අත හැරීම කියන්නේ ජීවිතය තුල අප මුහුණපාන ඉතාම අසීරු මොහොතක්. දෙදෙනෙකු අතර ඇති වූ සම්බන්ධතාවයක් බිඳ වැටීමකදී ඔබ බොහෝ ආදරය කල අයෙකු අත හැරීමේ අපහසුව, දුක, වේදනාව, අපි හැමෝම අත්දැක තියනවා. ගොඩක් වෙලාවට මෙම අපහසුතාවය ඇති වන්නේ සම්බන්ධතාවය නවත්වා තවත් තවත් සහකරුවෙකු / සහකාරියක සමඟ ජිවත් වන පුද්ගලයා නොව තනි වූ පුද්ගලයායි. එවැන්නකට මුහුණ දීම තමන්ගේ ජිවිතයේ ලද වේදනාමකාරි අත්දැකීමයි.

කෙසේ වෙතත් සම්බන්ධතාවයක් කියන්නේ ජිවිතයේ අවසානය නෙවෙයි. කල යුත්තේ ඒ වේදනාවෙන් මිදී ජිවිතයට මුහුණ දීමයි. එවැනි අවස්ථාවක සිත් රිදවීම් දරාගෙන ජිවිතයට මුහුණ දෙන ආකාරය ගැන ඇති අවම දැනුම නිසා වටිනා ජිවිත අකාලයේ අපෙන් සමුගෙන ගිය අවස්ථා අපි අසා තිබෙනවා. ඔබත් එවැනි සිත් රිදවිමකින් පෙළෙනවා නම් ඉන් මිදීමට ඔබට කළහැකි දේ කිහිපයක් ගැන දැනුවත් කරන්නයි මේ හදන්නේ.

ඔබට අවශ්‍ය නම් හඬන්න, දුක් වෙන්න
වෙන්වීමක් කියන්නේ හිතට ගොඩාක් වේදනාබර අවස්ථාවක්. ඔබේ සියළුම බලාපොරොත්තු බිඳ වැටුනා සේ ඔබට හැගේවි. අතීතයේ සිදුවීම් ඔබට මතක් වූ විට කෑ ගසා හඬන්නට සිතේවි. දරාගන්න බැරි වේදනාවක් දැනේවි. එවැනි අවස්ථාවක ඔබ පුද්ගලික ස්ථානයකට ගොස් අඬන්න, හැකිතාක් අඬන්න. කෑ ගසා ඔබේ දුක පිඩාව පිට කරන්න. එමගින් ඔබේ ශරීරයේ ඇති පීඩාකාරී හෝමෝන නිසහස් වී ඔබට සහනයක් ලැබෙන අතර නොහඬ දුක සිතේ සිර කරගැනීමෙන් හිසරදය, රුධිර පීඩනය වැනි අතුරු ආබාධ පවා ඇතිවිය හැක. ඒ නිසා ඔබේ දුක කෑ ගසා හඬා පිට කරන්න.

සත්‍ය තත්වයට මුහුණ දෙන්න
මේතාක් කල් ඔබ අසලින්ම රැඳී සිටි අය ඔබ ළඟ තවදුරටත් නොමැති බව එකවරම පිළිගැනීමට බොහෝ අපහසුයි. විශේෂයෙන් දහසක් බලාපොරොත්තු දී හෙට දවසේ ජීවිතය බෙදා ගන්නට සිහින මැවූ තැනැත්තා අන් අයෙකු හා නව ලොවක් සොයා ගිය බව පිළිගැනීමට අපහසුයි. නමුත් ඒ කටුක සත්‍යට ඔබ අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතුමයි. ඔබ හැරගිය තැනැත්තා නැවත එතැයි බලාපොරොත්තුවෙන් සිටිනවාට වඩා සත්‍ය පිළිගෙන ජිවිතයට මුහුණ දෙන්නේ කෙසේද කියා සිතීම වඩාත් වැදගත් වේ.

ඔබට ආදරය කරන්න
මෙවැනි අවස්ථාවක නොකා නොබී හඬා වැළපෙමින් කාමරයෙන් හෝ නිවසින් පිටතට නොයා දුක්විම සාමාන්‍ය තත්වයක්. පැරණි මතකයන් අළුත් කරමින් දුක්විම කිසිසේත්ම පලක් නොවන බව තේරුම්ගත යුතුයි. දුක්වෙමින් ලත වෙනවාට වඩා හොඳින් ආහාර ගන්න, නිසි ව්‍යායාම් වල නිරත වෙන්න, අලංකාර ඇඳුමකින් සැරසි ඔබ ඔබගැනම ආදරයක් ආශාවක් ඇතිවෙන ආකාරයට එදිනෙදා වැඩ වල නිරත වෙන්න. ඔබ ඔබවෙනුවෙන් කාලය වැය කරන්න, ඔබ වෙනුවෙන් කල නොහැකි වූ දේ සහ අතපසු වූ දේ කිරීමට අවස්ථාවක් කරගන්න.

අලුත් යමක් ඉගෙන ගන්න
අතීතය ගැන සිතමින් නොහිට ඒ වැයකරපු කාලය කල දේවල් ගැන දුක් නොවී ඔබේ කාලය වැඩදායි දෙයකට යොමු කරන්න. අලුතින් යමක් ඉගෙනගන්න කාලය යොදවන්න, එයින් ඔබගේ රැකියාව සම්බන්ධව වැඩිදුර අධ්‍යනයක්, විනෝදාංශයක් හෝ අමතර ආදායමක් සඳහා ඉවහල් වන දෙයක් විය හැකියි. එවිට ඔබගේ ශක්තිය කාලය ඵලදායි දෙයකට යෙදවීම කෙතරම් වැදගත්ද කියා ඔබට කාලයත් සමඟ වැටහේ.

සියලුම සම්බන්ධකම් අත හරින්න
ඔබට මෙම බිඳුණු සම්බන්ධතාවයේ වේදනාවෙන් මිදී ඔබේ හෙට දවසට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය නම් ඔහු / ඇය සමඟ ඇති සියලුම සම්බන්ධතාවයන් නවත්වා දමන්න. දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, සමාජ ජාල වෙබ් අඩවි මේ සියල්ලෙන්ම ඔවුන්ව ඈත් කර තබන්න. මෙලෙස සියලුම සම්බන්ධකම් නවත්වා ගත කරන කාලය තුල ඔබට හොඳින් සිතා බැලීමට හැකියාව ලැබෙනු ඇත. ඔබට අවශ්‍ය මිතුරන් ලෙස සිටීමද, කිසි දිනෙක ඔවුන් සමඟ යලි සම්බන්ධතාවයක් ඇති කර නොගැනීම ද යන්න මෙහිදී ඔබට විවේකිව සිතා බැලීමට අවස්තාවක් ලැබෙනු ඇත.

ඔබේ අදහස් පළ කර හිත නිදහස් කරගන්න
සම්බන්ධතාවයක් අවසානයේ ඔබට පවසන්න තේරුම් කරන්න බොහෝ දේ තිබිය හැක. ඔබ තුල ඇති දහසක් දේ පවසන්න ඒවාට ඇහුම්කන් දී පිළිතුරු සපයන්න අදාළ පුද්ගලයා අසලකවත් නොමැති විට ඔබේ සිතුවිලි සිත තුල සිර කර පිඩා විඳිනවට වඩා ඔබ ඒ සම්බන්ධව කතා කල හැකි අයෙක් වෙත ගොස් කතා බස් කොට සිත නිදහස් කර ගැනීම වඩාත්ම උචිත දෙයයි. ඒ ඔබේ විශ්වාසවන්තම මිතුරෙක් / මිතුරියක් / වෘත්තිමය උපදේශකවරයෙක් විය හැකියි. මෙවන් අවස්තාවක ඔබ දන්නා හඳුනන කෙනෙක් වෙත යනවාට වඩා උපදේශකවරයෙක් වෙත යෑමෙන් ඔබේ සිතුවිලි නොහඟ පැවසිය හැකියි. එවිට ඔහු / ඇය ඔබේ සිත් තැවුලෙන් මිදීමට අවශ්‍ය මනා උපදේශන සේවාවක් ලබා ගත හැක.

කාලයට ඉඩ දෙන්න
අවසාන වශයෙන් ඉතාම වටිනා සහ වැදගත් දෙය නම් ඔබේ දුක පිඩාව අවම කිරීමට කාලයට ඉඩ දීමයි. අපට අපේ ඕනෑම ප්‍රශ්නයකදී කාලය තරම් හොඳ විසඳුමක් තවත් නැති තරම්. අපට මුහුණදෙන කිසිඳු අවස්තාවක හෝ සිදුවිමක වර්තමාන තත්වය එහි අවසාන අවස්ථාව නොවන අතර කාලය සමඟ ඕනෑම සිදුවිමක ඇති නවතාව, සතුට, දුක, කෝපය, කලකිරීම, වේදනාව වියැකී යයි. මේ ලෝකය තුල සත්‍යට පිටුපාන කිසිදු සිදුවීමක් අප කිසිවෙකුගේ ජීවිතවල නැත.

 

 

උපුටා ගැනීමකි

ආදරය අහිමි වූ පසු දුක් විඳින්නේ නැතුව ජිවිතයට මුහුණ දෙන්න

ලොවක් දිනු චණ්ඩි කෙල්ලෝ දෙන්නෙක්

2016 වර්ෂයේදී තිරගත වූ මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ වෙනස්ම ක්‍රීඩාවකට යොමු වූ දියණියන් දෙදෙනෙකු ගැනයි. බොහෝ ආසියාතික රටවල සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙකුගෙන් බලාපොරොත්තු වන්නේ ලස්සන, හේ...

භාණ්ඩ අලෙවියට හොදම ක්‍රමය කුමක්ද

කාගෙන් හෝ ණය මුදලක් ලබාගෙන එහෙමත් නැත්නම් ආයතනයකින් කුඩා ණය මුදලක් ලබාගෙන ස්වයං රැකියාවක් ආරම්භ කර දිවි දිනන්නට උත්සහ කරන බහුතරයක් අපි අතරේ සිටිනවා. ස්වයං රැකියා...

ඔබේ කන්‍යා පටලය ගැන ඔබ දන්නවා ද ( අතිශයින්ම කාන්තාවන්ට පමණයි )

මංගල යහනේදී පිරිමි ඉල්ලා සිටින්නේ කාන්තාවගේ පිරිසිදුකම තහවුරු කරන කන්‍යාභාවයයි. 21 වන සියවසේදීත් ආසියාතික රටවල කන්‍යාභාවයට විශාල වටිනාකමක් තියනවා. අතීතයේ පටන් කාන්තාවකගේ කන්‍යාභාවය පරික්ෂා...

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...

විවාහකයි නම් මොහොතක් නැවතිලා කියවලා යන්න

ගෑණු ලමයෙක් කවදා හරි මව් පදවිය ලබනවා.මව් පදවිය ලැබුවට පස්සේ අර කෙළිදෙලෙන් ගත කරපු කාලය එතනින් ඉවරයක් වෙන්වා. දැන් මවක් විදියට ඉන්න ඔනේ, ළමයි...

Pocket එකට match වෙන්න shopping කරමු

ඇඳුමක් ගන්න සාප්පු ගානේ යන එක හරිම යුද්ධයක්. සේල් සේල් කියල බෝඩ් ගහල තිබ්බට ඒවගේ ගොඩක් වෙලාවට තියෙන්නේ බාල රෙදි වලින් මහපුවා.. එහෙමත් නැත්නම්...

තම හොඳම මිතුරන් සමඟ විවාහ වූ බොලිවුඩ් තරු

ශ්‍රී ලංකාවේ අපි සිනමා රසිකයින් විදියට ඉන්දියාවේ බොලිවුඩ් තාරකාවන් ගැන තිබෙන්නේ නිරන්තර අවධානයක්.මේ සිනමා තාරකාවන්ගේ ආදර කතාත් ඒ තරම්ම අපේ කුතුහලය අවුස්සන සුළුයි.මෑතකදී ඉන්දියාවේ...

අනුන් නිසා කැළඹෙන ජාතිය

ලංකාවේ ෆේස් බුක් වාසින් තරම් බෙංගාල බොක්ක කැළඹෙන්නේ නැත. අඩුම ගාණේ සුළි සුළඟකට අසුවන තුත්තිරි ගහක්වත් එලෙස කැළඹෙන්නේ නැත. වැඩිමනක් කැළඹෙන්නේ ඕපා දූපා සෙවීමට කිසි...

ඔලිම්පික් දිනු පෝලියෝ රෝගී කළු කෙල්ල

අපි හැමෝම දකින හැම හැම හීනයක්ම සැබෑ කරන්න පුළුවන්නම් කොච්චර හොඳ ද? පුංචි "විල්මා" ටත් හීනයක් තිබුණා. ඒ ඔලිම්පික් රන් පදක්කමක් දිනන එක. හැබැයි...