ඇඳුම් පැළදුම් කියන්නේ ඕනිම කෙනෙකුගේ පෞර්ෂයට බලපාන ප්‍රධාන දෙයක්. ඇඳුමෙන් ඔබේ ප්‍රතිරූපය නංවන්නත් විනාශ කරන්නත් පුළුවන්. තමන්ගේ හැඩරුව ඉස්මතු කරන, ප්‍රසන්න හැඟීම් ඇතිවන ඇඳුම් තෝරාගන්න අපි යුහුසුළු වෙන්න ඕනි.මේ නිසාම අපි ඔයාලට කියල දෙනවා තමන්ට ගැලපෙන ඇඳුම් විලාසිතා තෝරාගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනාද කියලා

සමාජ තරාතිරම
ඇඳුම් තොරගනිද්දී තමන් කවුද කියල හිතන්න ඕනි. උදාහරණයක් විදිහට නිරුපන ශිල්පිනියක් අඳින විදිහේ ඇඳුමක් දරුවෙකු සිටින අම්මා කෙනෙකුට ගැලපෙන්නේ නෑ. ඒ වගේම තමයි ගුරුවරියකට සිරුර ඕනිවට වඩා නිරාවරණය වුන ඇඳුම් ගැලපෙන්නේ නෑ . ඇඳුමක් තොරගනිද්දී තමන්ගේ රැකියාවේ ස්භාවය, සමාජයේ තමන්ට තිබෙන ගෞරවය, සමාජය ඉදිරියේ තමන් කව්ද කියන එක ගැන හිතල ඇඳුම් තෝරාගන්න ඕනි. වයසින් අඩු උනත් තමන් සමාජයේ පෙනී සිටින ආකාරය ඇඳුමක් තොරගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනි දෙයක්.

වයසට ගැලපෙනවද කියල එක වැදගත්
අද අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි සමහරකාන්තවන් තමන්ගේ වයසය අඩුවෙන් පෙන්න කියලා වයසට නොගැලපෙන ඇඳුම් වලින් සැරසෙන එක.ඒ කියන්නේ වයස අවුරුදු 45ක පමණ කාන්තාවක් වයස 25ක පමණ යුවතියකට ඔබින ඇඳුම් විලාසිතා වලට යොමු වෙන එක. එකෙන් වෙන්නේ තමන් සමාජය ඉදිරියේ විහිළුවක් බවට පත් වෙන එකයි. වයස අඩුවෙන් පෙන්න ඇඳුම් හොයනවට වඩා වැදගත් වෙන්නේ වයසට ගැලපෙන, තමන්ගේ ගෞරවයට හානියක් නොවෙන ඇඳුම් වලින් සැරසෙන එක. උදාරණයක් විදිහට මැදිවියේ කාන්තාවකට කෙටි tight skirt එකකට වඩා සාරියකින් සැරසීම තමන්ගේ අභිමානය වැඩිවෙන ඇඳුමක් වෙන්න පුළුවන්.

ශරීරයේ හැඩයත් වැදගත්
උසින් අඩු කාන්තාවකට විලුඹ දක්වා දික් වූ ඇඳුම් මෝස්‌තර ගැලපෙන්නේ නෑ . එයින් ඔබේ උස තවත් අඩු වෙලා පෙනේවි. ඒ වගේම ඔබ තරමක් මහත කාන්තාවක් නම් ළා පහ ඇඳුම් විලාසිතා වලින් තවත් ඔබේ මහත වැඩි වෙලා පෙනේවි. ඔබට වඩාත් උචිත වන්නේ තද පැහැති වර්ණයි. ඒ වගේම මහත බෝඩර් විලාසිත සහිත සරිත් ඔබේ මහත තවත් වැඩි කර පෙන්වයි. ඒ වගේම කුඩා ශරීරයක් තිබෙන කෙනෙකුට විශාල මල් හා මෝස්‌තර තිබෙන ඇඳුම් විලාසිතා ගැලපෙන්නේ නෑ වගේම තද පැහැ ඇඳුම් ඇඳීමෙන් ශරීරය තවත් කුඩා කර පෙන්වනවා.

යන්නේ කොහෙද කියල හිතුවද
ඇඳුමක් තොරගනිද්දී යන්නේ කොහෙද කියන අනිවාර්යෙන් හිතල බලන්න ඕන. පාටියකට අඳින ඇඳුමක් පන්සලට කිසිසේත් සුදුසු වෙන්නේ නෑ . ඒ වගේම මළගෙදරට අඳින ඇඳුම මඟුල් ගෙදරකට ගැලපෙන්නේත් නෑ. තැනට නුසුදුසු ඇඳුම් ඇඳීමෙන් වෙන්නේ ඔබව සමාජයේ අප්‍රසාදයට පත් වීමයි. තැනට සුදුසු ඇඳුම් වලින් ඔබේ ගෞරවය වැඩි වෙනවා වගේම තමන්ගේ ආත්ම විශ්වාසයත් වැඩි වෙනවා. මේ පිළිවෙලට ඇඳුම් තෝරාගන්නවා නම් හැමෝගෙම ආදරය ගෞරවය දිනාගෙන කටයුතු කරන්න ඔබටත් හැකිවේවි.

ආවාට ගියාට ඇඳුම් තෝරන්න එපා

පුංචි බබාලා ඉන්න අම්මලාට

පුංචි දරුවන් ඉන්න ඕනිම අම්ම කෙනෙක් හරිම කාර්ය බහුලයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එත් බරහිර රවල කට්ටිය නම් කාර්ය බහුල කම අතරේ...

අලුත් අවුරුද්දේ ඔබත් නව නිවසකට ගෙවදිනවා නම් මේ වත්පිළිවෙත් අමතක කරන්න එපා

පිළිපැදිය යුතු වත්පිළිවෙත් නිවැරදි බිම් සැලසුමක් මත ගොඩනැගුණු නව නිවසකට ගෙවැදීමේදී අප විසින් පිළිපැදිය යුතු වත්පිළිවෙත් සහ ක්‍රමවේදයන් වාස්තු විද්‍යාව තුල ගැබ්ව තිබෙනවා. විසබීජ හරණයට කහ...

සුන්දර මන්දාරම් නුවර

මන්දාරම් නුවර කියන්නෙ පිදුරුතලාගල කඳු පාමුල පිහිටි ලස්සන ගම්මානයක්. කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ ගම්මානය දවස පුරාම මන්දාරම් ස්වභාවයක් ගන්න නිසයි "මන්දාරම් නුවර" කියල ප්‍රසිද්ධ වෙලා...

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 1 කොටස

ලිංගික ක්‍රියාකාරීන් ( ගණිකාවන් ) රැසක් ඇතිවන්නේ මොන මොන හේතුන් නිසාද? සමාජයක් ලිංගික ක්‍රියාකාරකම් වලට නතු වන්නේ මොන විදිහට ද? මේ ප්‍රශ්න වලට උත්තර...

කෑමට ගන්න අර්තාපල් වලින් ලප කැළැල් ඉවත් කරගමු

අර්තාපල් වල විටමින් බහුලව තියනවා. ඒවා ඇපල් වලට වඩා 20ගුණයකින් ඉහළයි. අපි ඔබට කියල දෙන්න හදන්නේ අර්තාපල් භාවිතා කර සමෙහි ඇති ලප කැළැල් ඉවත්...

ලිංගිකව එක්වීමට ඇති අකමැත්ත සැකයට මුලික හේතුවේද ?

දෙන්නෙක් අතර විවාහ සම්බන්ධතාවක් ඇති වන්නේ දෙදෙනා අතර ජිවිත කාලය තුල දැඩි බැඳීමක්, විශ්වාසයක් සහ එකඟතාවයක් ඇතිව ජිවත් වීමේ අරමුණින්. නමුත් දැන් සමාජයේ බොහෝ...

හරියට fashion කරන්න කැමති ඔයාට

හරියට fashion කරන්න කැමති ඔයාලව දැනුවත් කරන්න මේ ලිපි පෙලින් අපිත් එක්ක එකතු වෙන්නේ කනිෂ්ක සගබෝ ඩයස් මොස්තර නිර්මාණ ශිල්පියෙක් විදිහට ඉතාමත් කෙටි කලකින් ක්ෂේත්‍රයේ...

අවුරුදු සිරිත් රැක ගැනීමේ වගකීම කාන්තාවන්ටයි

වසරක් පාසාම අලුත් අවුරුද්ද උදා වුනත් එදා අපේ ආච්චිලා සීයලා කරපු චාරිත්‍ර වලින් චාරිත්‍ර බොහොමක් අද වනවිට අපෙන් ගිලිහි යමින් පවතිනවා. එකට හේතුව තමයි...

ශ්‍රී ලංකා බංග්ලාදේශය තරගය ගැන ICC යෙන් පූර්ණ පරීක්ෂණයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (17) පැවති පන්දුවාර 20 තරගයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා....