපි සුදානම් වෙන්නේ සාරි විලාසිතා පිලිබඳ ටිකක් කතා කරන්න. සාරිය කියලා කියන්නේ ඕනෑම යුවතියකට ගැලපෙන, ඕනෑම...

එක්නැලිගොඩ නඩුවට විශේෂ අධිකරණ විභාගයක්

මාධ්‍යවේදී ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධව ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විශේෂ අධිකරණ විභාගයක් පැවැත්වීමට අවසර දෙන...

දරුවාගේ යෞවනය සකස් කිරීමේ වගකීම ඔබටයි

මේ කථාව එක් අතකින් සමාජ ව්‍යසනයක්. තවත් පැත්තකින් පවුලේ ඛේදවාචකයක්. අපේ රටේ සිදුවන්නේ සමාජ විපර්යාසයක් කියලා ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ප්‍රශ්ණය මුලින්ම...

චාරිකා – 04 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

අයුක්තියට එරෙහිව නැගී සිටි රූමතියගේ කඳුළු කතාව

බොහෝ තරුණියන් ජීවිතය අත් හරින තැනකදී චමල්කා තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා. ඒ විඳපු දුක තම නැවත ජීවිතය ගොඩ නගන්න චමල්කාට හයියක් වුණේ. කාන්තාවන්ගේ...