දෙන්නෙක් අතර විවාහ සම්බන්ධතාවක් ඇති වන්නේ දෙදෙනා අතර ජිවිත කාලය තුල දැඩි බැඳීමක්, විශ්වාසයක් සහ එකඟතාවයක් ඇතිව ජිවත් වීමේ අරමුණින්. නමුත් දැන් සමාජයේ බොහෝ විවාහයන් අතර ගැටළු පවතින්නේ ඔවුනොවුන් අතර ඇති විශ්වාසය පළුදු කරමින් සැකය උපදවා ගැනීමෙනි. මේ සැකය තුලින් ඇතිවන මානසික පීඩනය දික්කසාදය දක්වාම දුරදිග යනවා. සමහර වෙලාවට ජිවිත හානි පවා ඇති කරගැනීමට තැත් කරනවා. ඇයි මේ සැකය ඇතිවෙන්නේ? සැකයක් ඇති වෙන අවස්ථාවක කොහොමද එක වළක්වාගන්නේ? අලුතින් විවාහ වූ යුවලකට සැකයෙන් ඉගෙන ගත හැක්කේ කුමක්ද? අපි ඒ ගැන කතා කරමු.

සැකය ඇතිවෙන අවස්ථාවන් දෙකක් නම් අනවබෝධය සහ හේතුවක් නොමැතිව ඇතිවන සැකය. මේ දෙකම සමාජයේ බොහෝ දෙනෙක් තුල දකින්නට තියෙනවා. මානසික තත්වයක් නිසා ඇති ඇතිවන සැකය භයානකයි.මෙවැනි මානසික තත්වයන් තියන පුද්ගලයන් අකමැතියි එයාලා මානසික ප්‍රශ්නයකින් පෙළෙනවා කියල පිළිගන්න.හැම විටම තමන්ගේ සැමියා හෝ බිරිඳ තමන්ගෙන් ඈත් වෙයි කියන බිය නිසාම සැකයක් ඇති කරගන්නවා. ලිංගිකව එක්වීමට ඇති අකමැත්ත ඇති අයත් සැමියාට වඩා බිරිඳ ලස්සන නම් හෝ බිරිඳට වඩා සැමියා ලස්සන නම් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැකය කියන දේ ඇති වෙන්න පුළුවන්. එමගින් සැකයට ලක් වන්නා දැඩි මානසික පීඩනයකට පත් වීමට පුළුවන්. උදාහරණයක් ලෙස අධික සැකය සැමියා සතුව ඇති කියා සිතන්න. ඔහු වෙනවදා මෙන් රැකියාවට පිටත් වීමට නිවසින් බැහැරව, නමුත් රැකියාවට නොයා සැඟව සිට බලනවා සැමියා නොමැති අතරේ බිරිඳ කුමක්ද කරන්නේ කියා. මෙය මානසික ව්‍යාධියක් දක්වා ගමන් කළ සැකයේ තවත් අවස්ථාවක්. මෙවන් මානසික තත්වයකින් පෙලෙන අය වහා වෛද්‍යවරයෙකු මුණගැසිය යුතුයි.

දෙදෙනෙකු අතර ඇතිවන බැඳීම තුල විශ්වාසයක් සහ විනිවිද භාවයක් තිබිය යුතුයි. විනිවිදභාවය කියන්නේ දෙදෙනාගේම ක්‍රියාවන් අනිත් කෙනගේත් අනුදැනුම සහ විශ්වාසය යුතුව සිදුවීමයි. අලුතින් විවාහ වූ බොහෝ දෙනෙකු විනිවිදභාවය නොමැති කමින් විවිධ ප්‍රශ්ණ ඇති කරගන්නවා. දෙදෙනාම රැකියාවල නිරත වීම නිසා දෙදෙනා අතර සබඳතා ගොඩනැගෙන්නේ අවම වශයෙන්. සැමියා ඔහුගේ වැඩ, බිරිඳ ඇගේ වැඩ. මේ නිසාවෙන් ඔවුන් මානසික පිඩනයට ලක්වෙනවා. කාර්යබහුලත්වය සහ ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කරගැනීමට අඩු ඉඩකඩක් ඇති නිසා සැකය කියන දේ දැඩිව පවතිනවා. කාර්යබහුලත්වය නිසාම ඔවුනොවුන් ලිංගික සම්බන්ධතාවයට ද ඔවුන් අකමැත්තක් දක්වනවා බොහෝ දෙනා පෙලඹෙනවා. සැමියා සහ බිරිඳ ලිංගික කාර්‍යයන් ප්‍රතික්ෂේප කිරීම නිසාද සැකය ඇති වීමට ඉඩකඩ වැඩියි. එකිනෙකා අතර මනා සන්නිවේදනයක් නොමැති කමින් ගොඩනැගෙන සැකය සනාථ කිරීමට කරුණු සෙවීම මෙහි ඊලග පියවරයි. දුරකථන අංක පරික්ෂා කිරීම, එහි Calls අරන් තියෙන්නේ කාටද? Facebook Account එක පරික්ෂා කිරීමට පෙළඹේ.

මේ නිසා ඇතිවන සැකය දෙදෙනාම දුරස් වීමට හේතු කාරණා වේ. මෙහිදී ඔබ විශේෂයෙන්ම මතක තියාගත යුතු දෙයක් නම් අපේ ලාංකීය සමාජය සැකය කියන දේ මුලික කරගත් සමාජයක්. සැකය වැඩි කිරීමට හේතු පාදක වන දේ ඕන තරම් අද සමාජයේ දකින්න තියෙනවා. අන්තර්ජාලය, රුපවාහිනි නාලිකා ගුවන් විදුලි නාලිකා, සහ පුවත් පත් වලින් අසන්නට දකින්නට ලැබෙන්නේ අනියම් සම්බන්ධතා ගැන පුවත්. මේවා නිතර නිතර අසන්න දකින්න ලැබෙනකොට සැකය ඇති වෙනවා. සැකය නිසාම මිනීමැරුම් පවා කිරීමට තැත් කරනවා. ඒ වගේම තවත් දෙයක් යම් පුද්ගලයෙකු තුල සැකය තියනවානම් අපේ සමාජයේ ඒ පුද්ගලයා වටා සිටින අය සැකයට අනුබල දෙන ප්‍රමාණය වැඩියි. එයට ප්‍රධාන හේතුව වන්නේ ලංකාවේ 80%ක් දෙනා ලිංගික දරිද්‍රතාවයෙන් පෙලිමයි. මේ නිසා යහපත් පවුල් ජිවිතයක් ගෙවන පවුල් බිඳ දැමීමට ඔවුන් විවිධ දේ කරති. මේ නිසා ඔවුනොවුන් අතර විශ්වාසය පවත්වාගෙන යා යුතුයි. කෙතරම් කාර්යබහුල වුවත් දෙදෙනාගේ අදහස් හුවමාරු කර ගැනීමට පුංචි හෝ කාලයක් වෙන් කර ගන්න.

මේ හඳුනාගත යුතු තවත් යතාර්ථයක් තිබේ. එනම් බොහෝ දෙනා විවාහ වන්නේ වයස 30 පමණ වෙන විටයි.බොහෝ අපේක්ෂාවක් ඇතිව විවාහ වන විට භෞතික සම්පත් ලඟා කර ගන්නට බොහෝ වෙහෙස දරන්නට සිදු වෙනවා.එවිට භාර්ය්‍යාව මග හැරෙන්නට පුළුවන. ඇය පිළිඹද අවධානය බිඳීමට පුළුවන්. මෙහිදී භාර්ය්‍යාව සිතිය යුතුයි තම සැමියා වෙහෙසෙන්නේ තම අනාගතය හදන්නයි කියා. විවාහ ජිවිතයේ සම දෙයක්ම ලෙහෙසියෙන් ලඟා කරගන්නට හැකියි කියා සිතීම ප්‍රයෝගික නොවේ. ඒ විවාහ ජීවිතය තුල ඇති සැබෑ යථාර්තයයි. මේ සියල්ල අවබෝධ කරගෙන කරගෙන පවුල් ජීවිතය ගෙන ගියොත් සැකය නිසා ඇතිවන ගැටළු වලින් ඔබේ ජිවිතයට බලපෑමක් ඇති නොවේවි.

 

 

ලිංගිකව එක්වීමට ඇති අකමැත්ත සැකයට මුලික හේතුවේද ?

සාම්ප්‍රදායික ඔසරි විලාසිතාව වෙනස් කරන්න එපා

විලාසිතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වයස, අත්දැකීම්, පාරම්පරික උරුමය, අනුව ව්දිහිටි හා යොවුන් පරපුර විලාසිත කරන අකාරය වෙනස් වේ. නමුත් සංස්කෘතික වටිනාකමක් ඇති ඇඳුම්...

දන්නා ආහාරවල නොදන්නා ගුණ

ලප සහිත කෙසෙල් කෙසෙල් ගෙඩි තරමක් ඉදුණු විට , කෙසෙල් ගෙඩි මත ලප තිබෙනවා ඔබ දැක තිබෙනවා නේද? මෙම ලප වල ඇති TNF නමැති පිළිකා...

පුංචි බබාලා ඉන්න අම්මලාට

පුංචි දරුවන් ඉන්න ඕනිම අම්ම කෙනෙක් හරිම කාර්ය බහුලයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එත් බරහිර රවල කට්ටිය නම් කාර්ය බහුල කම අතරේ...

Jumanji: Welcome to the Jungle Story

පාසැල් දරුවන් 4දෙනෙකු හා පැරණි වීඩියෝ ක්‍රීඩාවක් අතර සිදුවන අපුර්ව සිදුවීම් මාලාවක් ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටියකි Jumanji. වීඩියෝ ක්‍රීඩාවේ සිසුවන සිදුවීම් සැබෑවටම සිදුවන සිදුවීම් වන...

අපූරු රුපලාවන්‍ය රහස් 15ක්. ඔබත් අත් හදා බලන්න

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. හැබැයි ඒ ලස්සන පවත්වාගෙන යන්න අපි ස්වභාවික දේ භාවිත කරනවා නම් කොතරම් හොඳ ද? අපි අද ඔයාලට කියල දෙන්නේ...

‘Home & Deco 2018’

ඔබේ සිහින කැදැල්ල ඔබේ සිතේ හැටියට ඉදි කරගන්න අවශ්‍ය සියළුම දෑ එකම වහළක් යටින් ගන්න ඔබත් ඔබේ සහකරු හෝ සහකාරිය සමග 'Home & Deco...

අලුත් අවුරුදු කෑම මේසයේ අමුත්තන්ට පිළිගන්වන්න අලුත් විදිහේ කෑම ටිකක් හදමු

මේ ළඟ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න අපි අලුත් විදිහේ කෑම වර්ග ටිකක් හදමු.   බනානා බ්‍රෙඩ් අවුරුදු කාලයේදී සෑම ගෙදරකම පිරිලා...

ලොව අංක එකේ ගායිකාව

අද ලොව අංක එකේ ගායිකාව කවුද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් දෙන උත්තරේ තමයි ටේලර් ස්විෆ්ට් . 28 හැවිරිදි වියේ පසුවන මේ සුපිරි තරුව මේ...

චාරිකා – 03 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...