ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න සිදුවීම් ගැන මේ සමාජයේ මොන තරම්නම් අහන්න දකින්න ලැබෙනවද..? වැලන්ටයින් දවසටත් ඒ විදිහට තරුණ ජීවිත හැඟීම නිසා විනාශ වෙලා යනවා. තමන්ගේ අම්මා තාත්තට බොරු කියලා පෙම්සුව විදින දරුවෝ කොයිතරම්නම් ඉන්නවද..?  මේ කියන්න හදන්නේ ඒ විදිහට ජීවිත නැතිකරගන්න අයට හිතට දැනෙන්න ලියපු අපූරු සටහනක්…

අම්මේ අම්මේ…. ඇයි මයේ පුතේ මේ බෙරිහන් දෙන්නේ… හෙට ක්ලාස් තියෙනවා අම්මේ….. හෙට… ඔව් විශේෂ එකක්… සර් කිව්වා හෙට අලුත් ටියුට් වගයක් කරනවා කියලා. කීයටද පුතේ ක්ලාස් තියෙන්නේ… දවසම තියෙනවා… අම්මේ ටියුට් ගන්න රු.1000 ක් ඔනේ… 1000ක්!…. බස් වියදමට ඇර ගෙදර සත පහක්වත් නෑ පුතේ… එහෙම කියලා හරි යන්නේ නෑ මට සල්ලී ඕනේ හෙට ක්ලාස් යන්න… මේ හදිස්සි‍යේ කොහෙන් කියලා හොයන්නද?.. අප්පච්චිවත් හිටියා නම් මේ වෙලාවේ, කොහෙද බීලා බීලම මැරිලා ගියානේ…. දැන් ඉතින් ඕවා කියන්නේ ඇයි… කාගෙන් හරි ඉල්ලලා දෙන්න…. මේ ගමේ කාගෙන් කි‍යලා ඉල්ලන්නද… මේ මසේ ක්ලාස් යන්න සල්ලි දුන්නෙත් උබලගේ මාමා… අදත් ඒ මනුස්සයාගෙන් සල්ලී ඉල්ලලා කරදර කරන්න මට හිතෙන්නේ නෑ පුතේ… එතකොට අම්මා කියන්නේ මට ක්ලාස් යන්න එපා කියලද… ක්ලාස් යන්න ඉල්ලලා මෙහෙම නම් වෙන වැඩකට ඉල්ලුවා නම් කොහොන කියවයිද… මට ඇති වෙලා දැන් මේක… ඇයි මගේ පුතේ එහෙම කියන්නේ සල්ලි තිබ්බා නම් මේ අම්මා උබට නොදී ඉන්නවද?. මාත් ආසයි පුතා රජෙක් වගේ ඉන්නවා දකින්න… හැම පැතෙන්ම ණය, එවා ගෙවලා ඉවර වුනම ඉතුරුවෙන සොච්චමෙන් තමා හැමදේම කරන්නේ… හ්ම් හ්ම්… ඔන්න ඇති පටන් ගත්තා කරච්චලේ. රත්‍රන් බඩුවක්වත් තියෙන එකක් යැ උකස් කරන්නවත්, මේ ණය ගෙවන්න ගිහින් ඔක්කොම උකස් කරන්න වුනානේ.. දැන් මේ කරාබු දෙක විතරයි ගෙදර සන්තකේටම තියෙන්නේ… ඉතින් ඕකත් උකස් කරන්නකෝ අම්මේ… හෙට ක්ලාස් එක වැදගත් එකක් අනිවාර්යෙන්ම යන්න ඕනේ අම්මේ.. මේ උබලගේ තාත්තා මට අරං දීපූ පළවෙනි රත්‍රං බඩුව.. ඒ මනුස්සයව මතක් වෙන්න තියෙන්නේ මේක විතරයි.. ඒත් හැමදේටම වඩා පුතාගේ ඉගෙනීම මට වටිනවනේ. බැංකු වහන්න කලින් ගිහින් එන්න එහෙනම්… හා මගේ පුතේ … පුතාට බඩගිනි ඇතිනේ බත් එක මේසේ උඩ ඇති මං ඉක්මනට ගිහින් එන්නම්.. පුතා කන්න.. සුදු මැණික මොකද කරන්නේ… මොකුත් නෑ සුදු මහත්තයෝ… ඔයා ගෙදරට කිව්වද හෙට ක්ලාස් කියලා… ඔව් ඔව් කිව්වා… ඔයත් කිව්වද… ඔව් මාත් කීවා… හෙට දවසම අපිට එකට ඉන්න පුලුවන් සුදු අම්මි… ම්ම්ම් ඔව් අප්පච්චියෝ… මට මොනාද හෙට අරන් දෙන්නේ… ඒවා රහස්, හෙට හම්බවුනාම බලන්නකෝ… මට ඉවසිලක් නෑ හෙට වෙනකන්… ආදරෙයි සුදු මහත්තයෝ ගොඩාක්… මාත් ආදරෙයි මගේ සුදු අම්මිට… උම්ම්ම්ම්ම්ම්ම්මා…. (ක්ලාස් පීස් සල්ලියි මේ සල්ලියි එකතු වුනාම හොද දෙයක් අරන් දෙන්න පුලුවන්) උම්ම්ම්ම්මා… ඔයා කෑවද අප්පච්චි… තම නෑ………. උඹලත් මෙහෙමද වැලන්ටයින් සමරන්නේ… විශේෂ ක්ලාස් කියලා, තියෙන ක්ලස් කට් කරලා නැත්තන් වෙන මොකක් හරි බොරුවක් කියලා, අම්මා තාත්තා ක්ලාස් යන්න දෙන සල්ලි එකතු කරලා තෑගී අරන් දීලද වැලන්ටයින් සමරන්න හිතන් ඉන්නේ. එහෙනම් අහගනින් කොල්ලෝ, කෙල්ලෝ දෙගොල්ලටම කියන්නේ පෙබ‍රවාරී 14 කියන්නෙත් සාමාන්‍ය දිනයක් විතරයි… උඹලට නම් වැලන්ටයින් වෙන්න ඇති මට නම් ඒකේ විශේෂ‍යක් නෑ… ඇයි උඹලට 14 වැනිදාට වැඩිපුර ආදරේ හිතෙනවද තමන්ගේ පෙම්වතිය පෙම්වතා ගැන… වෙනදට ඒ වගේ දැනෙන්නේ නැද්ද… මට නම් විශේෂ නෑ හැමදාම එක වගේ ආදරෙයි… ඇත්තටම ආදරෙයි නම් දින ඕනේ නෑ බං. ෆැන්ටසියෙන් එළි බැහලා යථාර්තයට ඇවිත් බලපං.. ආදරේ නාමෙන් කී දෙනෙක් 14 වැනිදට රූම් යයිද..?. අම්මා හිතනවා ඇති මගෙ දුව මගේ පුතා ඉගෙන ගන්නවා කියලා ක්ලාස් ගිහින්… උඹලා රූම් අස්සෙ ගිහින් වෙන වැඩ කියලා අම්මලා දන්නවා නම් පපුව පැලිලා මැ‍රෙයි බං… කොල්ලොන්ට වඩා කෙල්ලොන්ගේ. 14 සාමාන්‍ය විදිහට ඉදපං ලොකු ලොකු දේවල් එපා.. අපි උඹලා හම්බ කරන කාලෙක වැලන්ටයින් සමරමු හොදට.. දෙමව්පියෝ මහන්සි වෙලා හම්බකරලා දෙන සල්ලි වලින් වැලන්ටයින් සමරන එක නතර කරමු… ගිෆ්ට් දුන්නේ නැ කියලා තරහා වෙනවා නම් අම්මපා ඔය යාලුවෙලා ඉන්න එකාව එකීව අතඇරලා දාපං.. ගොඩක් කෙල්ලෝ( බහුතරයක්) තෑගී වලට පට්ට ආසයි.. එහෙමයි කියලා අවංකව ආදරේ කෙල්ලෙක් තැගී දුන්නේ නෑ කියලා ලොවෙත් තරහා වෙන්නේ නෑ… සිරා කෙල්ලෙක් බලපොරොත්තු වෙන්නේ තමන්ගේ තත්තා වගේ ආදරේ කරන , රැක බලගන්න කොලෙක්ව… පුලුවන් නම් ආදරේ කරන කෙනාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉදලා හදවතින්ම ආදරේ ප්‍රකාශ කරපං, ඊට පස්සෙ ලාවට කිස් එකක් දීපන්. කරන එක බොක්කෙන්ම අමතක වෙන්නැතිවයි ඒ වැලන්ටයින් එක කවදාවත්… පුලුවන් නම් පන්සලකට පල්ලියකට ගිහින් මලක් පහනක් පත්තු කරපං… හැමදෙටම වඩ ඒක හොදයි… වැලන්ටයින් ආදරේ නාමෙන් රූම් ගිහින්, හෝල් වලට ගිහින් ආදරෙ ජීවිතේ කියන දෙක විනාස කරගන්න එපා…. ඒ වගේම ආදරේ කරන කෙල්ලව ගණිකාවක් කරන්න යන්න එපා…

 

දසුන් රවිහංස දේශප්‍රිය

ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න එපා

චාරිකා – 06 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

සුන්දර මොරගොල්ල වෙරල තිරයට යමු

අලුත්ගම වෙරල තිරයට අයත් වන මොරගොල්ල වෙරල, සංචාරක අකෂණය දිනාගත් ඉතාම සුන්දර ස්ථානයක්. කොලබ සිට 60km දුරකින් පිහිට ඇති මෙම වෙළාර තිරය 4km පමණ...

ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් නැවතී

මිනිස්සු විවිධාකාරයි.. අපට ජීවිතේ හම්බ වෙනවා හරියට Black & White වගේ අපි අපේ ජීවිතය colorful කරගන්න ඕනෙ හරියට පාට පෙට්ටියක තියන පාට වගේ... හැබයි...

ගොනෝරියා රෝගය ලිංගාශ්‍රිත රෝගයක් ද

පසුගිය ලිපියෙන් ලිංගික රෝග ඇතිවෙන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. මෙම ලිපියෙන් අපි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ ලිංගික සම්බන්ධයක් නිසා නැත්නම්...

ලෝකයේ trend වූ හොඳම විලාසිතා 10 ක්- 2022

1.Crochet Set 2.Hoodies Under Blazers 3.Women’s Oversized Bomber Jackets 4.Cropped Cardigans 5.Casual Trench 6.Boiler Suits 7.The Leather Jacket 8.Power Bohemian Florals 9.Puff Sleeves 10.Color Clashing උපුටා ගැනීම : www.thevou.com

Living Together කියන්නේ ආදරයට එහා ගිය බැඳිමක් ද? දසුන්ගේ බිරිඳ හංසි කථා කරයි

https://thewoman.lk අපි නිරන්තරයෙන්ම සමාජය තුල පවතින කාලින මාතෘකා ගැන කතා කරනවා. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ මෑත කාලයේ ගොඩක් කථා බහට ලක්වුණ දෙදෙනෙක් වන ජනප්‍රිය...

මේ මගේ කතාවයි -08 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

අනෝමා ජනාදරීගේ “ප්‍රේම ජවනිකා”

මෙවර අපි Hardtalk තුලින් කථා කරන්නේ අපේ රටේ සම්මානනීය ජනප්‍රිය නිලියක් වන අනෝමා ජනාදරී සමඟයි. මෑතක දී ඇය බොහෝ දෙනා අතර කථා බහට ලක් වුන චරිතයක්. ඉතින්...

සුන්දර නාරම්පනාවේ සිරි අසිරිය විඳගමු

ආතදුම්බර පාලිස්පත්තුවේ බස්නාහිර කෝරළේ නාරම්පනාව නම් ග්‍රාමය පිහිටා ඇත. සංචාරක ආකර්ෂණය ඉතා වැඩි මේ සුන්දර ගම්මානය බොහෝ ජනප්‍රියයි. විමලරත්න කුමාරගම කිවිඳුන් ඉපදී ඇත්තේ මේ...