ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. ආදරය ලෝකයේ තියෙන වටිනාම හැඟීමයි. හැබැයි ඒ ආදරය විඳින දනවන විදිහ එකිනෙකාට වෙනස්. එවැනි විවිධත්වයක් ආදරයට නොතිබුනා නම් මේ ලෝකය වඩා නීරස, එපා කරපු තැනක් වන්නට ඉඩ තිබුනා. ආදරයට පුළුවන් ලෝකයේ ඉරණම වෙනස් කරන්න. ඔබ ආදරය කරන විදිහටම මමත් ආදරය කළා නම්, ඔබේ ආදරයේ බලාපොරොත්තුව මගේ ආදරයේද බලාපොරොත්තුව වුනා නම් අපි දෙදෙනාම එකම වස්තුවකට ආදරේ කරන්න ඉඩ තිබුනා. එසේ වුවා නම් අහිමි වීම සහ විරහව පමණක් ආදරයේ අවසානය වේ.

වාසනාවකට මෙන් ආදරය එහෙම නැහැ. ආදරය විවිධයි.මේ විවිධාකාර ආදර අන්දර වල ආදරයට වස්තු බිජ වන වටිනාකම් එහෙමත් හරිම වෙනස්. ඔබ ඔහුට පෙම් කරන අතරතුර තනිකමට දිවි පරදුවට තබා පෙම් කරන්නියන් අනන්තවත් සිටිනවා ඔබත් ඇයත් ඔහුට,තනිකමට ජීවිතය සින්න කරන විට, ධර්මයට සිත් අලවන්නියන් එහෙමත් හිඟ නැහැ. ජිවිතයේ සුන්දරම යොවුන්විය සතා සිව්පාවාගේ යහපත පිණිස, සමාජයට හිත සුව පිණිස, පොතට පතට, සල්ලි බාගෙට වෘත්තීය ජීවිතයට සින්නක්කරේටම ලියා දුන් යුවතියන් ඕනෑ තරම් අප දැක තිබෙනවා. ඔය ඔක්කොම ආදර අන්දර අතරේ සමාජ විරෝධී ආදරයකට දෙවරක් නොසිතා පනින්නියන් ලංකාවේ සතර අතින් සොයා ගන්න පුළුවන්.

ඉතින් අප කුමක් කරන්නද? ඒ ආදරයේ ස්වභාවයයි. ඒ එක් එක් කෙනාගේ චෛතසිකය ක්‍රියා කරන ආකාරයයි. සමහර විට ඒ ඔවුන්ගේ බුද්ධි මට්ටම විය හැකියි. කටුක දුබර ජීවිතයකින් උගත් පාඩම් වෙන්නට පුළුවන්. ලද හැකි උපරිම රැවටීමකට, නින්දිත අපහරණයකට පසුව එන සිතුවිල්ල වෙන්නත් පුළුවන්.

හැබැයි ඔබ ඔබට වගේම තමයි ඔවුන්ගේ ආදරයත්. ඔබට ඔහු කොතරම් වටිනවාද? වැදූ මවට රහසින් ඔහුට අවනත වන්නට තරම් ඔබේ ආදරයට අවංක වගේ තමයි ඔවුනුත් ඔවුන්ගේ ආදරයට සමීපයි, පක්ෂපාතියි, හැම ආදරක්ම ඒ වගේ තමයි. ඔබට ඔහු දක්වන අවංක පක්ෂපාතිත්වය තරම්ම හැඟීමක් ඇයට අසරණ සතෙකුට පිහිට වූ විට දැනෙනවා ඇති.ඔබ ඔහුගෙන් ලබන තරම්ම රැකවරණයක් ඇය ඇයගෙන් ලබනවා ඇති.

එහෙමනම් ඇයි ඔබේ ආදරය විතරක් ඔබ ආදරය ලෙස දකින්නේ? අන් ආදර පැතිකඩ වෙත පහර ගසන්නේ? මතක තබා ගන්න එලෙස පහර දීමේ හෝ විවේචනය කිරීමේ අයිතියක් ඔබට නැහැ. සෑම බැඳීමක් දෙසම ආදරෙන් බලන්න. මිනිසත්කමින් බලන්න. කරුණාවෙන් බුද්ධියෙන් විමසන්න. ඔබට ඒ ආදරය බැඳීම තුල වටිනාකම් ඔබේ ආදරය තරම්ම හෝ ඊටත් ඉහල බව හැගේවි.

සෑම ආදරයකටම ආදරය කරන්න. සෙනෙහසින් සවන් දෙන්න. ඔබේ ආදරය ඒ තරමටම සාර්ථක වෙනවා.

උපුටා ගැනීමකි

ආදරයට ආදරය කරන්න

සංවාදයට හැකි අතුරු මුහුණත් සහ චැට් බොක්ස් පහසුකම්

එදිනෙදා කාර්යාල වැඩ කටයුතු පහසුකර ගැනීම වෙනුවෙන් වැඩි දියුණු කරන මෙම පහසුකම් නිසා නුදුරේදීම ඇමෙරිකානු කාර්යාලවල කෘත්‍රිම බුද්ධි බිහිවීමට ඉඩ ඇති බවයි තාක්ෂණික විචාරකයින්...

Facebook තහනම ඉවත් කරන දිනය මෙන්න

Facebook සමාජ ජාලයට තිබු තහනම 16 වන දින ඉවත් කරන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා. Facebook සමාජ ජාලා තහනම සම්බන්ධයෙන් කටයුතු කිරීමට එහි...

හිස් බඩ නොකළ යුතු දේවල් 6ක්

ඔබ උදෑසන අවදි වූ විගස අනුගමනය කරන සමහර ක්‍රියා ඔබගේ සෞඛ්‍යට දීර්ඝ කාලින බලපෑම් ඇති කරන බව විද්වත්හු පවසති. ඒ අනුව උදෑසන අවදි වූ...

සිවිල් නීතිය ගැන දන්නවද

අපි සමාජයේ ජිවත් වෙනකොට නීතිය ගැන සාමාන්‍ය දැනීමක් හෝ තිබීම අත්‍යවශය කාරණාවක්. නීතිය, සිවිල් නීතිය, අපරාධ නීතිය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා.  අපි අද ලිපි...

Music Fest 2018

කින්ග්ස්වූඩ් විද්‍යාලීය කොළඹ සංසදය විසින් සංවිධානය කරනු ලබන Music Fest 2018, මාර්තු 18 වන දින විහාරමහාදේවි විවෘත රඟහලේදී සවස 7.00 සිට පැවැත්වේ. චිත්‍රාල් ,...

ආවාට ගියාට ඇඳුම් තෝරන්න එපා

ඇඳුම් පැළදුම් කියන්නේ ඕනිම කෙනෙකුගේ පෞර්ෂයට බලපාන ප්‍රධාන දෙයක්. ඇඳුමෙන් ඔබේ ප්‍රතිරූපය නංවන්නත් විනාශ කරන්නත් පුළුවන්. තමන්ගේ හැඩරුව ඉස්මතු කරන, ප්‍රසන්න හැඟීම් ඇතිවන ඇඳුම්...

භාණ්ඩ අලෙවියට හොදම ක්‍රමය කුමක්ද

කාගෙන් හෝ ණය මුදලක් ලබාගෙන එහෙමත් නැත්නම් ආයතනයකින් කුඩා ණය මුදලක් ලබාගෙන ස්වයං රැකියාවක් ආරම්භ කර දිවි දිනන්නට උත්සහ කරන බහුතරයක් අපි අතරේ සිටිනවා. ස්වයං රැකියා...

උයන පිහන මේ රහස් ටික දන්නවනම් ඔයාටත් පුළුවන් හොඳම ගෘහණිය වෙන්න

ඔබට ඔබේ කෑම වල රසය සහ ගුණය වැඩි කර ගන්න පුලුවන්නම් රසකාරක නොයොදන එක ඔබේ ශරීර සෞඛ්‍යටද ඉතාමත් හිතකරයි. අද අපි ඔබට කියලා දෙන්නේ...

සතියේ ඉරණම

මේෂ ලාභ ප්‍රයෝජන අඩුයි. තමන් කරන කියන යම් යම් කටයුතු නිසා සිත් තැවුල් කණගාටු පාඩු සිදුවිය හැකියි. සති අග කතාව වැඩි වේ. හිතවතුන් ලං වේ.විනෝදයෙන්...