අද බොහෝ පිරිසක් නරඹන ටෙලි නාට්‍යය බවට පත් වී ඇත්තේ ඔබත් මමත් ඇයත් ( obath mamath ayath ) ඉන්දියානු ටෙලි නාට්‍යයි. මායා මල්හෝත්‍රා කියන්නේ මේ දවස්වල වැඩිපුර අහන්න ලැබෙන නමක්. මායා ධනවත් තරුණියක්. විලාසිතා සඟරාවක අයිතිකාරියක්. නමුත් පුංචි කාලේ තාත්තා අතින් වෙච්ච අතවරයක් නිසා ඇය ඉන්නේ මානසික ආතතියකින්. ඒ තමයි Beyhadh ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වුනු මායා මල්හෝත්‍රාගේ කතාව. මේ කතාව අපිට බලන්න වෙන්නේ ඔබත් මමත් ඇයත් නමින්.

 

ඔබත් මමත් ඇයත් ( obath mamath ayath ) හි මායා මල්හෝත්‍රා කවුද ?

මේ කතාවේ මායා මල්හෝත්‍රා ට රඟපාන්නේ ජෙනිෆර් වින්ගට් කියන 32 හැවිරිදි ඉන්දියානු නිළිය. අපිට මිට කින් මායාව හම්බවෙලා තියෙනවා. මිට අවුරුදු පහළොවකට විතර කලින් අපි බලපු ජනප්‍රිය ඉන්දියානු සොප් ඔපෙරාවක් එහෙමත් නැත්නම් ෆැමිලි ඩ්‍රාමා එකක් තමයි ප්‍රවීනා කියන්නේ . මේ චරිතයේ ප්‍රධාන නිළිය වන ප්‍රවිනාට හිටිය “ස්නේහා” ලස්සන දුවෙක්. ඒ දුවට රංගනයෙන් දායක වුනේ මේ ජෙනිෆර් තමා. ස්නේහා චරිතය පුංචි කලේ ඉඳලා අවුරුදු 45ක් විතර වෙනකම් විහිදිලා තිබුනා.

 

ඔබත් මමත් ඇයත් ( obath mamath ayath ) හි මායා රඟ පෑමට එක්වුයේ කොයි කාලේ සිටද ?

ජෙනිෆර් “ස්නේහා”චරිතය රඟපාන පටන් ගන්නකොට ඒ කියන්නේ 1999 වසරේදී එයාගේ වයස අවුරුදු 14යි. ප්‍රවීනා කතාව සම්පුර්ණයෙන්ම රුගත කරලා ඉවර කරන්න අවුරුදු 4ක් විතර ගිහින් තියෙනවා. ඉතින් දඟකාර ස්නේහාගේ චරිතය රඟපාපු ජෙනිෆර්ට ඒ කාලයේ රඟපාන්න අවස්ථා බොහොමයක් ලැබිල තියෙනවා. හැබැයි ප්‍රවීනා නාට්‍යයේ රඟපෑම එයාගේ පලවෙනි රංගනය නම් නෙමෙයි. ජෙනිෆර් රඟපාන පටන් ගන්නකොට එයාගේ වයස යන්තම් අවුරුදු 7ක් වුනා විතරයි. 1993දී රුගත කරලා 1995දී තිරගත වුන් “අකෙලේ හම අකෙලේ තුම්” චිත්‍රපටියේ පුංචි සොනුගේ නංගි පුජාගේ චරිතය රඟපාල තියෙන්නෙත් ජෙනිෆෙර්. 2000 අවුරුද්දේ ප්‍රදර්ශනය වුන “රජ කො රානි සේ ප්‍යාර් හෝ ගයා” කියන චිත්‍රපටියේ පුංචි දඟකාර “තන්තු”ගේ චරිතයට රඟපාන්නෙත් ඇයයි.

2013 අවුරුද්දේ රුගත කෙරුණ “ලව් කියා ඕර් ලග ගයේ” කියන විනෝදාත්මක චිත්‍රපටියේ “රියා”කියන ප්‍රධාන චරිතයත් , 2013 අවුරුද්දෙම රුගත කෙරුණ “ලව් රීබුත් නහි හොති” චිත්‍රපටියේ ප්‍රධාන චරිතයත් ජෙනිෆෙර්ගේ රංගන දායකත්වයෙන් නිර්මාණය වුණා . මේ විදිහට ජෙනිෆෙර් චිත්‍රපටි දහයක,ටෙලි නාට්‍ය එකොළහක වගේම එකංග නාට්‍ය දහයක රඟපාල තියෙනවා. රංගන ජිවිතයේ ඇය ලැබූ සම්මාන ගණන පහළොවක්.

1985 වසරේදී මැයි මාසයේ මුම්බායේ තමයි ජෙනිෆෙර් ඉපදිලා තියෙන්නේ. පුංචි කාලයේදීම මෝස්‌තර නිරුපණයට යොමු වෙලා හිටපු නිසා ඇයට උසස් අධ්‍යාපනය ලබන්න වෙලා නැහැ. කොහොම වුනත් 2012 අවුරුද්දේ ආසියාවේ සරාගීම කාන්තාවන් කියන ලයිස්තුවේ 21 වන ස්ථානය ලැබිල තියෙන්නේ ජෙනිෆෙර්ට. 2012 වසරේ අප්‍රේල් මාසයේදී සිං ග්‍රෝවර් කියන රුපවාහිනී නළුවා එක්ක විවාහ වුන ජෙනිෆර් ඉන් අවුරුදු දෙකකට පසු ඔහුගෙන් වෙන් වෙනවා. දැන් ඔහු විවාහ වෙලා ඉන්නේ බොලිවුඩ් නිලි බිපාෂා බාසු සමඟයි. මේ වෙද්දීත් ජෙනිෆෙර් ඉන්නේ තනිවමයි.

මායා මල්හෝත්‍රා කියන්නේ ටිකක් නපුරු චරිතයක් වුනත් සැබෑ නම් හුඟක් කරුණාවන්ත සමාජශීලි කෙනෙක්. කොහොම වුනත් ළඟදීම මේ තනිකමෙන් මිදෙන්න බලන් ඉන්නවා කියලයි ඇය කියන්නේ.

 

obath mamath ayath

ඔබත් මමත් ඇයත් හි සුරූපී මායා

පිරිමිකමට ශාප කරන ගැහැනිය

මේ වාක්‍ය දැක්කාම ඔයාලට මොනාද මතක් වෙන්නේ? අනිවාර්යෙන්ම පිරිමියෙක්ගෙන් වරදක් වූන ගැහැනියක් නේද මතකෙට එන්නේ. අසම්මතයේ හැසිරෙන ගැහැනිය ගණිකාව යැයි කිව්වොත්.. එකී මෙකී නොකී...

කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි

ස්ත්‍රී දුෂණය ( Rape ) - දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය   * 1995 අංක 22, 1998 අංක 29, දරන පනත් මඟින් දණ්ඩ නීති සංග්‍රහයට කරන...

කැළැල් සහිත සමකට විසඳුමක්

ලස්සන වෙන්න අපි හැමෝම කැමතියි. දුර්වර්ණ වූ, කැළැල් සහිත සමක් තිබෙනවාට අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් එකට හොඳම විසඳුමක් තමයි අපි අද ඔයාලට කියල...

දූෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවරදිකරුවන් කරන මිත්‍යයා මත

විවිධ අපයෝජන, දුෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපයෝජනයක් වීමට හේතු හා බැදුනු විවිධ මිතය්‍යා මත සමාජය තුළ බහුලව පවතී. කැමැත්ත (consent), දුෂණයට ලක්වන පුද්ගලයා පිළිබදව හා...

ස්වභාව සෞන්දර්යයෙන් අනූන Heritance Kandalama

Heritance Kandalama යනු ශ්‍රීලංකාවේ ඉදි වූ  සුඛෝපබෝගී මෙන් ම දර්ශනීය හෝටලයකි . ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම  ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවාගේ අසමසම වූ හැකියාවේ  හා...

සෙම්ම්බු වත්තට යමුද

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සෙම්බුවත්ත (sembuwaththa)  ශ්‍රී ලංකා සංචාරක ( sri lanka tourism) කර්මාන්තය ඉහල නැංවීමට මහත් පිටිවහලක් වෙනවා මාතලේ ඇල්කඩුව වතුයායට අයත් මෙම...

සම්සුන් Galaxy Note X ලඟදීම

සැම්සුන් නෝට් 7 නිෂ්පාදනයේ ඇති වූ දෝෂ නිසා සැම්සුන් වෙළඳ පොළ කඩා වැටුණු විදිහට ලොව පුරා තාක්ෂණික විචාරකයින් කියා සිටියේ නැවත කුමන හේතුවක් නිසා...

මේ මගේ කතාවයි -07 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

ස්වයං රැකියාවකට අලුත් අදහසක්

ස්වයං රැකියාවකට සිහින මවන කාන්තාවකට පහසුවෙන් නිරත විය හැකි රැකියාවකි මේ. පිසීම සඳහා හෝ කෑමට ගැනීම සඳහා එලවාලු , පලතුරු,කපා සකස් කර වෙළඳපොළට සැපයීම...