ආතදුම්බර පාලිස්පත්තුවේ බස්නාහිර කෝරළේ නාරම්පනාව නම් ග්‍රාමය පිහිටා ඇත. සංචාරක ආකර්ෂණය ඉතා වැඩි මේ සුන්දර ගම්මානය බොහෝ ජනප්‍රියයි. විමලරත්න කුමාරගම කිවිඳුන් ඉපදී ඇත්තේ මේ ගම්මානයෙයි. ඒ වගේම මේ ගම්මානය ගැන කියවුන කවි ද ඇත. කවියා පවසා ඇත්තේ,

නිතරම නිවෙස් උනුහුදු              වාසනාවට
කඳු වැටී වලින් මා දුටු ගම උනා            වට
මෙලෙසින් ඔබෙන් පිට පියවර      ගෙනාවට
මා උරුමයකි මගේ               නාරම්පනාවට

අති රමණිය මෙම නාරම්පනාව ගම්මානය සරුසාර කෙත්වතු අලංකාර කඳු පන්තීන් වලින් සමන්විතයි. ඉපැරණි බඹරගල රජමහා විහාරය පිහිටා ඇත්තේද මෙම නාරම්පනාව ගම්මානයෙයි.මේ බඹරගල රජමහා විහාරස්ථානය ක්‍රි : පු 2-3 සියවස් වලට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහ ලිපි ලේඛන ඇති පුරා රජමහා විහාරස්ථානයක් වුනාට කිර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලයේ තමයි මෙය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ. ඒ නිසා බොහොමයක් සිතුවම් ( චිත්‍ර ) විහාර කර්මාන්තය, සැතපෙන පිළිම වහන්ස සහ අනිත් පිළිම වහන්ස මේ සියල්ල කැටයම්, පිළිම, මුර්තින් මහනුවර යුගයේ ආභාෂය ගනී. මෙහි සිතුවම් සහිත ලෙන් 79ක් පිහිටලා තිබෙනවා.

ඒ වගේම මේ ගමනේ අතරමැද හම්බවෙන විශාලතම ගුහාවක් වන්නේ ඉන්ඩසාල ගුහාවයි. බුදුරජාණන් වහන්සේ සක්ක පඤ්හ සූත්‍රය දේශනා කර ඇත්තේ මේ ඉන්ඩසාල ගුහාවේ සිට සක්දෙවිඳුන් හට කියලා කියනවා. සමහරු කියනවා සක්ක පඤ්හ කියන්නේ ගෝත්‍රික නායකයෙක් කියලත්. කෙසේ වෙතත් මහා වංශයේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඉන්ඩසාල ගුහාවේ සිට සක්ක පඤ්හ සූත්‍රය දේශනා කල බවයි. එමෙන්ම මේ ගුහාවේ ද්විත්ව කටාරම් කොටා ඇත. වතුර බිඳක්වත් මේ ගුහාවට කාන්දු වන්නේ නැත්තේ මේ කටාරම් නිසාවෙනි. යටින් කටාරමක් සහ උඩින් තවත් කටාරම් ද ඇත. එහි සෙල් ලිපියක් ද වේ. එහි සඳහන් වන්නේ බඹරගල ප්‍රාදේශීය රජවරුන් ගැනයි.

මේ බඹරගල කන්දට නගිනවා කියන්නේ ලේසි පහසු කාර්‍යයක් නම් නෙවෙයි. ඉතා දුෂ්කර කටුක මාර්ගයකින් තමයි මේ කඳු වැටියට ය යුතු වන්නේ. බඹරගල කන්දෙහි එක් පැත්තකින් හුන්නස් falls, තව පැත්තකින් සෙම්බුවත්ත, තව පැත්තකින් නකල්ස් කඳු වැටිය, තව පැත්තකින් හුන්නස් ගිරිය සහ තවත් පැත්තකින් ලකේගල දැකගත හැකියි. මේ කඳු මුදුනේ සිට සතර දිශාවම බලාගත හැකියි. ගම විදිහට බැලුවොත් සෙනරත්ගල, තෙල්දෙණිය, බෑගල සහ තවත් බොහොමයක් ගම්මාන දැකිය හැකියි. මෙහි ඉහල සිට පහලට බලන විට පහලින් වික්ටෝරියා ජලාශයද දැක ගන්න පුළුවන්. හුළු ගඟ ද ගලාගෙන යන්නේ මේ ගම්මානය මැදින්..

ලංකාවේ සුන්දරම අති රමණිය සෞම්‍ය දේශගුණයක් ඇති පළාතක් වන මහනුවර දිස්ත්‍රිකයේ පිටා තිබෙන මෙම නාරම්පනාව ගම්මානය.. එන්න ඔබත් එහි සිරි අසිරිය විඳගන්න..

 

 

 

 

 

සුන්දර නාරම්පනාවේ සිරි අසිරිය විඳගමු

ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද

ද්වි විවාහය හෝ බහු විවාහය - දණ්ඩ නීති සංග්‍රහයේ 362 වගන්තිය වරක් විවාහ වී ඇති පුරුෂයකු හෝ කාන්තාවක තම විවාහය වලංගුව පවතිද්දී සහ තම නිත්‍යානුකුල...

කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන් කෙරෙහි බලපාන නීති

අපේ රටේ වර්තමාන සමස්ත ජනගහණයෙන් කාන්තා ප්‍රතිශතය 50% ද ඉක්මවයි. කාන්තා අධ්‍යාපනය සහ ශ්‍රම දායකත්වය ද සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු වී ඇත. නමුත්...

තරුණ දිනය දා බයිසිකල් පදින්නයි ඇවිදින්නයි කොළඹට මහ සෙනඟක්

ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් SDG Youth Network of Sri Lanka (SDGYNSL) මඟින් සංවිධානය කළ පාපැදි සවාරිය සහ පා ගමන පසුගිය 14 වැනි දින (2019...

ගෙදරදීම වට්ටක්කා පෝච්චියක පැල කරගමු

කඩෙන් එළවලු ගන්න ඔයාට රසායනික ද්‍රව්‍ය වලින් තොර ගෙදරදීම වට්ටක්කා පළකරගන්න ආකාරයයි අද අපි ඔබට කියලා දෙන්නේ?   https://youtu.be/ctsw279ITss    

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 3 කොටස

පවුල් (family planning) සංවිධාන ක්‍රම අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි...

    වැලන්ටයින් දිනයේ සැඟවුණු කතාව

  වර්තමාන වැලන්ටයින් දිනය සැමරීම සරල ලෙස පෙනෙන්නට තිබේ.පෙබරවාරි14 දින තම ආදරයවන්තයා හෝ ආදරවන්තිය අගය කිරීමට වැඩිපුර ආදරයක් පෙන්වීමට ගන්න දිනය ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇත.කෙසේ...

ස්වයං රැකියාවකට අලුත් අදහසක්

ස්වයං රැකියාවකට සිහින මවන කාන්තාවකට පහසුවෙන් නිරත විය හැකි රැකියාවකි මේ. පිසීම සඳහා හෝ කෑමට ගැනීම සඳහා එලවාලු , පලතුරු,කපා සකස් කර වෙළඳපොළට සැපයීම...

වියලි කාලගුණයෙත් සම රැකගන්න මෙහෙම කරන්න.

මේ කාලයේ අපේ රටේ හැම ප්‍රදේශයකම තියෙන්නේ අධික වියලි කාලගුණයක්. පරිසරයේ පවතින වියලි බවත්,වියලි සුළඟත් නිසා අපේ සම බොහොම ඉක්මනට වියළි බවට පත් වෙනවා....