දරුවකු කුඩා කල විශිෂ්ට වෘත්තිකයකු කරා ගෙන යන ගමනේදී අධ්‍යාපනය පමණක් නොවේ ඔහු / ඇය ඔවුනොවුන්ගේ ජිවිතයට ගත යුතු බොහෝ ගුණාංග තිබෙනවා.

අකාල්ප සහ ආත්ම විශ්වාසය

ආත්මාභිමානය ඕනෑම දෙයක් කිරීමේදී අත්තිවාරම වන්නේ මෙයයි.ආත්ම විශ්වාසය නොමැති නිසා අභියෝග වලට මුහුණ දීමට ඇති නොහැකියාව බොහෝ දෙනෙකු තුල දක්නට ලැබෙනවා. මෙය දියුණු වීමට ඇති ප්‍රධාන බාධකයයි. බොහෝ දෙනෙකු කියන්නේ මට ‘බැහැ’ ‘අමාරුයි’ ‘මට ලෙඩ’ ‘මගේ කාරුමෙ’ යන ආකල්ප මත හිඳ තම ආකල්ප මෙහෙය වනවා. පසුව එය මානසිකව බලපානවා. මෙය නැවැත්විය යුතුමයි. ඔබට පමණයි මෙය වෙනස්කළ හැක්කේ. ඒ සඳහා මුලිම තමා වෙනස් විය යුතුයි. පසුව සුභවාදී ආකල්ප ඔබේ ජිවිතයට සංවර්ධනය කල යුතුයි.

ආකල්ප කියන්නේ මොනවාද?

මනසේ අප දරා සිටිනා පිළිගැනීම්, දෘෂ්ටින්, සම්මුතීන් ආකල්ප වේ. මෙම ආකල්ප තමා විසින් ඇති කරගන්නා ආකල්ප වේ. ගෙදරින් සහ සමාජයෙන් ආකල්ප උපුටා ගැනේ. එබැවින් ගෙදර ධනාත්මක ආකල්ප තිබිය යුත්තේ ඒ නිසා. හොඳ ආකල්ප හෝ නරක ආකල්ප සිත තුලට ඇතුල් වූ පසු එය වෙනස් කිරීමට විශාල උත්සහයක් ගත යුතු වෙනවා.

ආකල්ප රැකියාවේ සහ ජිවිතයේ දියුණුවට බලපාන්නේ කෙසේද?

යම් අයෙක් රැකියාවක් බලාපොරොත්තුවෙන් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේදී සරු ධනාත්මක ආකල්ප ඇති පුද්ගලයෙක් ව්‍යවසායකයාගේ මුලික අවධානයට යොමු වේ. එවැනි පුද්ගලයන් තම ව්‍යාපාරයට මහත් වාසියක් බව ඔවුන් දන්නා කරුණක්. කාර්යාලයක සාර්ථකත්වය සඳහා ධනාත්මක ආකල්ප වැදගත් වේ.

ඕනෑම ප්‍රශ්නයකදී හෝ අවස්ථාවකදී වඩාත් නිවැරදි හා සුදුසුම තිරණය ගැනීමට සහ එම ක්‍රමවේදය සැකසීමට නිවැරදි ආකල්ප ඇති පුද්ගලයාට හැකි වේ. නිවැරදි ආකල්ප ඇති තැනැත්තාට ආයතනයේ ප්‍රධානින් සහ අනෙකුත් සේවකයන් අතර වඩාත් පිළිගැනීමක් ඇත.

කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා නිවැරදි ආකල්ප තමාගේ ජිවිතයට මෙන්ම අනුන්ගේ ජිවිත වලටද දැනුමක් ගෙන දෙයි. අද විවිධ අනතුරු, ජිවිත හානි ඇති වන්නේ, අපරාධ වැඩි වන්නේ හීන ආකල්ප ඇති අයයි.

සුභවාදී ධනාත්මක ආකල්ප ජිවිත ජයග්‍රහණයේ ශක්තිමත් පදනමයි. මෙවැනි ආකල්ප සංවර්ධනය කරන ස්ථාන සහ පුද්ගලයන් සමඟ කටයුතු කරන්න. ඔබේ යහළුවන් ධනාත්මක ආකල්ප සහිත පුද්ගලයන් කර ගන්න.

උපුටා ගැනීමකි

රැකියාවේ සහ ජිවිතයේ දියුණුවට ආකල්ප බලපාන ආකාරය

ගෙදරදීම වට්ටක්කා පෝච්චියක පැල කරගමු

කඩෙන් එළවලු ගන්න ඔයාට රසායනික ද්‍රව්‍ය වලින් තොර ගෙදරදීම වට්ටක්කා පළකරගන්න ආකාරයයි අද අපි ඔබට කියලා දෙන්නේ?   https://youtu.be/ctsw279ITss    

ඔබේ දරුවා නිවසේදී සිදුවන අතවර වලින් බේරෙන්න ක්‍රම 10

ඔබට අද යහපත් ජිවිතයක්, නිවහනක් ( home ) ලැබී ඇත්නම් එහි සැබෑ හිමිකරු ඔබ නොව ඔබේ මව්පියන් ය. නිවසේදී ( home ) පමණක් නොව සෑම...

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය දිවිමඩලෙන් සමුගනී

කලා කීර්ති සුමිත්‍රා පීරිස් යනු ශ්‍රී ලාංකීය ප්‍රථම කාන්තා චිත්‍රපට නිෂ්පාදිකාව වන අතර ඇය සියලු දෙනා විසින් හඳුන්වනු ලබන්නේ “සිංහල සිනමාවේ කිවිඳිය” ලෙසිනි. ඇය...

සාම්ප්‍රදායික ඔසරි විලාසිතාව වෙනස් කරන්න එපා

විලාසිතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වයස, අත්දැකීම්, පාරම්පරික උරුමය, අනුව ව්දිහිටි හා යොවුන් පරපුර විලාසිත කරන අකාරය වෙනස් වේ. නමුත් සංස්කෘතික වටිනාකමක් ඇති ඇඳුම්...

රැකියාවට ගැලපෙන්න ඇඳුම විතරක් මදි

රැකියාවට යන යුවතියන් තමන්ගේ ඇඳුම කොහොමද තෝරාගන්නේ කියලා අපි පහුගිය ලිපියෙන් කතා කළා. ඉතින් අපි අද කියලා දෙන්න යන්නේ පාවහන්, කරාඹු, අත් බැග් වගේ...

අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනාට පස්සේ මොකද කරන්නේ

සාමාන්‍යයෙන් ඕනම පිරිමි සහ ගෑණු අයගේ තියෙන ගතියක් තමා තමාගේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වීම... ලිංගික හැගීම් පහල වීම... ඕක මහ අමුතු දෙයක් නෙවෙයි... වයසින් මෝරගෙන...

සුරත් සුවය

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා...

ශරීරයේ බර 10 kg වලින් අඩු කරගන්නා ස්වභාවික පානය

සිරුරේ බර අඩු කරගැනීමට නම් අපි ආස කරන ආහාර පාන ගැනීමෙන් වැලකි සිටිය යුතුයි. එක කරන්න ගොඩක් අයට අපහසුයි. ආහාර පාලනය විතරක් නෙමෙයි ශරීරයට...

හිසකෙස් යන එක ඔබටත් ගැටළුවක් ද ? එහෙනම් මෙය අත්හදා බලන්න

හිසකෙස් යන එක බොහෝ අයට තියන ගැටළුවක් ඉතින් අපි අද ඔයාල දැනුවත් කරන්න යන්නේ ඒ ගැනයි. කාන්තාවන්ගේ සුන්දර පෙනුම සඳහා කෙස් කලඹ මගින් ලැබෙන පිටිවහල...