මිට පෙර ලිපියකින් අපි ඔබට ඉදිරිපත් කරා විවිධ ක්‍රම වලට දැල්ලන් හදන අකාරය. අද අපි ඔබට කියල දෙන්නේ ඉස්සන් විවිධ ක්‍රම වලට හදන්න හැටි. නිවාඩු දවසේ දවල් කෑමට මේ ක්‍රමේට ඉස්සන් හදල ගෙදර අයට පිලිගන්නවන්න ඔබටත් පුළුවන්.

ඉස්සන් කිරි හොඳි

ලොකු ඉස්සන් 50
ලියාගත් රතු ළුණු මේස හැඳි 1
ඉඳුණු අමු මිරිස් කරල් 3
කරපිංචා ඉති 2
තුනපහ කහ පදමට
පොල් කිරි කෝප්ප 4
අම්බරාගත් අබ තේ හැඳි 1
ගොරක කැලි 2
උළුහාල් ස්වල්පයක්
ලුණු

ඉස්සන් හොඳින් සෝදා ගන්න. එය වලඳකට දමා එයට අබ, කහ හැර අනෙකුත් සියලු ද්‍රව්‍ය දමන්න. එය ලිප තබා ඉස්සන් තැම්ඹුන පසු එයට පොල් කිරි එක්කර අබ, කහ එකතු කරන්න. හොද්දේ කිරි කැටි ගැසීමට නොදී හොඳින් හැඳි ගාගන්න. එයට මුරුංගා කොළ ටිකක් එකතු කල හැකි නම් වඩාත් රසවත්ය.

ඉස්සන් තෙම්පරාදුව

ලොකු ඉස්සන් 250g
ලියාගත් රතු ළුණු මේස හැඳි 1
ලොකු ලුණු ගෙඩි 2
අමු මිරිස් කරල් 3
කරපිංචා ඉති 2
ගොරක කැලි 1
උළුහාල් ස්වල්පයක්
ලුණු
පොල්තෙල් හෝ මාජරින්

ඉස්සන් හොඳින් සෝදා ගන්න. එය වලඳකට දමා එයට ලොකු ලුණු හැර අනෙක් සියලු ද්‍රව්‍ය දමන්න. එය ලිප තබා වතුර කෝප්ප 1ක් එකතු කර තම්බා ගන්න.ඉස්සන් තැම්ඹුන පසු තෙල් ටික ලිප තබා ළුණු සමග තෙම්පරාදු කොට තුනපහ කුඩු ඉසගන්න.

ඉස්සන් බැඳුම

ලොකු ඉස්සන් 50g
ගම්මිරිස් කුඩු
කහ
ලුණු
බිත්තර 1
විනාකිරි මේස හැඳි 2
පාන් කුඩු

වල්ගය ඉතිරි වන සේ ඉස්සන් පොතු හැර සෝදා වතුර බේරෙන්නට තබන්න. ඉන්පසු ලුණු,කහ, ගොරකා ගම්මිරිස්, විනාකිරි යොදා ඉස්සන් ටික ඊට දමා පැයකට පසු සුද්ද කරගත් ඉරටු කැබලිවල දිගට සිටින සේ ගසා ගන්න. ඉන්පසු ගසාගත් බිත්තර මිශ්‍රණයට ඔබා පාන්කුඩු වල දවටා ගන්න. ඉන්පසු ගැඹුරු තෙලේ බැඳ ගන්න.

ඉස්සන් රතු ළුණු සම්බල්

ලොකු ඉස්සන් 50
ලියාගත් රතු ළුණු 100g
ඉඳුණු අමු මිරිස් කරල් 3
කරපිංචා ඉති 2
තුනපහ කහ පදමට
ගොරක කැලි 2
ලුණු
තක්කාලි ගෙඩි 2

ඉස්සන් හොඳින් සෝදා ගන්න. එය වලඳකට දමා එයට රතු ළුණු හැර අනෙක් සියලු ද්‍රව්‍ය දමන්න. එය ලිප තබා වතුර කෝප්ප 1ක් එකතු කර තම්බා ගන්න. වතුර හොඳින් බේරෙන්න තබා පොතු ඉවත් කරගන්න. පසුව ළුණු හා තක්කාලි සමඟ මිශ්‍ර කරගන්න. . එයට ගම්මිරිස් ස්වල්පයක් හා පදම අනුව ලුණු එකතු කරගන්න.

දවල් කෑමට ඉස්සෝ

දන්නා ආහාරවල නොදන්නා ගුණ

ලප සහිත කෙසෙල් කෙසෙල් ගෙඩි තරමක් ඉදුණු විට , කෙසෙල් ගෙඩි මත ලප තිබෙනවා ඔබ දැක තිබෙනවා නේද? මෙම ලප වල ඇති TNF නමැති පිළිකා...

ඔයත් කැමතිද ස්වභාවිකව කොන්ඩෙ Straight කරන්න?

කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන කතා කරන කොට හිස කෙස් වලට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. හැමෝම කැමතියි තමන්ගේ කොණ්ඩය ලස්සනට තියාගන්න. ඉතින් අද අපි කියල දෙන්නේ පැයක්...

‘Home & Deco 2018’

ඔබේ සිහින කැදැල්ල ඔබේ සිතේ හැටියට ඉදි කරගන්න අවශ්‍ය සියළුම දෑ එකම වහළක් යටින් ගන්න ඔබත් ඔබේ සහකරු හෝ සහකාරිය සමග 'Home & Deco...

ප්‍රීතිමත් පවුල් ජීවිතයකට

ප්‍රීතිමත් විවාහ ජිවිතයක් කියන්නේ විවාහයකට එළබෙන හැමෝගේම බලාපොරොත්තුව. ඒ වගේම ප්‍රීතිමත් විවාහ ජිවිතයක් තියෙනවා නම් ජිවිතේ අනිත් දේවල් උනත් සාර්ථකව කරගන්න පුළුවන්. බිරිඳකට වුණත්...

ස්වයං රැකියා සඳහා අදහස් කිහිපයක්

අපි ඉවතලන බොහෝ දේවල් නැවත නැවතත් අපිට පරිහරණය කරන්න පුළුවන්. එය එක් අතකින් කැලි කසළ ප්‍රයෝජනයට ගත හැකි එක් විසඳුමක්. මේ අපි එදිනෙදා පරිහරණය...

වෙන වෙනම කෑවම ගුණ එකට කෑවම අගුණ කෑම

ආහාර (food) ජලය නොමැතිව කිසිවෙකුටත් නොහැකි බව අප සැවොම දන්නා කරුණකි. මිනිස් ජිවිතයේ පැවැත්මට ආහාර (food) අත්‍යාවශ්‍ය වේ. එහෙත් ඒ අහාර (food) නිසාම රෝගිවෙන,...

තමන්ගේ සුන්දරත්වය ගැන සිතා ලත වෙන තරුණියන්ට සෝනම් කපුර්ගෙන් අපුරු ලිපියක්

තරුණියන් වඩාත් සැලකිලිමත් වන්නේ තමත්ගේ රූපය ගැන එයාලා වඩාත් පහැපත්ව ලස්සනට තියාන්න ඔවුන් විවිධ වූ දේවල් සිදු කරනවා ඇතැම් තරුණියන් ප්‍රසිද්ධ නිළියන් අනුගමනය කරමින්...

ගෙදර ඉඳගෙන ලස්සන වෙන්න

ලස්සන වෙන්න යුවතියන් නොකරන දෙයක් නැති තරම්. වයිට්නින් ක්‍රීම් සහ සම සුදු කරගන්න කියා විකුණන නොයෙක් ක්‍රීම් පවුඩර් වර්ග සහ ෆේස් වොෂ් වෙළඳපොලේ වැහිවහලා....

ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් නැවතී

මිනිස්සු විවිධාකාරයි.. අපට ජීවිතේ හම්බ වෙනවා හරියට Black & White වගේ අපි අපේ ජීවිතය colorful කරගන්න ඕනෙ හරියට පාට පෙට්ටියක තියන පාට වගේ... හැබයි...