Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

වාරයක් වැරැද්දක් ගානේ ඉගෙන ගත්තේ පාඩමක්

හ්ම්ම්ම්ම්ම් පැටියෝ අදත් බීවා නේද?

අනේ අම්මී පොඩ්ඩක් ගත්තා දන්නැද්ද ඉතින් යාලුවෝ සෙට් උනාම.

පෙරේදත් සෙට් උනේ නේද පොඩ්ඩක්..

ඒ පෙරෙදනේ මේ අද..

දවස් දෙකකට පසු..

තාත්තී මේ මොන විකාරයක්ද දෙයියනේ තාත්තිලාගෙ අම්ම එහෙන් කෑ ගහන්ව මට තාත්තිය පොඩ්ඩක් කියන්න බොන එක සිගරට් බොන එක අඩු කරන්න කියලා කවද්ද මේක ඉවරයක් වෙන්නේ.

අනේ දෙයියෝ අද අපේ කොල්ලෙක්ගෙ බර්ත්ඩේ පර්ටියක් මන් ආදරෙයිනේ මගෙ පනට.

මේ විනූගෙයි සදුන්ගෙයි ආදරේ.සදුන් ස්කෝල් ගිහින් ඉවර වුන කාලේ ඉදන්ම බොන එකමයි වැඩෙ .මේ දෙන්න විවාහ වෙන්න ගෙදරින්ම කැමැත්තා දීලා තියෙන්නේ. අවුරුදු තුනක ආදර සම්බන්දතාවය ගෙදරට කිව්වම දෙපැත්තෙන්ම අකමැති උනේ නෑ දෙන්නට. ඒත් දෙන්නමටම ජොබ් නෑ .ජොබ් හොයා ගන්නකම් කසාද බෑ කියලා විනූලගෙ ගෙදරින් නිතියක් දැම්මා. ඒත් සදුන්ටනම් ගානක්වත් නෑ ඒ ගෑන.කොල්ල සෙල්ලක් කාරයි.ඒවගෙම ඕනම කෙනෙක්ට අවංකයි.ඒ නිසා යාලුවොන්ට පන ඇරලා ආදරෙයි. යාලුවෝ කිව්වොත් අයේ ඉතින් මොකුත් මතක නෑ. බීමත් පුරුද්දක් කර ගත්තේ නරක යාලුවෝ නිසාමයි..

පැටියෝ මට ගෙදර ඉදලා එපා වෙලා ගොඩක් කාලෙකින් හම්බුනෙත් නෑනේ අපි යමුද හෙට කොහෙ හරි..

හා සුදු මැනික අපි යමු මන් එන්නම් ඔයාව ගන්න මගට.

හරි පැටියෝ.

දෙන්නම ගොඩ කාලෙකට පස්සේ මීට් උනා…ගෙවල් වලින් දන්න නිසා එච්චරම විනූ ට ගෙදරින් එලියට එන්න දෙන්නේ නෑ. ඕකනේ ඉතින් ගෙවල් වලට කිව්වම හම්බෙන ලොකුම දඩුවම…..

අනේ තාත්තියෝ බලන්නකෝ තාත්තිගේ තොල් දෙකේ හැටි. දම්පාට වෙලා…..

හී හී හී

මූනත් ඇදීලා ගිහිල්ලා…

හී හී හී….

හීහී තමා කෝ බලන්න සක්කුව….

අනේ ඈයි….

සදුන් සාක්කුව හන්ගන්න උත්සාහ කලා…..

ආ අදත් සිගරට් පෙට්ටිය සාක්කුවේ කෝ මෙහෙ දෙනවා.කෝ ලයිටරේ .මෙවා කොච්චර කිව්වත් නවත්තන්නේ නෑ නේ මේ හැමදේටම වැරදි මන්.මොක්ද මන් පාටියකදි බීවට කමක් නෑ කිව්වා එක තාමා වැරද්ද එක පුරුද්දක් කර ගත්තා…..

විනූ සදුන්ගේ සක්කුවේ තිබ්බ සිගරට් පෙට්ටියෙන් එකක් අරන් ලයිටරෙත් අරගෙන කටේ තියලා පත්තු කරගත්තෙ පාලු රේල් පාරේ කවුරුත්ම ඉන්නවද කියලා බලන ගමන්.

ඒ ඒ සුදු මැනික මේ පිස්සූ නම් නටන්නෙපා කෝ දෙන්න මෙහේ….

බෑ බෑ දෙන්නෙම නෑ මත් අද ඉදන් සිගරට් බොනවා.බියර් අරක්කූ බොනවා…..

හරි මන් අයේ බොන්නේ නෑ පිස්සු නැතුව දෙන්න සොරි සොරී…

සදුන් සිගරට් එක උදුරලා අරන් විසි කළා …ඊට පස්සේ වටපිට බලලා විනූට කටට කිස් එකක් දුන්නා….
කොල්ලට පට්ට අවුල් ගියා කෙල්ල කරපු වැඩේට..එත් කොල්ලට සිගරට් අරක්කූ පුරුදු වෙලා.
තාත්තත් නැතුව හැදුන නිසා අම්මගෙ වචනේ නම් සදුන් අහන්නෙම නැති තරම්…

විනූට ටික දවසක ඉදන් සදුන්ගෙ වෙනසක් තේරුණා.. වැඩියා කතා කරන්නෙත් නෑ.ඒත් කතා කලත් මාර විදියට පොර ටෝක් දිලා කථාව කොල්ල හැරෙනකොට දන්න කෙල්ලට පට්ටම සැකයක් හිතට ආවා….

සතියක් විතර පොඩ්ඩක් චෙක් කරලා බෑලුවා.
ඉන්නම බැරිතැන ගියා සදුන්ගේ ගෙදර කියාන්නෙම නැතුවා.උදේ පාන්දරම.සදුන් කිව්වේ ගෙදර ඉන්නෙ කියලා.මාර වැඩෙ ගෙදර යන කොට අම්ම විතරයි ගෙදර …

හෙලෝ පැටියෝ.නිදිද?

අනේ මොක්ද අම්මි මේ උදේ පාන්දරම….මන් මෙ නිදි තාම.

එහෙනම් ඇදෙන් නැගිටලා එන්න සදුන් මන් මේ ඔයාගෙ කාමරෙ ඉන්නේ…

අහ් අහ් අම්මී අනේ මේ මේ

විනූ පෝන් එක කට් කලා. කොල්ලා හෝ ගලා කෝල් ගත්ත කෙල්ල කට් කලා.අම්මට කියලා තියෙන්නේ බන ගෙදරක යනවා කියලා..

පැයක් විතර ගියාට පස්සේ සදුන් ගෙදර ආවා…

අම්මේ කෝ විනූ ගියාදා….

ආන් කාමරේ උබට හොද වැඩෙ අද වෙන්නේ ආන් හොදටම තරා ගිහින් ඉන්නේ දුවට….බොරු කියලා හොදවැඩේ..

සදුන් දුවාගෙන ගියා කාමරෙට..

අනේ සුදු අම්මි අනේ මට සමාවෙන්න පැටියෝ අනේ දෙයියෝ මන් අම්මි බනින නිසා බොරු කිව්වේ මන් කැලුම්ලා දිහා ගියා….

විනූ කටවහගෙන මූනේ හිනාවක් අමාරුවෙන් මවාගෙන සදුන් දිහා බලන් හිටියා..

අනේ අම්මී සමාව අනේ දෙන්න අම්මි.

හරි පැටියෝ සමාවදුන්නා..කාලද මගෙ පන…

සදුන්ට හිතාගන්න බෑ ඇයි විනූ බනින් නැත්තේ කියලා…

අනේ අම්මි ඔහොම කරන්නෙපා මාව දලා යන්නද හදන්නේ අනේ මට බනින්න ඇයි කටවහන් ඉන්නේ අනේ අම්මි….

ඇද ඉඩ ඉදන් හිටිය විනූගෙ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන සදුන් නහයෙන් අඩන්න ගත්තා…
විනූ සන්සුන්ව බලන් හිටියා.

කාමරේ පුරාම බීඩි කොට ඇයි මේ කියලා විනූට හිතා ගන්න බැරි උනා.සදුන් බලන් ඉද්දී විනාස වෙනවා කියලා විනූට හිතුනා….

අම්මී මන් ඉක්මන්ට ටොයි ගිහින් එන්නම් අම්මි තරහ නෑනේ.

හ පැටියො.

විනූ ටොයිලට් එකට ගිහින් ටික වෙලාවකිම් ආවා…

අම්මො අම්මී ලූස්මෝශන්..

ඒ මොකද අනේ පැටියෝ.එදත් ටවුමට ආපු වෙලේ ටොයිලට් ගානෙමයි හිටියේ.මොකද මේ දැන් හෙන කාලෙයක්නේ….

අනේ දන්නෑ පැටියො මන් ටිකක් ඇලවෙනවා….

හා මන් යන්නම් තාත්තියෝ එහෙනම්

අම්මි තරහ නෑනේ.

නෑ සුදු මහත්තයෝ අයෙ මට බොරු කියන්නෙපා…

නෑ මනික උම්ම එකක්

උම්ම්මාආ… මැට්ටා…

හිනා වෙලා ගියාට විනූගෙ හිතට
හරි නෑ….විනූට මොකක්දෝ
සැකයක් හිතට ආඅවා….ඉස්සර වගේ ගෙදර ආවත් යන්න එපා කියලා තියාගන්න තරම්වත් උවමනාවක් සදුන්ට නෑ දැන් විනූ ගැන….

දවසක් විනූ සදුන්ගෙන් මේ ගැන

අහනව කියලා හිතා ගෙන කෝල්
එකක් ගත්තා…

සුදු මහත්තයා මට තාත්තිගෙන් පොඩි දෙයක් අහන්න ඕනේ….

මොකද්ද මැනික…

මගෙ පනට මන් ඇරුනම වෙන කෙල්ලෙක් ඉන්නවද…?

මොන කෙල්ලොද අම්මි අම්මි දන්නවනේ මන් ඔය කෙලි සීන් එකේ නෑ කියලා….

එහෙනම් තාත්ති මොනාට හරි ඇබ්බැහි වෙලාද ඉන්නේ….

……………….

තාත්තී ඇයි කතා නැත්තේ…

අම්මිට මන් කියන්නම් සේරම. මට මේ ලෝකේ අම්මියි අපෙ අම්මියි ඇරුනම වෙන වටින දෙයක් නෑ.. ඒත් මන් තැනක වරද්ද ගත්තා අම්මි. මට ඒ වැරැද්ද හදා ගන්න බෑ මගෙ අම්මියෝ….

මොකද්ද මැනික කියන්න

මන් කුඩු ගහන්න පුරුදුවෙලා ඉන්නේ අම්මියෝ…..

අහ් එහෙමද මගෙ දෙයියෝ කියන්න කියන්න දිගටම මගෙ පන කියන්න මන් අහගෙන ඉන්නෙ රත්තරනේ…..

විනූගෙ හිත කලබල උනත් ඒ කිසීම දෙයක් අගවන්නෙ නැතුව කලබල නොවී සදුන්ගේ කතාව ඇහුවා…

විනූට හිතා ගන්න බැරි උනා විනූ හිතුවේවත් නැති පැත්තකට සදුන් ඇබ්බැහිවෙලා… විනූ හිතුවා සදුන්ව ලගින්ම ඉදන් බලාගන්නවා කියලා…ඒ වගෙම සදුන්ට ඉන්නේ අම්ම විතරයි අම්මට මේ ගැන නොකියා ඉන්නා හිතාගත්තා..ඒත් විනූට තේරෙනේ නෑ මේ දේ බරපතල කම තාමත්…

තාත්තියෝ මේ අහ ගන්න අපි කොහොම හරි ඕකෙන් බේරෙමු…මන් තාත්තුව හම්බෙන්න හැම දාම එන්වා..තාත්තී මුලූ දවසම ඉන්නේ මා එක්ක එතකොට තාත්තිට බෑනේ ඒව හොයන් යන්න…

හා අම්මියො මන් උපරිම මගෙ හිත පාලනේ කරගන්න ට්‍රයි කරන්ව මගෙ අම්මියෝ….මට බඩ යන්නේ හැමවෙලේම ඒවට ඇබ්බැහිවෙලා නිසා අම්මියෝ…අනෙ මට බයයි මගෙ අම්මියො.

ආයේ ඒ යාලුවෝ හම්බෙන්න තාත්ති යන්නෙපා හොදද මන් යන්න දෙන්නෙත් නෑ මගෙ පනට…

කිව්වා වගෙම විනූ හැමදාම සදුන්ව ඇහැක්වගෙ මුලුදවසම ලග තියාගෙන බලාගත්තා…හරියන්නේ නෑ එයට ඒ වේදනාව ඉවසන්න බෑ. සදුන්ට එව්වා ඕන වෙනකොට ඇගට දැනෙන වේදනාව උහුලන්න බෑ…කොල්ලා ඒව්ව හොයාගෙන යනවා. අම්මට බොරු කියලා කියල සල්ලි අරන් එව්ව හොයාගෙන යනවා…

මැනික මට බෑ මේ වේදනාව ඉවසන්න දෙයියෝ…..

තාත්තීයෝ තාත්තීට පුලුවන්නම් මේක අම්මට කියන්න පීලීස්ස්ස්ස්ස්….

අම්ම පපුව පැලිලා මැරෙයි රත්තරනේ. මෙහෙම කාලකන්නි දරුවෙක් හැදුවට අම්ම දුක් වෙයි මගෙ දෙයියෝ… මට ඉන්න බෑ අම්මියො මන් යන්ව අම්මියෝ එව්වා ගන්න..

……………………..

විනූ මේ ලෝකේ කෙල්ලෙක්ට ඉවසන්න බැරි ලොකූ දුක් කන්දරාවක් ඉවසනවා.ඒත් එක කදුලක් හෙලන්නේ නෑ කෙල්ලා.අම්මට නොකියා ඉදල හරියන්නේ නෑ කියල තේරුනා .විනූ එහෙමම සදුන්ගෙ අම්මට කෝල් එකක් ගත්තා….

විනූ හැමදේම කිව්වා.අම්ම හෝ ගලා අඩනවා.කෙල්ලටත් පට්ටම දුකයි…..
අම්ම ඒත් විනූට හිතා ගන්න බැරි දෙයක් කිව්ව .අම්ම ගාව මෙකට විසදුමක් තිබ්බා…

පුතේ මන් දන්න යාලුවෙක්ගේ හස්බන්ඩ් කෙනෙක් ඉන්න්ව පුනරුත්තාපන කඳවුරක වැඩ කරන්නෙ අනෙ පුතේ… සදූන්ට ඔයා ගමනක් යනවා කියලා එක්කන් එන්න මාත් එක්ක පුනරුත්තපනෙට එක්කන් යන්න මන් එක්කන් යන්න ගියොත් සැක හිතෙයි..

හා අම්මේ මන් එක්කන් එන්නම්
මන් කියන්නම් අපි තුන්දෙනාම අම්මලගෙ අක්කල දිහා යන්න කතා උනා කියලා එක්කන් එන්නම්

හා පුතේ.මගෙ දෙයියට පින් මේ කරන එව්වට…

දෙන්න කතා උනා වගෙම එදා සදුන්ලගෙ කර් එකෙ ගියා කොළඹ …ලොකු අම්මලා දිහාට නෙවෙයි යන්නේ කියලා තේරුන ගමන්ම කොල්ලට සැක හිතිලා කොල්ල කෑගහන්න පටන් ගත්තා….කෙල්ලටත් ගැහුවා….අම්මට මාරම අවුල් අම්ම ඉක්මන්ට වාහනේ හරව ගත්ත අඬ අඬම..ආපහු ගෙදර ආවා හෑමෝම….

මෙහෙම ටික කාලෙයක් ගෙවිලා ගියා.කෙල්ලට හොදටම සැරවැර කරන්ව දැන් කොල්ලා.වෙලාවකට සදුන්ට විනූව පෙන්නන්න බෑ. වෙලාවකට පන ඇරල ආදරෙයි…විනූට වෙලාවකට ගහන්නත් එනව ගෙදරට යන්න ඇර පිටදි විනූ සදුන්ව හම්බුනේ නෑ. මුලු ජීවීතෙම දැන් ආපායක් වෙලා..

ආදර වදන් නෑ…හුරතල් කරන්නේ නෑ.ඉබින්නේ නෑ.කෑවද බීවද හොයන්නේ නෑ.කොටින්ම කිව්වොත් කෝල් කරන්නෙත් දවස් තුනකට සැරයක් වගෙ.සදුන්ගෙ තත්ත්වෙ එන්න එන්නම දරුනු උනා.ගෙදර තියෙන රත්‍තරන් බඩු වටිනා බඩු පවා විකුණලා සල්ලි කරන්න සදුන් පෙළඹුනා.. සදුන්ගෙ අම්මා පුනරුතපනෙට ගෙනියන්න උත්සාහ කලත් හරිගියේ නෑ විනූනත් මේ ජීවිතේ එපාම උනා….

ඔහොම ටික කාලෙයක් පාලුවේ ඉන්නකොට විනූට ෆේස්බුක් ප්‍රේම වන්තයෙක් හම්බුනා වෙස්මූනක් දාගෙන ඉන්න.ඒ ප්‍රේමවන්තයාගෙ හැටි දැන දැන විනූ එ කොල්ලත් එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තා. සදුන්ට සමුදිලා….

සදුන් ඔයා ඕවත් එක්කම ඉන්න මට වෙන කෙනෙක් හම්බුනා ගුඩ්බායි….

විනූ සදුන්ට මැසේජ් එකක් දැම්මා…ඒත් සදුන්ට සිහියක්වත් නෑ ඒ මෑසේජ් එකක්වත් කියව ගන්නා…ඒ තරමටම සදුන් වෙනම ලෝකෙක හිටියේ…..

දවස් තුනකට පස්සේ සිහියෙන් ඉන්න වෙලාවක සදුන් විනූ එව්ව මෑසේජ් දැක්කා දෙයියනේ එතකොට තම කොල්ලට තරු පෙනුණේ.
එහෙමම විනූට කෝල් එකක් ගත්තා….

කොහෙද ඉන්නේ මගෙ රත්තරනේ..

මන් ආව මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් හම්බෙන්න ඇයි…

අනේ අම්මියෝ මට මෙහෙම කරන්නෙපා..

විනූ පෝන් එක කට් කලා…සදුන් එහෙමම ඇදුමක් ඇදන් ඉක්මන්ටම ටව්මට ඇවිල්ල විනූ ඉන්නව ඇති කියලා හිතෙන හැම තැනකම බැලුවා…හොයා ගන්න බැරි උනා…බලාපොරොත්තු සුන්වුනා .සදුන් ගෙදර යන්න බස් එකකට නැග්ගා…

මොනවා අම්මි ඔයා….

විනූ ඇස් දෙක ලොකු කරගෙන බයවෙලා බලන් ඉන්න්වා. විනූ ඉක්මන්ටම එහා පැත්තේ හිටිය කොල්ලගෙ අද අතෑරියා…විනූ එයාගෙ අලුත් ප්‍රේම වන්තෙයත් එක්ක බස් එකෙ පස්සම සීට් එකෙ ඉදන් එනකොට සදුන් නැග්ග ඒ බස් එකට.දෛවය මේ දෙන්නව මුණගස්සන්න ඇති අපි එහෙම හිතමු….

අම්මි මේ එයාද..
අනේ අම්මි ඇයි මෙහෙම කලේ මට..

අනේ පිලීස් සදුන් කෑගහන්න එපා මෙතන මගෙ අත අතාරින්න…

සදුන් අඩන්න පටන් ගත්තා විනූගෙ අතත් අල්ලගෙන…විනූගෙ අලුත් ප්‍රේම වන්තයා කටවහගෙන ලජ්ජවෙන් බලන් ඉන්නවා…ඊට පස්සේ අලුත් වෙස්මුනු ප්‍රේම වන්තෙයගෙ ඉල්ලිමකට තුන් දෙනම බහිනව බස් එකෙන්…

අනේ මචන් මට මගෙ කෙල්ල දීපන් පිලීස්…මන් මගෙ පනට ආදරේ කලෙ මටත් වඩා බන්…මන් වැරදි කල එක ඇත්ත අනේ ඒත් මන් ගෑනු මාරු කලේ නෑ බං.මේ මගෙ ජීවිතේ බන් මට මගෙ කෙල්ල දීපන් බන්න්න්..

මේ නංගි මොකද්ද මෙ ලජ්ජව. මෙ මචන් එයා කැමතිනම් මට අවුලක් නෑ. නංගි ඔයා කැමතිද මෙයට…

නෑ මන් කැමති නෑ ආපහු ඒ අපායට යන්න..

අනේ එහෙම කියන්නෙපා මගෙ අම්මියෝ මන් මොකක්ද මගෙ පනට කරපු වැරැදද මන් අරෙහෙම වැරදි කලාට කවදවත් වෙන කෙල්ලො පස්සෙ ගිහින් අම්මිව අතැරල තියෙන්වද.අස මොනාද යන්න කැමති කොහෙද ඒ හැමදෙම දුන්නේ ආදරෙට රත්තරනේ අපි කොච්චර ආදරෙන් හිටියද මගෙ වැරදි නිසා මට මගෙ අම්මිව නැති උනා මගෙ රත්තරනේ මට අම්මි නැතුව ඉන්න බෑ…අහ් අහ් අහ්

කවදාවත් සදුන්ගෙ කදුලක් නොදැකපු විනූ ඇස් වල කදුලු පුරෝගෙන වෙස්මුනු ප්‍රේමවන්තයාගෙන් තමාව ඉල්ලන හැටිත්. විනූගේ ආදරෙ ඉල්ලන හැටිත් බලාගෙන හිටියා.
තුන් දෙනාම ආපහු බස් එකට නැග්ගා…

සදුන් විනුව ඇදල අරන් වෙන සීට් එකකින් වාඩි කරවලා අනිත් කොල්ලට පෙන්නේ නැති වෙන්න හිටගත්තා…

අනේ අම්මි ඌව මන් දන්නවා. ඌ ගෑනු පෙරේතයා අම්මි විනාස වෙන්නයි හදන්නෙ අම්මියො.. ගෑනියෙක් වෙන්නද දගලන්නෙ අම්මි… මෙච්චර දවසක් අම්මිව මන් කිලිටි නොකර තියා ගත්තෙ පෝරුවට නග්ගන්න බලාගෙන මගෙ දෙයියෝ. මගෙ කාලකන්ණි මෙහෙම කරුමෙකට ඇබ්බැහි උනාට මන් ආදරෙයි මගෙ දෙයියෝ…

මට බෑ කුඩුකාරයෙක්ව බදින්න…

මන් ඒ හැමදේම නවත්තන්නම් අම්මි…අනේ මට අම්මි නැතුව ඉන්න බෑ…

මට එච්චර දෙයක් නෙවෙයි මේ කොල්ලව අතාරින එක මොකද මට කවුරුත් හිටියේ නෑ මගෙ දුක කියන්න මට පවුලෙ අයට මෙව කියන්න බෑ ඒ දුක් කියන්න ගිහින් තාමා මෙ කොහෙවත් යන කොල්ලෙක්වා මට හම්බුනේ. මන් මේ කොල්ලව අතාරිනව තාතතියෝ මන් දන්නව මූත් මට ආදරේ නෑ කියලා.. හැබැයි එක පොරොන්දුවක් පිට.

මොකද්ද අම්මි කියන්න…මන් ඕනම දෙයක් කරන්වා..

හෙටම පුනරුත්තාපනෙට යන්න ඕනේ.

…………….
හරි මන් යන්ව මන් යන්නෙ අම්මි වෙනුවෙන් අම්මිව ඕන නිසා.මට අම්මිගෙ ෆෝන් එක මේ දැන්ම දෙන්න මගෙ පොන් එක අම්මි අරන් යන්න…

හා……

……………………………

ඊට අවුරුදු දෙකකට පස්සෙ දෙන්නම විවාහ උනා.හැබැයි දෙන්නට තමන්ගෙම කියලා කිටිකැටියෙක්ගෙ හුරතලේ බලන්න වාසනාව අහිමි වුනා සදුන්ගෙ පෙරවැරදි නිසා. ඒත් දෙන්නගෙ ආදරෙ ශක්තිමත්ව තිබුන නිසා තමන්ගෙ නොවුනත් ලමයෙක් හදාගෙන පිටරටකට ගිහින් ජීවිතේ ඉදිරියට ගෙනිච්චේ ආදරේ එක්ක…

 

නිමි.

 

කුෂි

Popular Articles