Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

වියලි කාලගුණයෙත් සම රැකගන්න මෙහෙම කරන්න.

මේ කාලයේ අපේ රටේ හැම ප්‍රදේශයකම තියෙන්නේ අධික වියලි කාලගුණයක්. පරිසරයේ පවතින වියලි බවත්,වියලි සුළඟත් නිසා අපේ සම බොහොම ඉක්මනට වියළි බවට පත් වෙනවා. මේ ගැන පර්යේෂණ කරපු විද්වතුන් කියන්නේ අපේ එදිනෙදා සමහර පුරුදු නිසා මේ වියළි තත්වය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියලා. ඉතින් වියළි කාලගුණික තත්වයක් තුලත් අපේ සම, කොණ්ඩය නිරෝගිව තබා ගන්නේ කොහොමද කියන කාරණය ගැන දැනුවත් කිරීම් ටිකක් තමයි මේ ලිපියේ තියෙන්නේ. මේ කරුණු ටික ගෙන සැලකිලිමත් වෙලා වැඩ කරොත් වියලි කාලයේ සිදුවන ගැටළු වෙලින් බේරිලා ඉන්න පුළුවන්.

උණු ජලයෙන් ඈත් වෙන්න.

උණු ජලයෙන් ස්නානය ක්‍රම වෙන්නේ සමේ වියලි බව තවත් වැඩි වෙන එක. උණු ජලය නිසා සමේ උච්චර්මය මත ස්භාවිකව ගොඩ නැගී ඇති තුනී මේද තට්ටුවට හානි සිදු වෙනවා. එතකොට සම වියලීම ඉක්මනින් වෙනවා. ඒ වගේම තමයි මේ දවස්වල උණු වතිරින් නානවා නම් ඔබේ හිස් කබලටත් අනිසි ප්‍රතිපල ලැබෙනවා. හිස් කබල මතු පිට ඇති තුනී මේද තට්ටුවට උණු වතුරින් සිදුවන හානිය සුළුපටු නැහැ. ඉන් හිසකෙස් ගැලවීම පවා වේගවත් වෙනවා.

නිතරම ක්‍රීම් වර්ග ආලේප කරන්න.
සමේ වියලි බව වැඩි වීමෙන් සම මත විවිධ ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වියළි කාලගුණික තත්වය නිසා ලොකු අවදානමක් පවතිනවා. ඒ වියළි බව නැති වෙන්න නිතරම වතුරින් සේදීම කරන්න හොද නෑ . කරන්න තියෙන හොදම දේ තමයි සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට උසස් තත්වයේ මොයිචරයිසර් අලෙපනයක් භාවිතා කිරීම.වෙනත් කාලවලට ඔබ උදේ සහ හවස මොයිචරයිසර් ආලේප කළා නම් මේ කාලයේ දවසට තුන් හතර වතාවක් අලේප කලත් කමක් නැහැ.වැදගත් වන්නේ සමේ තෙතමනය පවත්වා ගැනීමයි.

සිල්ක් ඇඳුම් ඇඳීමෙන් වලකින්න
මේ කාලයේ සිල්ක්, නයිලෝන් වැනි නූල්වලින් නිර්මාණය කල ඇඳුම් ඇඳීම නිසා සම මත ආසාදන තත්වය ඇති වීමට ඉඩ තිබෙනවා. එහෙම වෙන්නේ සමේ රෝගී තත්වයන් නිසා නෙමෙයි. වියලි බවත්, සිල්ක් නුල්වල ක්‍රියාකාරිත්වයත් නිසයි. සාමාන්‍යයෙන් සිල්ක් ඇඳුමක් ඇඳලා ඉන්න වෙලාවක පිට දහදිය දැමීමෙන් පවා කැසීමක් ඇති වෙනවා. අන්න ඒ වගේ තමයි වියළි සම මත සිල්ක් හෝ නයිලෝන් ස්පර්ශ වීමෙන් කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඒවා පසුව ආසාදන බවට පත් වෙනවා. ඒ නිසා සිල්ක් ඇඳීමට පෙර කපු වලින් සදු ඇඳුමක් යටට අඳින්න අමතක කරන්න එපා.

වැඩිපුර වතුර බොන්න

වතුව අඩුවෙන් පෙවෙන කාලයක් මෙන්න. එකට හේතුව කොච්චර වියලි බවක් දැනුනත් පිපාසයක් දැනෙන්නේ නැහැ. නමුත් මේ දවස්වල තමයි වැඩිපුර බිව්වමවතුර බොන්න ඕනි. වතුර වැඩිපුර බිව්වම සිරුරේ ජල මට්ටම නියත අගයක පවත්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ සිරුර විජලනයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අමාරුවෙන් හරි ටිකක් වැඩිපුර වතුර බොන්න උත්සහ කරන්න.

ෂැම්පු එක මාරු කරන්න.

මේ කාලයේදී ෂැම්පු එක මාරු කරන එක ඉතාම වැදගත් දෙයක් පරිසරයේ වියලි බවයි, ඔබේ සමේ වියලි බවයි එක්ක ඔබේ හිස් කබලේ වියලි බව බැඳී තිබෙනවා. හිස් කබල වියලි තත්වයට පත් වෙනවා කයන්නේ හිස්සොරි ඇති වෙනවා කියන එකයි. ඒ නිසා සාමාන්‍යයෙන්පක්විච්චියත ගන්න ෂැම්පු එක වෙනුවට හිස්සොරි මර්ධන ෂැම්පු එකකට මාරු වෙන්න පුළුවන් නම් හිස කෙස් ආරක්ෂා කර ගන්න පුළුවන්.

Popular Articles